Saturday, November 27, 2010
ලාංකීය සිතුවිලි සේවා ජාත්‍යන්තරයට
Saturday, November 6, 2010
ප්රහේළිකාව - නිවැරදිම සහෘදයා - නදීShani
අවසාන "නිවැරදිම සහෘදයා" තෝරා පත් කර ගැනීම බලාපොරොත්තු වූවාට වඩා තියුණු මුහුණුවරක් ගෙන තිබුණී. මන්ද යත්, තරඟ කරුවන් අතුරින් කිහිපදෙනෙකුම නිවැරදිව ප්‍රහේළිකා තුනම පුරවා ඇති බැවිනි, නමුත් අක්ෂර වින්‍යාසය මගින් වඩාත්ම "නිවැරදිම සහෘදයා" තෝරා ගැනීම සිදු කෙරින.
ඒ අනුව වඩාත්ම නිවැරදිම සහෘදයා බවට පත්වුයේ නදීShani සොයුරියයි. ඇයි සිංහල බ්ලොග් අඩවියක් නොලියන තැනැත්තියක් වීම මෙහි ඇති සුවිශේෂිත්වයයි.
එසේ තෝරා පත් කර ගන්නා "නිවැරදිම සහෘදයා" වෙත ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය වෙතින් අගනා තිළිණයක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව දන්වන්නේ හදපිරි සතුටිනි.
නිවැරදිම සහෘදයා බවට පත්වු ඔබට ලාංකීය සිතුවිලි අපෙන් සුබ පැතුම් මෙසේ සටහන් කරමු
Thursday, October 14, 2010
එන්න ප්‍රසිද්ධීයට අවසන් වටය

අවසන් වටය දැන් පැවැත්වේ. එන්න ප්‍රසිද්ධියට, ලාංකීය සිතුවිලි වර්ණ ගන්වන්න
ජන්දය දීමට මෙතනට ගොඩ වන්න
Saturday, September 11, 2010
එන්න ප්‍රසිද්ධියට
Saturday, August 14, 2010
"සිතුවිලි නිම්නය" - ලාංකීය සිතුවිලි සාහිත්‍ය අතිරේකයේ කල එළි දැක්ම.
නොයෙකුත් අරමුණු - මාතෘකා යටතේ, හෙළ බසින් ලියැවෙන බ්ලොග් සටහන් අතරේ, තම තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් කල-එළි දක්වනු පිණිස, බ්ලොග්කරණයේ නියැලෙන අතලොස්සක් වූ බ්ලොග්කරුවන් පිරිසක්ද දැකිය හැකියි. ඔවුන්ගේ නිර්මාණ වලට වැඩි පාඨක අවධානයක් ලබාදෙනු වස් ඇරඹි නවමු අංගයයි, ලාංකීය සිතුවිලි සාහිත්‍යය අතිරේකය.
මෙම අතිරේකය, සෑම සතියකම ඉරිදා දිනයේ පළවන අතර, එක් කලාපයක් පුරා සතියක් මුළුල්ලේ ම ප්‍රදර්ශනය කෙරේ. එය, ඔබ විසින් අප වෙත යොමු කරන නිර්මාණ වලින් සහ අප විසින් තෝරාගන්නා ඔබේ නිර්මාණ වලින් සමන්විත වනු ඇත.
ඔබ විසින් ප්‍රබන්ධ කෙරෙන ගද්‍ය, පද්‍ය නිර්මාණ මෙන්ම පරිවර්තන හා අනුවර්තන ද අතිරේකයේ පල කිරීමට සුදුසුකම් ලබයි. එසේම, නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කර තිබේ නම්, එය ඔබේ පුද්ගලික අත්දැකීමක් වුවද විය හැකියි. වැඩිපුර පාඨක ඇස නොගැටුනු නිර්මාණ කෙරෙහි මෙන්ම, පැරණි නිර්මාණ කෙරෙහිද වැඩි සැලකිල්ලක් දැක්වෙනු ඇති.
අතිරේකයේ පල කිරීමට තෝරාගනු ලබන්නේ, ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයට ඇතුලත් කර ඇති බ්ලොග් අඩවි වල පලවන නිර්මාණ පමණයි. නිර්මාණ යොමු කිරීම සඳහා "නිර්මාණ යොමුව" සබැඳියා හරහා ලැබෙන පෝරමය හෝ magazine@lankeeya.lk යන විද්‍යුත් ලිපිනය භාවිතා කළ හැකියි. (නිර්මාණ යොමු කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔබේ ලිපියේ වෙබ් ලිපිනය අපවෙත ලබා දීමයි.)
ඔබ, ඔබේ නිර්මාණය බ්ලොගයේ පළකල කාල වකවානුව පිළිබඳව කිසිදු ගැටළුවක් ඇති නොවේ.එනම්, ඉතා මෑතදී කල නිර්මාණ මෙන්ම බොහෝ කලකට පෙර පලකල නිර්මාණ ද ඉදිරිපත් කල හැකියි.
ඔබ වෙනුවෙන් විවෘත කර ඇති, අපගේ magazine@lankeeya.lk යන විද්යු ත් ලිපිනය ඔස්සේ ඔබ දක්වන අදහස් - උදහස්, යෝජනා - චෝදනා අනුව "සිතුවිලි නිම්නය" ඉදිරියේදී තව තවත් හැඩ වැඩ වෙනු ඇති.
ඉතින්, සිංහල බ්ලොග් අවකාශයේ පීදෙන - රන් සිතුවිලි අස්වැන්න, සීරුවෙන් නෙළා ගන්නටයි මේ සූදානම..!
Saturday, August 7, 2010
දින 180 ක ගමන
අන්තර්ජාලය හරහා හෙවත් සිංහල වියුණු හරහාම දැන හඳුනා ගත් හා කිසි දිනක හැබැහින් නොදුටු ලාංකීය සිතුවිලි මෙහෙයවන සහෘර්දයන් හත් දෙනෙකු සමග මෙන්ම විශේෂ අදහස් ඉදිරිපත් කරමින් සහයෝගයෙන් වැඩ කරන තවත් සහෘර්දයන් කිහිප දෙනෙකුගේද සහායෙන් මෙතුවක් කල් ඔබ හමුවට ආ අප දැන් පසුකරමින් සිටින්නේ මාස හයේ සීමාවයි. මේවන විට අප ඔබට විශේෂ පහසුකම් හා වෙනත් විනෝදය හා දැනුම ලබා දෙන වැඩ සටහන් කිහිපයක් හඳුන්වා දී ඇත.
මෙසේ පෙළ ගස්වමු.
පහසුකම්
1.පටස්
ලිපියක් ලියා බොහෝ වෙලාවක් බලා නොසිට, ලිපිය ලියූමොහොතේම එම ලිපිය ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කරගත හැකි ක්‍රමවේදයක් ලෙස මෙය සැකසී ඇත.
