Thursday, May 19, 2011

සහෘදයකුගේ නික්ම යාම

බ්ලොග් අවකාශයේ අප කවුරුත් දන්නා හඳුනන ඉලන්දාරියා නොහොත් දිලුම් දිසානායක සොයුරා අපෙන් සමුගත් බව මේ වනවිට සැවොම දන්නා දෙයක්.උපන්නොත් කෙනෙක් යම්දිනක මරණයට පත්වන බව කලකට පෙර ඔහු තැබු සටහනකි මේ..

හිරු නැග එනකම්
සොදුරු බව ‍රැකපන්....
මරනයේ නියත බව ....
නුබ ලොවට කියපන්....

ඇතිවුනොත් යම්දෙයක්....
සදා කල් ලොවෙනැත
කිසි දෙයක්....
අනියත බවින් මගහල දෙයක්....

ඉපදුනොත් යම් කෙනෙක්....
නියත වේ මරණයත්....
උපන් මොහොතෙම දින නියමවේ
මරණයේ දිනයමත්....

ඔබ අපෙන් සමුගත්තද, ඔබෙ මතකය අප හදවත් තුල සදා අමරණීය වනු ඇත...
දිලුම් සොයුර ඔබට නිවන් සුව පතමු.. මතු උපදින භවයක නිදුක් නිරෝගී සම්පත්තිය අත් වේවා!!!


දිලුම්ගේ නිවසට යන පාර,

වාහනයක යන අයට, නුවර සිට මාතලේ යනවිට අලවතුගොඩගොඩ පසුවී බලකඩුව පල්ලම පසු කරන විට වම් පැත්තට කූඹියන්ගොඩ පාර ඔබට හමු වෙනු ඇත.. එතනින් කූඹියන්ගොඩ නගරයෙන් කොටුවේගෙදර පාරට හරවා නිවාස සංකීර්ණයේ ජයන්ති කඩේ අසලට ගියවිට දිළුම්ගේ නිවස දිස්වෙනු ඇත.

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අයට, මාතලෙ තැ
පැල් කාර්යාලය අසලින් උඩුපිහිල්ල හෝ ඊරියගහමඩ බස් රථයක නැගී කූඹියන්ගොඩ තැපැල් කන්තෝරුව අසලින් බැස ගත යුතුය. ඉන්පසු කොටුවෙගෙදර පාරේ නිවාස සංකීර්නය අසලට ගිය පසු දිළුම් ගේ නිවස දිස් වේ...

සෙනසුරාදා (මැයි  21) උදෑසන 06.30ට කොටුව දුම්රියපොල අසලින් බස් රථයක් දිළුම්ගේ නිවස බලා යෑමට කටයුතු සලසා ඇත.
වැඩි දුර විස්තර සඳහා අභිත සොයුරා අමතන්න.


හදිසියේ අප අතරින් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් ලාංකීය සිතුවිලි කණ්ඩායමේ සාතිශය සංවේගය!!!

Saturday, May 14, 2011

කවි මඩුවට දින ලඟයි

දින එක දෙක ගෙවි ගෙවී  යන්නා
කවි මඩුවට දින හිමිහිට ලං වෙන්නා
සියල්ලෝම  සැරසෙන බව පෙනුනා
රස  කවි ගොතනට ඔබටයි මේ ආරාධනා 


ලාංකීය සිතුවිලි ඔබ හා එක්ව පවත්වන්නට සුදානම් වන දෙවන කවි මඩුව ගැන මේ වන විටත් ඔබ සැවොම දන්නවා ඇති. පහත දැක්වෙන්නේ මේ වනවිට  ඔබ විසින් යෝජනා කරන්නට යෙදුනු කවි මාතෘකාය.

  • ආදර සම්බන්ධයකින් ඇති වෙන විවාහයද කල් පවතින්නේ එහෙම නැත්තම් විවාහ යෝජනාවකින් ඇතිවෙන එකද?
  •  සහකරුවෙක් සහකාරියක් තෝරාගැනීමේදී වඩා ඔබින "හොඳ හැදියාවක් නැතත් බොහෝ මුදල් ඇති අයෙක්ද? නැත්තම් බොහෝ හොඳ හැදියාවක් ඇති අන්ත දුප්පත් කෙනෙක්ද?" කොල්ලන්ද කෙල්ලන්ද වැඩියෙන් බූට් තියන්නේ? ඔබට අවශ්‍ය ලොකු සල්ලි කාරයෙක් වීමටද? සල්ලි නැතත් රටට වැඩදායී පුද්ගලයෙක් වීමටද?
  • වඩා හොද රූපවාහිනියද? ගුවන් විදුලියද?  
  • ගැහැනියට සම තැන දිය යුතුද, නැද්ද?
  • කසාද ජීවිතේ රසද?
  • කොට සායද? සාරි කොටේද?
  • සුදු හමද? කලු හමද?
  • මිනිස්සු වැඩිය කැමති ආදරයද? රාගයද?
  • ලෝකෙ වැඩියෙන්ම ආදරණීය කෙල්ලොද/කොල්ලොද?
  •  ආදරේදී වැඩියෙන්ම දුක් විදින්නෙ ආදරවන්තයෝද/දෙමාපියන්ද?
  • කම්කරුවා හා ලිපිකරුවා
  • හදවතින් කතා කිරීම හා මනසින් කතා කිරීම
  • ප්‍රේම විවාහ vs යෝජිත විවාහ
  • අසේල යනු මඩයාද? මඩයා යනු අසේලද?
  • මත්පැන් හොඳද , නරකද?
  • අසිරිමත් ක්ෂීරබත් පුර වැනුම
  • කවියෙන් වනමු බාබා
  • එන්න අපි මල් නෙලමු
  • නින්දට පෙර දත් මදින්න
  • දේශපාලනය
  • ක්‍රීඩාව
  • ස්ත්‍රීය
  • ගීත කලාව
  •  අන්තර්ජාලය
  • අවුරැදු සිරිත
  • සදාචාරය
  • පාසල
  • වීදියෙ දරුවා.
  • විරහව.
  • තනිකම.
  • අම්මා.
  • යුද්දයට පසු
  • ගුණ ධර්ම
  • සයිබර් අවුරුදු උත්සවය
  • වල් කම
  • කොලු ගති
  • කැමරාව
  • රහසින් බැදි පෙම
  • තහනම් ගහේ ගෙඩි කෑම
  • ආදරය
  • මිතුරුකම
  • අන්තර්ජාලය

