Tuesday, May 4, 2010

කරුණාවෙන් සවන් දෙන්න

නාවල අන්නාසි කෝට්ටේ.....ක්රීලස්....කිවු....මියු....ටක් ..ටක්....චෙක්. වන්... චෙක් වන් ටු...සව...සවන...සවන් දෙන්න... සවන් දෙන්න...

මේ ඔබ අමතන්නේ....ලාං
කීය සිතිවිලි මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන සයිබර් කවි මඩුවේ ප්‍රචාරක රථයයි......මේ වන විට කවි හිතකාමී ඔබ පුල පුලා බලා සිටින කවි මඩුවේ වේදිකාව නිම වෙමින් පවතින අතර දැනට අවසන් අදියරේ අලංකර කටයුතු සිදුවෙමින් පවතින බව ඉතාම සතුටින් දන්වා සිටිමු...

කවි හිතකාමි ඔබ වෙනුවෙන්ම ලාංකීය සිතිවිලි සංවිධානය කරනු ලබන මෙම වේදිකාව ඕනෑම කෙනෙකුට විවෘත අතර කවි කියන්නන්ටද කවි රසවිදින්නන්ට මෙන්ම හු කියා මඩ ගසා චියර් එක දිය හැකි කොලු කුරුට්ටන්ටද ලාංකීය සිතිවිලි කවි මඩු සංවිධායක මන්ඩලය ඉතාම ලෙන්ගතුව ආරාධනා කර සිටිනු ලබයි. එමෙන්ම කවි කීම
සදහා මඩුවට ඇතුළු වන්නනගේ නම් දැනට සංවිධායක කමිටුවේ ප්‍රධාන කාර්යාලයේදි ලියාපදිංවි කරගන්නා අතර ඒ සදහා කිසිම අයකිරීමක් නොමැති බවත් දවසේ ඕනැම වේලාවකදී ලියාපදිංචි විය හැකි බවත් දන්වා සිටිනු කැමැත්තෙමු. 2010. 05.11 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති අතර නොපමාව ඔබගේ පැමිණිම සනාත කර ලියාපදිංචි වී කවි මඩු සංවිධායක කමිටුවට සහාය දක්වන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමු.
තවද මෙම
ඓතිහාසික සයිබර් කවිමඩුව පිළිබදව අන් අයද දැනුවත් කර කවි මඩුවේ මුලික ප්‍රචාරක වැඩසටහනට සහය දීමක් ලෙසින් කවි මඩුවේ ධජයක් ඔබ වාසස්ථානයේ ඉහලම ස්ථානයක පෙනෙන්නට සලසවන තරමට කාරුණිකව වන ලෙසින් සංවිධායක කමිටුව දයාබරව ඉල්ලා සිටිනු ලබයි.
ස්තුති.....

දොඩන් රස රසය කෑමටා....හු....හු.....හු...(වට පිටේ ඇට්ටිබි කොල්ලෝ කුරුට්ටෝ....)

ලිව්වේ
ගිත්

8 comments:

  1. නම ලිපිනය දැම්ම ලියාපදිංචි කර ගත්තද කියල දන්නෙ කොහෙමෙයි. ලිස්ට් එකක් දැම්මොත් නරකද

    ReplyDelete
  2. current list eka denna barida?
    nethnam hangagena innawada antima minite eka wenakan?

    hiks...

    ReplyDelete
  3. දිනය ගැනත් දැන්ම දල අදහසක් දුන්නොත් මොකෝ. වෙසක් මාසෙ නිසා වැඩකටයුතු යෙදෙන්න පුළුවන්නේ :)

    ReplyDelete
  4. ලිස්ට් එකකින් හරි ඊ මේල් එකකින් හරි දැනුම් දෙනවා නම් හොදා....

    ReplyDelete
  5. @සියල්ලටම

    ලියාපදිංච් වු සැමට හෙට දින සිට තොරතුරු සහිත වි ලිපියක් එවනු ඇත

    ReplyDelete
  6. ලියාපදිංචි නම් උනා.අපි බලමු හෙට කියයි නෙ නේද

    ReplyDelete
  7. "දොඩන් රස රසය කෑමටා....හු....හු.....හු..."
    මොකක් කීවා.... මාව කන්න...? හූ කියනවත් ඒ මදිවට...!

    ReplyDelete
  8. සින්ඩියෙ උන් ගොන් ආතල් ගන්න කොට
    අපිටත් හිතෙනව මැද්දෙන් පනින්නට
    මඩ ගහලා රොත්තම නැති කරන්නට
    එන්නම් අපිත් කවිමඩුවෙහි ලගින්නට..

    ReplyDelete