2.ඊලඟ මෙහෙයුම් කාලය
ලාංකීය සිතුවිලි ලිපි සොයා කරනු ලබන ඊලඟ මෙහෙයුම කරන වේලාව ඔබගේ දැන ගැනීම පිණිස දක්වා ඇත
3.ලිපි වර්ග කිරීම
මාස හයක් ඉකුත්ව යෑම ඉලක්ක කොට අලුතෙන් හඳුන්වා දුන් මෙම ක්‍රමය මගින් ඔබගේ සම්පුර්ණ වියුණුවම එක් වර්ගයට අතුලත් කර, ලියන විවිධාකාර වු ලිපි වලට අසාධාරණයක් නොකර අදලා ලිපිය පමණක් වර්ග කල හැකි පරිදි නවමු වැඩපිළිවෙලක් සකසා ඇත. මෙම ක්‍රමය කිසි විටෙකත් ඔබගේ ලිපිය මුල් පිටුවෙන් අයින් කර නොදමයි. මුල් පිටුවේ මෙන්ම අදාල වර්ගයේද එම ලිපිය පෙන්වයි. එනම් ලාංකීය සිතුවිලි තුල ස්ථාන දෙකක ඔබගේ එකම ලිපිය ගෙන හැර දක්වයි.
4.පරණ ලිපි
මුල් පිටුවේ දිග හැරෙන සෑම ලිපියක් සමගම බැඳි ඇති “පරණ ලිපි” යන බැඳිය එම අදාල වියුණුවේම පල කරන ලද පරණ ලිපි තුනක් එසැනින් ගෙන හැර දක්වයි.
5.අදහස්
මෙය හඳුන්වා දීමේ අරමුණ වුයේ, බොහෝ දෙනකු බැලීමට යන්නේ මුල්පිටුවේ ඉහළින් ඇති ලිපි පමණකි. එබැවින් යම් විදිහකින් වටිනා ලිපියක් පහළට වන්නට තිබුණු විට එය ඇස නොගැටී මග හැරී යනු ඇත. එය යම් දුරකට හෝ වලක්වා ලීමේ අරමුණින් අදහස් ඇති යන දකුණු ඉහළ කෙලවර නව කලාපය හඳුන්වා දී ඇත. අදහස් දැක්වීමට ඔබ ලාංකීය සිතුවිලි හි සාඩම්බර සාමාජීකයෙකු විය යුතුමය.
[ නිදහස් අදහස් දැක්වීම නතර කරන ලද්දේ සිංහල භාෂාවේ ඇති බොහෝ අසභ්‍ය වචන ලයිස්තු ගත කර ගැනීමෙන් අනතුරුවය. එහෙයින් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අසභ්‍ය වචන දෑමු සිංහල බ්ලොග් පාඨක ඔබටත් අපගේ ආචාරය නිතැතින්ම හිමිවෙයි.]
6.මුහුණු
ලාංකීය සිතුවිලි සාඩම්බර සාමාජීකයෙකු වන ඔබ http://lankeeya.lk/ තුලට අතුලුවිමෙන් [ Log ] අනතුරුව http://syndi.lankeeya.lk/ මගින් ලිපි බැලීමේදි ඔබගේ මුහුණ එම ලිපියට අදාලව පහළින් දක්වයි. මෙම ක්රමයේ අරමුණ වුයේ එම ලිපි බැලු පාඨකයාගේ අඩවිය සඳහා යම් කිසි ප්‍රචාරයක් ලබාදිමයි. පසුගිය දින කිහිපයයේ කරන ලද විශ්ලේෂණයන්ට අනුව බොහෝ දෙනෙකු මෙම “මුහුණු” යන බැඳිය හරහා ලිපිය බැලු පඨකයාගේ වියුණු අඩවියට ගොස් ඇත. ලිපිය ලියු අඩවයට පමණක් නොව එය බැලු පාඨකයාගේ අඩවියටත් යම් කිසි ප්‍රචාරයක් ලබා දීම අපගේ යුතුකම්ක් ලෙස සැලකුවෙමු.
විනෝදය හා දැනුම
7.ප්‍රහේලිකාව
ලාංකීය සිතුවිලි සාඩම්බර සාමාජීකයෙකු වන ඔබ http://lankeeya.lk/ තුලට අතුලුවිමෙන් [ Log ] අනතුරුව http://puzzle.lankeeya.lk/ අඩවියට ගොඩ වූ වට ඔබගේ දැනුම හා විනෝදය සඳහා වු මෙම ප්රහේළිකාව පිරවිය හැක. කොටස් වශයෙන්ද පිරවිමේ හා නැවත නැවත සකස් කීරිමේ පහසුකම් සලසා ඇත. සෑම මසකම දෙවරක් ඉදරිපත් කරීමට දැනට සැලසුම් කර ඇත. තව විස්තර ඉදිරි දිනයකදී බලාපොරොත්තු වන්න.
වෙනත්
ලාංකීය සිතුවිලි තුලට ඔබ අතුලු [login] වූ පසු, අපගේ අඩවි සියල්ලටම ඒ අතුලව[login] හරහා ගමන් කල හැක. එනම් ඔබ http://lankeeya.lk/ හරහා අතුලු වුව හොත්, http://syndi.lankeeya.lk/ හා http://puzzle.lankeeya.lk/ හිද ඔබේ අතුලුව සර්තකව භාවිත කල හැක. ඒ බව දැක්වීමට දකුණු පස උඩ කෙළවරේ ඔබගේ මුහුණ දිස්වනු ඇත.
ඉහත සඳහන් කල කරුනු වලට අමතරව යම් කිසි අයෙකුට විශ්ලේශනාත්මක ලෙස සිංහල බ්ලොග්කරණය පිළිබද දළ අදහසක් ගැනීමට http://lankeeya.lk/ හි ප්‍රස්ථාර හා ලැයිස්තු ගත කීරිමෙන් තොරතුරු ඉදිරිපත් කර ඇත.
නිවේදනයයි !
http://blog.inetlanka.com සබැඳියෙන් ඔබ වෙත පිවිසුනු අපි, ලාංකීය හදවතට වඩාත් ලඟින් දැනෙන http://lankeeya.lk සබැඳියෙන් සේවා සැපයීමට දැන් උත්සුක වී ඇති අතර පැරණි සබැඳිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ලාංකීය සිතුවිලි පරිපාලනය තීරණය කර ඇත. එහෙයින් ඔබ දැනට අප හා සම්බන්ද වීමට යොදා ඇති පෝෂක (feed) හා සබැඳි (links) යාවත්කාලීන කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
Thursday, July 29, 2010
ප්‍රහේලිකාව පිරවීම
පියවර වශයෙන් ගත් කල පහත අයුරු වේ.
1. ප්‍රථමයෙන් ලාංකිය සිතුවිලි නව වෙබ් අඩවිය වන http://lankeeya.lk/ වෙත පිවිසෙන්න.
2. එහි දී ඔබ පෙර මෙහි ලියාපදිංචි වූවකු නම් ඉහළ දකුණු කෙලෙවරෙහි දී ඇති ස්ථානයේ අවැසි දත්ත සටහන් කොට ලොග් වන්න. ඔබට ඔබගේ මුරපදය අමතක වූයේ නම් ‘අමතක අය’ යන සබැඳිය භාවිතා කරන්න. එසේ නොමැති නම් ‘අලුත් අය’ යන සබැඳිය ඔස්සේ ගොස් ඔබගේ විද්‍යුත් ලිපිනය සහ කැමති මුරපදයක් භාවිතා කොට ලියාපදිංචි වන්න. ඔබ බ්ලොග් අඩවියක හිමිකරුවෙකු නම්, මේ සඳහා ඔබ ඔබගේ බ්ලොග් අඩවිය ලාංකිය සිතුවිලි හී ලියාපදිංචි කිරීමේදි භාවිතා කරන්නට යෙදුනු විද්යු ත් ලිපිනය භාවිතා කිරීම මැනවි.