තවත් රසබර මාතෘකා එක් කර කවි මඩුව සාර්ථක කර ගැනීමට ඔබගේ නොමද සහයෝගය අප වෙත ලැබේයැයි අප අපේක්ෂා කරමු. මේ වනවිටත් කවි මඩුව සදහා ලියාපදිංචි නොවූ ඔබට මෙම සබැදිය ඔස්සේ ගොස් ලියාපදිංචි විය හැක. ලොගින් පිළිබද විස්තර ඔබ වෙත 2011.05.15 දිනට පසුව ලැබෙනු ඇත.කවිමඩුවේ පුහුණු සැසියක් 2011.05.16 දින ලාංකීය සිතුවිලි Buzz එකේදී  පැවැත්වෙනු ඇත.

2011.05.18 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි කර ගැනේ.
ඉන් පසු ලියා පදිංචි වන සැමට රහස් පද හා නාමයන් ලබා දේ.

මැයි මස 20,21,22 දින තුන  පුරාවටම කවි මඩුව පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත..පුරා දින 3 ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.



මෙය ඔබේ බ්ලොග් අඩවියේ ඇතුලත් කර අපට සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලමු.


 

‍බැනර් කෝඩ්

<a href='http://kavimaduwa.lankeeya.lk/' title='කවි මඩුව'><img height="253" width="175" alt="" src="http://kavimaduwa.lankeeya.lk/Kavi_Maduwa.png">



Sunday, May 1, 2011

කවි මඩුව 2011


රස කවි ගොතාලා
එකිනෙකාට මඩ ගසාලා
සියල්ලෝම තුටු වීලා
තියමුද කවිමඩුවක් ආයෙත්

අන්තර්ජාලයේ සැරිසරන සියලුම කවිකාර මිතුරු මිතුරියන් එක්කොට ගීත් සහෝදරයාගේ අදහසක් අනුව ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවත්වූ කවි මඩුව නැවතත් ඔබ හමුවට ගෙන ඒමට කටයුතු සූදානම් කරමින් පවතින බවට සතුටින් දනුම් දෙමු.
සෑම විටම ඔබේ වින්දනය සඳහා කටයුතු කරන ලාංකීය සිතිවිලි අපි මෙවරද මැයි මස කවි මඩුව ඔබ වෙත තිළිණ කරන්නෙමු.
මේ සඳහා මුල් අදහස ලබා දුන් ගීත් සහෝදරයාට අපගේ ස්තුතිය පිරිනමන අතර, නැවතත් කවි මඩුවක් පවැත්වීමට ආරධනා කල ඔබ සැමට තුති..!

ඉතින් කවිකාර මිතුරු මිතුරියනි, එක් වන්න අප සමඟ...


ඔබ කුමක් කල යුතුද?


1. ඔබ කවිමඩුවට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්. මෙම බැදියට ගොඩවී ලියාපදිංචිවන්න.මෙපරිදි ලියාපදිංචිය අනිවාර්යය කර ඇත්තේ ඔබේ අනන්‍යතාවය‍ වෙනත් පුද්ගලයින් විසින් ලබාගැනීම වැලැක් වීම සදහාය. තවද ඔබ ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කර ඇති බ්ලොග් එකක අයිති කරුවෙකුගේ නමකින් ලියාපදිංචි වන්නේ නම් ඉහත බැදියේ, එම බ්ලොගය ඇතුලත් කල මේල් ලිපිනයම සදහන් කරන්න. ලියාපදිංචි වන සැමට තහවුරුකරගැනීමේ පනිවිඩයක් එවනවා ඇත.

2. ලියා පදිංච්යේදී වඩා අකාර්ෂණය දිනා ගත හැකි මාතෘකාවක් හෝ දෙකක් දැම්මට අමතක නොකරන්න.

3. කවි මඩුවේ වෙදිකාව පුරුදු වීම සඳහා එය පැවැත්වීමට දින කිහිපයකට පෙර ඔබට වේදිකා ගත වී එහි පුර්ව පුහුණුවීම් කිරිමට ඉඩ දෙනු ‍ලැබේ.

4.ඔනැම අයකුට වතුර ගැසීම මඩ ගැසීම හෝ දිරිමත් කීරිමට වෙනම ප්‍රේක්ෂාකාගාරයක් ඉදිකර ඇත. මේ සඳහා ලියාපදිංච්යක් අනවශයයි.

සිදුවන ආකාරය

2011.05.18 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි කර ගැනේ
ඉන් පසු ලියා පදිංචි වන සැමට රහස් පද හා නාමයන් ලබා දේ.

මැයි මස 20,21,22 දින තුන  පුරාවටම කවි මඩුව පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත..පුරා දින 3 ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.


මෙය ඔබේ බ්ලොග් අඩවියේ ඇතුලත් කර අපට සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලමු.


 

‍බැනර් කෝඩ්

<a href='http://kavimaduwa.lankeeya.lk/' title='කවි මඩුව'><img height="253" width="175" alt="" src="http://kavimaduwa.lankeeya.lk/Kavi_Maduwa.png">