3. එවේලෙහිම ඔබට ලාංකිය සිතුවිලි වෙතින් Lankeeya Account Details නමින් විද්‍යුත් ලිපියක් ලැබෙනු ඇත. එහි දී ඔබගේ මුරපදය සමග ලියාපදංචිය සනිටුහන් කරනු පිනිස සබැඳියක් එවනු ඇත. එම සබැඳිය ක්ලික් කිරීම මගින් ඔබේ ලියාපදිංචිය සම්පූර්ණ වේ.
4. දැන් ඔබ ලාංකීය සිතුවිලි වෙබ් අඩවියේ සාඩම්බර සාමාජිකයෙකි. එබැවින් ඔබට අවැසි අවස්ථාවන්හිදී http://lankeeya.lk/ ට ලොග් විය හැක.
5. මෙසේ ලොග් වූ විට, ලියාපදංචිය සඳහා ඔබ විසින් භාවිතා කරන්නට යෙදුනු විද්‍යුත් ලිපිනය හා බැඳි, ඔබගේ බ්ලොග් අඩවි සියල්ල දිස් වෙයි. එයට අමතරව පටස් පහසුකමට මෙහි සලසා ඇත. මෙහි දී ඔබට කැමති පිංතූරයක් දිස්වීමට සැලැස්විය හැක. ඒ සඳහා දැනට දිස්වන ‘ලා’ අකුර රැගත් ලාංකීය සිතුවිලි හී ලාංඡනයට යටින් ඇති ‘වෙනස් කරමි’ යන සබැඳිය භාවිතා කරන්න.
6. ප්‍රහේලිකාව පිරවීම අරඹන්නට මෙහි දී ඇති ප්‍රහේලිකා සබැඳිය මත ක්ලික් කරන්න.
7. ප්‍රහේලිකාවේ ඔබ කැමති ප්‍රමාණයක් පුරවා, ‘මාත් පිරෙව්වා’ යන්න ක්ලික් කිරීම මගින් එය සේව් කර තැබිය හැක. යම් ප්‍රමාණයක් පුරවා පසුව ඉතිරිය පිරවීම සඳහා මෙසේ සේව් කර තැබිය හැකි අතර සම්පූර්ණයයෙන් පුරවන්නට යෙදුනු ඔබගේ ප්‍රහේලිකාවේ නිරවද්යයතාව එළඹෙන සිකුරාදා දිනයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
බොහොම දෙනෙක් ප්‍රහේලිකාව පුරවන්නට උත්සහ දැරීම අපට සතුටට කරුණකි. ඒ අතරින් කිහිප දෙනෙකුම ඉතාමත් නිවැරදි අයුරින් ප්‍රහේලිකාව පුරවා ඇති අතර අනෙකුත් බොහොම දෙනෙකුට වැරදි ඇත්තේ අකුරක් දෙකක් පමණි. මෙය ප්‍රථම අවස්ථාව නිසා තරමක පහසු ප්‍රහේලිකාවක් ඉදිරිපත් කළෙමු. ඉදිරියට මෙයට වඩා සිතා බලා පිරවිය යුතු ප්රහේලිකාවන් පියවරෙන් පියවර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
ප්‍රහේලිකාව පිරවීමට නම් ලාංකීය සිතුවිලි වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි. එසේ ලියා පදිංචි වීමෙන් අනතුරුව ඔබගේ අනන්‍යතාව දැක්වෙන ලෙසින් නම මෙන්ම පිංතූරයක්ද එකතු කර ගැනීම අත්‍යවශ්‍යය කරුණක් වනුයේ එසේ නොවුනහොත් ඔබද දිස් වන්නේ ලාංකිය සිතුවිලි ලාංඡනය යටතේ ලාංකීය සිතුවිලි යන නාමයෙන් වන නිසාය. එවිට නිවැරදිව ප්‍රහේලිකාව පිරවූ ඔබව පැහැදිලිව හඳුනා ගැනීමට අන් අයට නොහැකි වනු ඇත.
Tuesday, July 27, 2010
මිනිසත් කමක් නොහඳුනනා කුරිරු ලොවේ..මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ..
Sunday, July 25, 2010
ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය දියත්වූ වගයි
ලාංකීය සිතුවිලි නව වෙබ් අඩවිය දියත් කර ඇති බව ඔබට දන්වා සිටින්නේ හද පිරි සතුටිනි.
http://lankeeya.lk/
http://syndi.lankeeya.lk/ වෙත පිවිසීමෙන් ඔබට බ්ලොග් කියවනය භාවිතා කල හැක.
http://lankeeya.lk/ තුලින් ඔබට වඩාත් පහසුවෙන් ලාංකීය සිතුවිලි හා සම්බන්ධව කටයුතු කිරීමට ඉඩකඩ සකස් කිරීම අපගේ බලාපොරොත්තුව වන අතර, මේ එම උත්සාහය මල්ඵල ගැන්වීමේ එක් සන්ධිස්ථානයක් ලෙස අපි සලකමු.
අපගේ නව අඩවියෙන් ඔබට පහත සඳහන් සේවාවන් ලබාගත හැක
Monday, July 19, 2010
වෙනසක් සමග නැවුම් අත්දැකීමක් ලඟදීම
Thursday, June 24, 2010
ලාංකීය සිතුවිලි තාවකාලිකව අක්‍රීය කල අඩවි
Monday, June 21, 2010
පහත බ්ලොග් සියල්ල පටස් අක්‍රීය කීරීමට ලක් කරනු ලැබේ
Sunday, June 13, 2010
බ්ලොග් අඩවි ක්‍රියාවිරහිත කීරිම
නැවත ලාංකීය සිතුවිලි වලට ඇතුලත් කරන්නේ කෙසේද?
ක්‍රීයාවිරහිත කල අඩවියක් නැවත ලාංකීය සිතුවිලි වලට ඇතුලත් කීරිමට ඔබ කලයුත්තේ අලුත් ලිපියක් ලියා පටස් කීරිම පමණි. එවිට නැවතත් සමාන්‍ය අඩවියක් ලෙස ලාංකීය සිතුවිලි මෙහෙයුම් වලට ඔබ අඩවිය, ස්වයංක්‍රීයවම එක් වනු ඇත.
මේ පිළිබඳව යම් කිසි ගැටුලවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න lankeeyasithuwili@gmail.com
Monday, May 17, 2010
ලාංකීය සිතුවිලි කවිමඩුවෙහි සමාප්තිය.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකීය සිතුවිලි මගින් සංවිධානය කෙරුනා වූ කවි මඩුව ඉතාම සාර්ථකව නිමා කර ගැනීමට නන් අයුරින් සහයෝගය දැක්වූ සියළු සහෘදයන්ට, ලාංකීය සිතුවිලි කණ්ඩායම ස්තුති පුද කරමු. ගීත්ගේ අදහසක් ක්‍රියාවට නංවමින් කවි හිතකාමී ඔබ සැම එක් කීරිමට ලැබීම පිලිබඳ අප කණ්ඩායමක් ලෙස බොහෝ සතුටු වන්නෙමු.
තාක්ෂණික ක්‍රම හා වෙනත් බොහෝ දැ තිබුණත් කවිමඩුවේ සාර්ථකත්වය රඳාපවතිනුයේ එයට සහභාගීවන්නන් මත බව ලාංකීය සිතුවිලි හොඳාකාරවම දන්නෙමු. එබැවින් ඒ සඳහා ලියාපදිංචි වු ,කවි ලිවිමෙන් සහායෝගය දැක්වු හා දැක ගැනීමට පැමිණි සියල්ලන්ට ස්තුතිය පුදකරන්නෙමු
නැවත වරක් මෙවැනිම කවි මඩුවකින් හමු වීමට තිර අදිටන ඇතිව සහබාගී වු ඔබ සැමට ලාංකීය සිතුවිලිහි අචාරය මෙසේ පුද කරන්නෙමු.
Friday, May 14, 2010
ලාංකීය සිතුවිලි කවිමඩුව
කවිමඩුව නැරඹීමට මෙතනින් යන්න.

Thursday, May 13, 2010
කවි මඩුව අදයි - ආරාධනය ඔබටයි
ආරාධනාවයි
අන්තර්ජාල කවි මඩුව අද උදෑසන 8.30 ට
චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින්
පොල්තෙල් පහන දැල්වීමෙන්
අරම්භකෙරේ
එම සුබ කටයුත්තට පහන් සිලක් දැල්විමට ඔබට කෙරෙන
සුහද ආරාධනයයි මේ
විශේෂ දැනුම් දීම්
1. අද උදැසන 8.30 සිට කවිමඩුව විවෘතව පවතියි
2. කවිමඩුව සඳහා firefox හෝ crome බ්‍රව්සර් යොදාගන්නේ නම් මැනවි
3. මුල් කටයුත්ත පොල්තෙල් පහන දැල්වීමයි
4. ඉන් අනතුරුව දිනකට එක් මතෘකාවක් හෝ දෙකක් බැගින් අවස්තානුකූලව මාතෘකා සපයනු ඇත
5. මඩුව පැවැත්වෙන ස්තානය http://kavimaduwa.lankeeya.lk/
Wednesday, May 12, 2010
කවි මඩුව හෙටයි - ආරාධනය ඔබටයි
ආරාධනාවයි
අන්තර්ජාල කවි මඩුව හෙට උදෑසන 8.30 ට
චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින්
පොල්තෙල් පහන දැල්වීමෙන්
අරම්භකෙරේ
එම සුබ කටයුත්තට පහන් සිලක් දැල්විමට ඔබට කෙරෙන
සුහද ආරාධනයයි මේ
විශේෂ දැනුම් දීම්
1. හෙට උදැසන 8.30 සිට කවිමඩුව විවෘතව පවතියි
2. කවිමඩුව සඳහා firefox හෝ crome බ්‍රව්සර් යොදාගන්නේ නම් මැනවි
3. මුල් කටයුත්ත පොල්තෙල් පහන දැල්වීමයි
4. ඉන් අනතුරුව දිනකට එක් මතෘකාවක් හෝ දෙකක් බැගින් අවස්තානුකූලව මාතෘකා සපයනු ඇත
5. මඩුව පැවැත්වෙන ස්තානය http://kavimaduwa.lankeeya.lk/
--
___________
ලාංකීය සිතුවිලි
___________
Sunday, May 9, 2010
කඩපලේ කතාවක්
සිරිපාල
මුදලාලි මටත් දෙන්න
අඩු සීනී ප්ලේන්ටියක්
ඇඹුල් කෙහෙල් ඉදිලා මදී
මාළු පාන් නැතිද ආවේ
කඩේ මුදලාලි
ඊයේ නොවැ කැන කැපුවේ
හෙට වෙනකොට ඉදෙයි ඕක
මාළු පාන් නැතිය තාම
කනවානම් කිඹුලා බනිස්
සිරිපාල
බං මහතුවො දන්නවාද
ඊයේ වෑන් එකක් ගියා
කවි මඩුවක් ගැන විස්තර
යකඩ කටින් කියා ගියා
මහතුන්
කවි මඩුවක් ගැන විස්තර
ඈ බං බොට සිහි විකල්ද
ඒවා තිබුනේ ඒ කාලේ
දැන් නැහැ බොල ඒ තාලේ
සිරිපාල
නැහැ මහතුවො සිරා වැඩක්
කවි වාදලු එතන ඇත්තේ
කවි කිවිදියෝ වලි පිට වලි
බලා ඉන්න අපිටලු ජොලි
ටිකිරා
අපේ ආතත් කියා තිබුනා
කවි මඩු ගැන ඒ කාලේ
ඒ උනාට අපිට කොයිද
ඒ වාදන මේ කාලේ
මහතුවා
ඈ බං ඒ හැබෑවක්ද
මොකද්ද බොල ඒ හරුපේ
මට නම් නැහැ වැටහෙන්නේ
අනේ සිරියෝ කියාදියං
සිරිපාල
ලාංකීය සිතුවිල බං
මෙහෙය වන්නේ මේ විගඩං
සයිබර් අවකාශය තුල
on line ලු වැඩේ වෙන්නේ
කඩේ මුදලාලි
අතන මෙතන කසු කුසු ගෑ
කවි කිවිදියෝ එකතු කරන්
අමුතුම තාලේ වැඩක් ලු
මේ කොල්ලන් කරන්නේ දැන්
ටිකිරා
අම්මපා බං හැබෑමනන්
අපි කෝමද ගොඩවෙන්නේ
අපිටත් කවියක් කියන්න
බැරි වද චාන්ස් එකක් ගන්න
සිරිපාල
මොකෑ බොලන් බැරිය අපට
ඒකනේ උන් කියා ගියේ
කවි කියන්න කවි අහන්න
ඕන එකෙක් වරෙව් කියා
මහතුවා
මට නම් බෑ කවි කියන්න
ඒත් බැරිය නිකල් ඉන්න
හූ කියලා චියර් කරලා
බැරිද අපිට සහාය වෙන්න
සිරිපාල
ඕන දෙයක් ඔට්ටුලු බං
13 වෙනිදලු පටන් ගන්නේ
16 වෙනිදා වෙනකන්
ඕන තරම් කවි කියන්න
කඩේ මුදලාලි
අළුත් වැඩක් නිසා වෙන්නේ
බලමු අපිත් ඔළුව දාලා
මොනා උනත් අපේ කමට
අපේ දේවල් රැකගන්නට
ටිකිරා
කථාව පිට හොර ගෙඩියා
කැපුවා නේද මගේ ඉත්තා
අනේ අම්මපා මෙහෙමත් හොරු
බලහන් සිරි මේ උලමා
සිරිපාල
අනේ මන්ද උබලගේ වැඩ
මං හාමිනේ යනවා ඔන්න
එහෙනම් හැමෝම එනවා හොදයි
කවි මඩුවෙදි හමුවන්නට
මහතුවා
අපි නෑවිත් කෝමෙයි බං
අපි සේරමත් එනවා ඔන්න
දන්න කියන හැමෝටමත්
මේ විසතරේ කියනවා මං
මෙම මස 13 වන දින සිට 16 වන දින දක්වා ලාංකීය සිතුවිලි මෙහෙයවන කවි මඩුව මෙම් ස්තානයේදි පැවැත්වෙනු ඇත
පද ගැලපුම ගිත්
Tuesday, May 4, 2010
කරුණාවෙන් සවන් දෙන්න
මේ ඔබ අමතන්නේ....ලාං
කවි හිතකාමි ඔබ වෙනුවෙන්ම ලාංකීය සිතිවිලි සංවිධානය කරනු ලබන මෙම වේදිකාව ඕනෑම කෙනෙකුට විවෘත අතර කවි කියන්නන්ටද කවි රසවිදින්නන්ට මෙන්ම හු කියා මඩ ගසා චියර් එක දිය හැකි කොලු කුරුට්ටන්ටද ලාංකීය සිතිවිලි කවි මඩු සංවිධායක මන්ඩලය ඉතාම ලෙන්ගතුව ආරාධනා කර සිටිනු ලබයි. එමෙන්ම කවි කීම සදහා මඩුවට ඇතුළු වන්නනගේ නම් දැනට සංවිධායක කමිටුවේ ප්‍රධාන කාර්යාලයේදි ලියාපදිංවි කරගන්නා අතර ඒ සදහා කිසිම අයකිරීමක් නොමැති බවත් දවසේ ඕනැම වේලාවකදී ලියාපදිංචි විය හැකි බවත් දන්වා සිටිනු කැමැත්තෙමු. 2010. 05.11 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති අතර නොපමාව ඔබගේ පැමිණිම සනාත කර ලියාපදිංචි වී කවි මඩු සංවිධායක කමිටුවට සහාය දක්වන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමු.
තවද මෙම ඓතිහාසික සයිබර් කවිමඩුව පිළිබදව අන් අයද දැනුවත් කර කවි මඩුවේ මුලික ප්රචාරක වැඩසටහනට සහය දීමක් ලෙසින් කවි මඩුවේ ධජයක් ඔබ වාසස්ථානයේ ඉහලම ස්ථානයක පෙනෙන්නට සලසවන තරමට කාරුණිකව වන ලෙසින් සංවිධායක කමිටුව දයාබරව ඉල්ලා සිටිනු ලබයි.
ස්තුති.....
දොඩන් රස රසය කෑමටා....හු....
ගිත්
Saturday, May 1, 2010
කවි කමට කවි මඩුවක්
මෙහි මුල්ම අදහස ඉදිරිපත් කරන ලද්දේ ගීත් සහෝදරයා විසිනි. ඔහුගේ අදහසට ඉඩක් දෙමින් ලාංකීය සිතුවිලි මෙම කවි මඩුව අන්තර්ජාල අවකාශය තුල මෙසේ ඉදිකිරිමට සැරසෙයි. කවි ලිවිමට අති හැකි මෙන්ම කවි රසවිදිය හැකි ඔබට මේ සඳහා ඉදිරිපත් විය හැක. හුදෙක් සංවාදශිලීව ගොඩ නැගී ඉදිරියට ඇදෙමන් යන මෙහි, බොහෝ රසමුසු, හාස්‍ය , අපහාස , උපහාස හෝ බහුශ්‍රැත තැන් දැකීමට හැකි වනු ඇත. තවද ඔබට මේ සඳහා දිරි ගැන්විම් මඩ ගැසීම් හෝ වතුර ගැසීම් යන කාර්යයන්ගෙන්ද එක්විය හැක.
ඔබ කුමක් කල යුතුද?
1 ඔබ කවිමඩුවට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්. මෙම බැදියට ගොඩවී ලියාපදිංචිවන්න.මෙපරිදි ලියාපදිංචිය අනිවාර්යය කර ඇත්තේ ඔබේ අනන්‍යතාවය වෙනත් පුද්ගලයින් විසින් ලබාගැනීම වැලැක් වීම සදහාය. තවද ඔබ ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කර ඇති බ්ලොග් එකක අයිති කරුවෙකුගේ නමකින් ලියාපදිංචි වන්නේ නම් ඉහත බැදියේ, එම බ්ලොගය ඇතුලත් කල මේල් ලිපිනයම සදහන් කරන්න. ලියාපදිංචි වන සැමට තහවුරුකරගැනීමේ පනිවිඩයක් එවනවා ඇත.
2 ලියා පදිංච්යේදී වඩා අකාර්ෂණය දිනා ගත හැකි මාතෘකාවක් හෝ දෙකක් දැම්මට අමතක නොකරන්න.
3. කවි මඩුවේ වෙදිකාව පුරුදු වීම සඳහා එය පැවැත්වීමට දින කිහිපයකට පෙර ඔබට වේදිකා ගත වී එහි පුර්ව පුහුණුවීම් කිරිමට ඉඩ දෙනු ලැබේ.
4.ඔනැම අයකුට වතුර ගැසීම මඩ ගැසීම හෝ දිරිමත් කීරිමට වෙනම ප්‍රේක්ෂාකාගාරයක් ඉදිකර ඇත. මේ සඳහා ලියාපදිංච්යක් අනවශයයි.
කවිමඩුවට සහායක් වශයෙන් හැකිනම් පහත බැනරය ඔබ අඩවියට එක් කරගන්න.
<a href='http://blog.inetlanka.com/kavi_maduwa.php' title='කවි මඩුව'><img height="253" width="175" alt="" src="http://blog.inetlanka.com/banner/Kavi_Maduwa_02.png"></a>

පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ
Sunday, April 25, 2010
ලාංකීය සිතුවිලි - මැරතන් - පටන් ගැන්මේ බාදා
මුලීකත්වය දිය යුතුම කරුණ වන්නේ චතුරංග විසින් කිසිදු හානියක් ලාංකීය සිතුවිලි වලට කර නැති බවය. එම නිසා ඒගැන වැඩිදුර කතා කීරිම අවැසි නොවෙයි.
කරුණු පැහැදිලි කිරිම 01
සමගාමී විකාශයට කල ඉල්ලීම
මේ සඳහා අපි සිංහල බ්ලොග් කරුවන්ගේ සන්සදයේ නිල බ්ලොග් අඩවිය ඇතලත් කල වි ලිපිනය සොයා බැලුවෙමු. එහිදි දක්නට ලැබුනේ එය කාලංග සහෝදරයාගේ පුද්ගලික වි ලිපිනය බවයි. නිල අඩවියක් සඳහා පුද්ගලික ලිපියක් ඇති බැවින්, එය පුද්ගලිකවම කටයුතු කල යුතු කාරණවක් නිසා. එයට වැප් සහෝදරයා පුද්ගලික වි ලිපියක් යවන ලදී. හා එහිදි අප විමසා සිටියේ "මේ සඳහා ඔබ සන්සදයේ අවසරය කෙසේ වනු ඇතිද?" යන්නයි. එම ලිපියට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් කාලිංග සහෝදරයා පවසා සිටියේ. එය කල හැකි බවයි.
කරුණු පැහැදිලි කිරිම 02
RSS ලබාදීම
මාර්තු 27 වන දින යැවු වි ලපියේ එකඟ වු කරුණු අනුව, ලාංකීය සිතුවිලි මැරතන් සඳහා විශේෂ ප්‍රචාරයක් ලබා දුනි. එහිම දිගුවක් ලෙස නැවතත් වි ලිපියක් අප්‍රේල් මස 23 දා යවනු ලැබුවේ, RSS එදින හෝ මැරතන් ඉසව්ව යෙදී තිබු දින උදැසන දෙන මෙන් සඳහන් කරමිනි. ඔය අතර තුර චතුරංග සහෝදරයා විසින්, කාලිංග වෙත කෙටි පණිවුඩයක් ද යවා උක්ත කාරනය මතක් කර දී ඇත. සියලුම දැනුම් දීම් වලට පිළිතුරු ලැබ්නේනේ මැරතන් පටන් ගැනීමට ආසන්නයේ, හෙවත් අප්‍රේල් මස 24 දින රාත්‍රි 7.55 පසු විමෙනි. වගකිව යුතු පුද්ගලයන් ලෙස සලකා ශාකුන්තල හා ඉන්ද්‍රනාමට යන සොයුරුන් දෙදෙනාට තරිදු සොයුරා විසින් යැවු ටුවිටර් පණිවිඩයටද කිසිඳු පිළිතුරක් නොලැබිණි.
කරුණු පැහැදිලි කිරිම 03
ලාංකීය සිතුවිල ලක් වු අපහසු තාවය
විකාශන කටයුත සඳහා වෙනම පිටුවක් සකසා, හවස 7.30 වන තුරු බලා සිටි ලාංකීය සිතුවිලි කණ්ඩායම, මැරතන් අඩවි නැති, හෙවත් මැරතන් දුවන්නන් නැති විකාශයක් පවත්වාගෙන යා නොහැකි නිසාවෙන්ම. හා ඊට මුලින් අප දුන් ප්‍රතිචාරය ලාංකීය සිතුවිලි වෙත පැමිණෙන්නන් රැවටීමක්මක් නිසාත්,මැරතන් දුවන අඩවි එකිනෙක සොයා බලමින්, ලාංකිය සිතුවිලි විශේෂ මැරතන් විකාශයට එක් කීරීමට පටන් ගත්තෙමු.
කරුණු පැහැදිලි කිරිම 04
පැමිණෙන පිරිස වැඩ කරගැනීම
ලාංකීය සිතුවිලි සංසදයක් නොවන බව ඉතා පැහැදිලිම කිවයුතුමය. තවද ලාංකීය සිතුවිලි සඳහා පැමිණෙන පිරිස මත එහි ඉදිරි ගම තීරණ වන බව හොඳාකාරව දන්නෙමු. එයට ලැබෙන ප්‍රතිචාර නැතිව ගිය දිනක කිසිඳු අයාසයකින් තොරව එය වැසී යනු ඇත.
කරුණු පැහැදිලි කිරිම 05
මැරතන් යෝජනාව
SBU ඇඩ්මින්වරු විසින් හිතාමතාම අමතක කරන කාරණාවක් නම් මාර්තු 18 වන දින සංගමයේ ගූගල් සමූහයට විද්‍යුත් ලිපියක් එවමින් චතුරංග රූපසිංහ මෙම මැරතන් තරඟය පිලිබඳ යෝජනාව ඉදිරිපත් කල බවයි. අපට අවශ්‍ය වන්නේ ඔවුන් කියනා ආකාරයට "SBU එකට කෙලවීමට" නම් එය අපට අපි විසින් සංවිධානය කල හැකිව තිබිණි. යම් හෙයකින් එය එසේ වූවානම් ලාංකීය සිතුවිලි අද මේ ඉසව්ව සඳහා දුන් දායකත්වය SBU ඇඩ්මින්වරුන්ගෙන් ලැබේදැයි සලකා බැලීම වටී. කිසිම වෙලාවකදී ලාංකීය සිතුවිලි ගැන සඳහනක් නොකිරීම ඔවුන්ගේ "මනුස්සකම" පෙන්වන ඉතා අගනා සාධකයකි.
කාර්ය බහුලත්වය
SBU ඇඩ්මින් වරුන්ගේ බොහොම ජනප්‍රිය වචනයක් වන කාර්ය බහුලත්වය මෙහිදීද එලියට ඇදී ඇති ආකාරය පෙනී යයි. සමහර විට ඔවුන් නොදන්නා කාරණයක් විය හැක්කේ ඔවුන් හැරෙන්නට අනෙක් මනුශ්යයෝද කාර්ය බහුල විය හැකි බවයි. වෙනස නම් හැම දෙනාම එය නිදහසට කාරණයක් බවට පත් කර නොගැනීමයි. අනෙක ගූගල් ලිපිගොනුවක් ලබා දීම ඔතරම් වෙහෙසකර වන්නේ කෙසේද යන්න අපට ගැටලුවකි. අනෙක් කාරණාව නම් කාලිංග සොයුරු හැර අනික් සියල්ලන් මේ බව නොදැන සිටියාද? නො එසේ නම් ඔහු මෙය වසන් කලාද?
පෞද්ගලිකත්වය
ලාංකීය සිතුවිලි තම නිල දැන්වීම තමන්ගේ නිල බ්ලොග් අඩවිය මගින් හෝ නිල විද්‍යුත් ලිපිනයෙන් පමණක් දනුම් දෙයි. ලාංකීය සිතුවිලි ඇඩ්මින් වරු, අනේකා කියන ඔනැම දේයකට එහෙයි කියන අපෘශ්ඨවංශියෝ නොවන නිසා තමන්ගේ පෞද්ගලික අදහස් තමාට කැමති පරිදි ඉදිරිපත් කිරීමට සම්පූර්ණ නිදහස ඇත. ලාංකීය සිතුවිලි කිහිප දෙනෙකුගේ සමූහ කාර්යයක් මිස සංසදයක් නොවේ. තනි පුද්ගලයකුගේ අදහසක් ලාංකීය සිතුවිලි පොදු අදහසක් ලෙස ගන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැත.
Saturday, April 24, 2010
2010 මැරතන් තරඟයේ විශේෂ විකාශය
http://blog.inetlanka.com/bloggame.php
ඔබත් තවම ලාංකිය සිතුවිලි සමඟ එක්වුයේ නැත්නම්.
1. දැනට තිබෙන අඩවියක් නම් විලිපිනය හෝ අදහසට ඉඩක් මගින්ද?
2. අලුත් අඩියක් නම් ඔබ විසින්මද එකතු කරන්න
Tuesday, April 20, 2010
වේගවත්වීමේ රහස පටස්
පටස් යනු කුමක්ද?
පටස් යනු බ්ලොග් ලිපිය ස්වයංක්‍රීයව ලාංකීය සිතුවිලි වලට ඇතුලත් වනතෙක් බලා නොහිඳ ක්ෂණිකව ඔබ විසින් ලිපිය ඇතුලත් කීරීමයි.මෙහිදී ඔබ විසින් ලියු අවසන් ලිපිය ලාංකීය සිතුවිලි වලට ඇතුලත් වේ. එයට මෙම සබැදියෙන් ඇතුලත් විය හැකියි.
ඔබ පටස් කල යුත්තේ ඇයි
මේ වනවිට බ්ලොග් ලිපි බැලීමට ලාංකීය සිතුවිලි වටා දිනකට විශාල පිරිසක් ස්ථීරව එකතුවෙමින් සිටී. පිටුව නැවත නැවත පීරීම් දිනකට විශාල ප්‍රමාණයක් සිදුවේ. දිනෙන් දින අප වටා අලුතෙන් එකතු වන ප්‍රමාණයද ඉහල නගී. බ්ලොග් කියවන්නන් මෙලෙස දිනෙන් දින එකතුවීමට ලාංකීය සිතුවිලි තුලින් ලිපි පෙන්වන වෙගය ඇතුලුව අනෙකුත් පහසුකම්ද හේතුවේ. අලුත් ලිපියක් අවකාශයට එකතුවෙනතුරු රැදීසිටින මේ පිරිසට ඔබට පටස් මගින් ඔබේ ලිපිය ඉක්මනින් ලබා දිය හැකියි. අනෙකුත් සින්ඩිකේටරයන් හි ලිපි පලවීම සැසදීමෙන් ලාංකීය සිතුවිලි තුල බ්ලොග් පෙන්වන ඉහල වේගය ඔබට මෙය මනාව අවබෝධද කරගත හැකියි. එමෙන්ම ඔබේ බ්ලොග් එකෙහි RSS පෝශකය නිවැරදිව ලාංකීය සිතුවිලි තුල ක්‍රියාත්මක වෙනවාදැයි දැනගැනීමට ද මෙමගින් හැකියාවක් පවතී.
Tuesday, April 13, 2010
අලුත් අවුරුදු සුබාශිංසන
Monday, April 12, 2010
පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්
ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.
මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.
Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.
ඔබ කොහොමඳ එක්වෙන්නේ?
Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.
ඔබ මොනවද දැනගත යුත්තේ?
සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ. අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ.
පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!
තනිවද තරග කරන්නේ?
ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.
සයුරෙන් එහා ඉන්න මම?
ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි. (දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් සිව් දෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)
දුවන අයට වතුර පාරක් ගහමුද?
ඔබට පරිවර්තන කාර්යයට එක් නොවුනත් මෙම වැඩසටහනට සහාය වීමට කැති නම් පහත දිස්වෙන ලෙස ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ බැජ් එකක් ලෙස දැක්වීමට කාරුණික වන්න.

Tuesday, April 6, 2010
අවුරුදු නැකැත්
අප්‍රේල් මස 12 වන සඳුදා දිවුල් පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
නව සඳ බැලීම
අභිනව චන්ද්‍රවර්ෂය සඳහා මාර්තු මස 18 වෙනි බ්‍රහස්පතින්දා ද, සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 18 වෙනි ඉරිදා ද සඳ බැලීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වෙනි බදදා පූර්ව භාග 06.58ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා මධ්‍යඹ රාත්‍රී 12.34 ට හෙවත් අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 00.34 සිට මෙදින අපරභාග 01.22 දක්වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 ට හෙවත් 14 වන දින අපර භාග 02.34 හෙවත් 14 වන දින අපාරභාග 00.34ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර එදින අපර භාග 01.22 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විදි ඉටුකිරීම ද මැනවී.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 07.01 ට පලාවන් පැහැති වත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිණි මොළවා කිරිබතක්ද, උඳු මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළීයෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 9.07 ට පලාවන් පැහැති වත්‍රාභරණයෙන් සැරසී උතුරු දීශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.06ට උතුරු දීශාව බලා හිසට බෝපත්ද, පයට කොහොඹ පත්ද, තබා රන්වන් පැහැති වත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ බෝයුෂ නානු ද ගා ස්නානය කිරීම මැනවි
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 19 වන සඳුදා පූර්ව භාග 05.42ට උඳු මිශ්‍ර ආහාරයෙන්ද හා කිරිබත් අනුභව කර සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි
Thursday, April 1, 2010
දක්ෂතා ඇති ඔබට, ලාංකීය සිතුවිලි ආරධනයයි
මේ අනුව විවිධ වැදගත් දින පිලිබඳ ලිපි දැන් ඔබටද ලියා ඔබේ නමින් ඔබ අඩවියේම පල කල හැකියි. එම ලිපියට සක්‍රිය බැඳියක් දවස පුරා ලාංකිය සිතුවිලි තුලින් දෙනු ලබන අතර, ඒ සඳාහා ඉදිරිපත් කරන බැනර් නිර්මාණය සඳහාද "ලාංකීය සිතුවිලි" වල මුල් පිටුවේ ඉහළම කොටස වෙන් කර ඇති බව සතුටින් දන්වන්න කැමතියි. එලෙසම කල කර්යය අන් අයට දැන ගැනීම පිණිස බැනරය සිතුවම් කල හා ලිපිය ලියු අයගේ නම් ද මුල් පිටුව තුල එම දිනය මුලුල්ලේම දක්වනු ලැබේ.
ඔබටත් ලාංකික අපට වැදගත් දින ගැන හරවත් වුත් අලංකාර වුත් ලිපි මෙන්ම, සිතුවම්ද නිර්මාණය කල හැකි නම් එක්වන්න අප සමඟ. දක්ෂතා දෙකම එකවිට ඔබට අවැසි නොවෙයි. හැකියාව සිතුවම් නිර්මාණයට පමණක් නම් එයද ප්‍රමාණවත් වනු ඇත. එලෙස දක්ෂතාවය මොනවට විදහා දක්වනුයේ හරවත් ලිපි ලිවීමට නම්, මේම කර්තවයය සාර්තකත්වයට එයද මනා පිටු බලයකි
වැඩි විස්තර සඳහා lankeeyasithuwili@gmail.com අමතන්න
Sunday, March 28, 2010
බක් පොහොයේ වැදගත්කම

බුද්ධ කාලීන ලක්දිව යක්ෂ, රාක්ෂ, නාග යනුවෙන් ගෝත්‍රික කොටස් තුනක් වාසය කල බවත් මෙයින් නාග ගෝත්‍රිකයන් කොටස් දෙකක් එනම් කොටසක් මුහුදේද අනෙක් කොටස ගොඩබිමද වාසය කල බව පොත පතේ සඳහන්.. සාගරයේ නා රජු වූ මහෝදර යොදුන් පන්සියයක නාග රාජ්‍යයකට අධිපති වූ අතර මහත් බලයකින් යුක්ත වූ බව මහාවංශයේ සඳහන් වෙනවා. ඔහු තම බෑනා වූ චූලෝදර සමග ආරම්භ කිරීමට ගිය යුද්ධයක් නවත්වනු පිණිස දේවාති දේව නිදුකාණන් වහන්සේ දෙවනි වරට ලංකාවට වැඩමවීම සිදු වෙන්නේ සම්බුද්ධත්වයෙන් පස් වසක් ගිය තැන බක් මස අව පසොලොස්වක් පොහෝදාකයි.
චූලෝදරගේ නා රජුගේ මව මහෝදර රජුගේ සහෝදරියක්. ඇයට කත්වඩමන් පර්වතයේ නා රජුට දාව ඉපදුනේ චූලොදර රජුයි. මහෝදර රජුගේ පියාණන්, මියයන විට දී ඔහුට අයත් වටිනා මැණික් පුටුව, මහෝදර පුතුට නොදී, චුලොදරගේ මෑණියන් වූ දියණියට භාර දු. නා රජවරු දෙදෙනාගේ විරසකයට හේතු වූයේ එයයි.
සිදු වන්නට යන මහත් වූ විනාශය දැක එය වලක්වනු පිණිස නිදුකාණන් වහන්සේ නාගදීපය වෙත වැඩම කලා. නිදුකාණන් වහන්සේගේ මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා ද එකතු උනා. ඔහු තමාගේ භවන වූ කිරිපලු රුක ද උදුරාගෙන තථාගතයන් වහන්සේට ඡත්රයක් මෙන් අල්ලාගෙන, තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියා. සමිද්ධි සුමන දිව්‍ය රාජයා, දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකට අධිපති දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂ්‍යයකුව ඉපිද එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කර ගන්නට කොළ කඩා දුන් ඒ පින් බලෙන් දෙව්රම් වෙහෙර කිරිපලු රුකෙහි දෙවියකුව උපන් බව මහාවංශයේ සඳහන්.
මෝහාන්ධකාරය දුරුකල අප නිදුකාණන් වහන්සේ යුධ භූමියේ අහසේ වැඩ වෙසෙමින් මහත් වූ බියකරු ඝණඳුරක් මවා පා, එයින් බියට පත් නාග ගෝත්‍රිකයන් බියෙන් මිදවීමට නැවත ආලෝකය ඇති කලා. අහසේ වැඩ සිටි නිදුකාණන් දුටු සියල්ලෝම උන් වහන්සේ දෙපා නැමද පිලිගත්තා. ඔවුන් සමගි කිරීමට සාමයේ වැදගත්කම, උඩගුවීමේ ආදීනව ගැන කියවෙන පන්සිය පනස් ජාතක පොතේ දැක්වෙන කාකොලුක ජාතකය (269) , එන්දන ජාතකය (467) , ලටුකික (352) හා වට්ටක (388) ජාතක අළලා ධර්ම දේශනා කළ උන්වහන්සේ තමාට පූජා කල මැණික් පුටුව සහ කිරිපලු රුක යන දෙකම පූජා වස්තූන් වශයෙන් නා රජවරුන්ටම පවරා දුන්නා.
- පාදක සටහන් -
ලක්දිව දෙවන වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු වූ බක් පොහොය - ඇන්නරුවේ රතනසිරි හිමි
අසමසම බුදුරදුන්ගේ අපරිමිත කරුණාවේ මතක සටහන - පේ‍්‍රමසර ඈපාසිංහ
THE VISIT OF THE TATHAGATA - THE MAHAVAMSA - Translated by Wilhelm Geiger
සොළොස්මස්ථානය - විකිපිඩියා
- ඒ අවස්ථාවේ දේශිත ජාතක කතා -
කාකොලුක ජාතකය (269)
එන්දන ජාතකය (467)
ලටුකික ජාතකය (352)
වට්ටක ජාතකය (388)
- නාගදීපය වඳින ගාථාව -
භගිනීසුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,
මුණිධම්ම මදේසයී මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං
- නාගදීපයේ ඡායාරූප -
http://www.flickr.com/photos/69672333@N00/sets/72157623713822976/
Saturday, March 27, 2010
2010 සිංහල බ්ලොග් මැරතන් තරඟය
එයට දිරියක් දෙමින් එම සංසදයේ අවසර ඇතිව, එම තරඟය සමගාමී ලෙස විකාශය කිරීමට ලාංකීය සිතුවිලි මෙලෙස සැදී පැහැදී සිටියි. ඔබට තරඟයේ තොරතුරු එසැනින් ගෙන ඒමේ අරමුණ මුලීකත්වය ලෙස තබාගනිමින්, නවමු අත්දැකීම්ද කිහිපයක් එයට එක් කිරිමට කටයුතු යොදා ඇත. එක් වන්න ඔබත් බ්ලොග් මැරතන් සමඟ. තරඟය විකාශනය කරන අලුත් නාලිකා දැනටමත් ඔබ වෙනුවෙන් විවෘතව පවතීයි. විශේෂ මැරතන් නාලිකාව වෙත මෙතනින් පියනගන්න

බ්ලොග් මැරතන් ගැන වැඩිපුර දැනගන්න
මේපාරත් බ්ලොග් මැරතන් එකක් තියමුද ?
සිංහල මිනි බ්ලොග් මැරතන්
මොකක්ද මේ බ්ලොග් මැරතන්
Monday, March 22, 2010
අපගේ ඉදිරි ගමන කෙසේ වනු ඇත්ද?
නිරන්තරයෙන් මෙහි ගුනදොස් සහ වෙනත් කටයුතු වලට තම ශක්ති ප්‍රමාණයෙන් උපරිම සහායදෙමින් අපත් සමග නිබදවම රැදෙන සුමින්ද හේමාල් හා බිගුවාද අපි මෙහිදී හෘදයාංගමව සිහිපත් කරන්නෙමු.
එවන්න යෝජනා info@inetlanka.com
වැඩි පහසුකම් යටතේ "ලාංකීය සිතුවිලි" එකම අඩවියකට
Sunday, March 21, 2010
ඔබට බ්ලොග් ලිපි මගහැරෙනවාද? මෙන්න විකල්පය
කාටත් තියන ප්‍රශ්නයකට විසඳුමක් දැන් ලාංකිය සිතුවිලි තුලින් ඔබ හමුවට ඉදිරිපත් කර ඇත. බොහෝ විට අප බ්ලොග් කියවනුයේ තවත් දහසකුත් එකක් වැඩ අතර විම පිළිගත යුතු සත්‍යයකි. තවද ලාංකීය සිතුවිලි බොහොමයක් වේගවත් නිසා ඔබට වටිනා ලිපි මග හැරීයාමද වැලැක්විය නොහැකි කරුණකි. එයට විසඳුමක් ලාංකීය සිතුවිලි තුලින් ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. එම විසඳුම අපිට ආවේණික ක්‍රමයක් නිසා ඉක්මනින්ම ඔබ වෙත ගෙන ඒමට හැකි විය.
තිබුණු සිංහල වචනයට නව අරුතක් එක්කරමින් "නොකියු" නමින් ඔබ හමුවට පැමිණ ඇති මේ නවමු අද්දැකීම අනිවර්යයෙන්ම ඔබ ප්‍රියකරන නව අංගයක් වන බව ඉතා පැහැදිලිය. ඔබව හදුනා ගැනිම සඳහා "මම කැමතිම වචනය" යන්නට ඔබටම ආවේණිකවු වචනයක් යොදා ගත හැක. සිංහල හෝ ඉංග්‍රීසි ඔබටම වෙන්වු වචනයක් හෝ වි. ලිපිනය වඩාත් සුදුසු වනු ඇත. මෙය හුදෙක් ඔබ වෙන් කර හදුනා ගැනීමට පමණක් භාවිත කරන බව තරයේ කියාසිටින්නෙමු
වැඩි පහසුකම් යටතේ "ලාංකීය සිතුවිලි" එකම අඩවියකට