Sunday, April 25, 2010

ලාංකීය සිතුවිලි - මැරතන් - පටන් ගැන්මේ බාදා

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසඳය ඇතිවු තත්වය යම් කිසි දුරකට පැහැදිලි කලත්, ඉන් ඔබ්ට ගිය වෙනත් කරුණු කිහිපයක් ඇති බව ලාංකීය සිතුවිලි අවධාරනය කරමු.

මුලීකත්වය දිය යුතුම කරුණ වන්නේ චතුරංග විසින් කිසිදු හානියක් ලාංකීය සිතුවිලි වලට කර නැති බවය. එම නිසා ඒගැන වැඩිදුර කතා කීරිම අවැසි නොවෙයි.


කරුණු පැහැදිලි කිරිම 01
සමගාමී විකාශයට කල ඉල්ලීම
මේ සඳහා අපි සිංහල බ්ලොග් කරුවන්ගේ සන්සදයේ නිල බ්ලොග් අඩවිය ඇතලත් කල වි ලිපිනය සොයා බැලුවෙමු. එහිදි දක්නට ලැබුනේ එය කාලංග සහෝදරයාගේ පුද්ගලික වි ලිපිනය බවයි. නිල අඩවියක් සඳහා පුද්ගලික ලිපියක් ඇති බැවින්, එය පුද්ගලිකවම කටයුතු කල යුතු කාරණවක් නිසා. එයට වැප් සහෝදරයා පුද්ගලික වි ලිපියක් යවන ලදී. හා එහිදි අප විමසා සිටියේ "මේ සඳහා ඔබ සන්සදයේ අවසරය කෙසේ වනු ඇතිද?" යන්නයි. එම ලිපියට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් කාලිංග ස‍හෝදරයා පවසා සිටියේ. එය කල හැකි බවයි.


කරුණු පැහැදිලි කිරිම 02

RSS ලබාදීම
මාර්තු 27 වන දින යැවු වි ලපියේ එකඟ වු කරුණු අනුව, ලාංකීය සිතුවිලි මැරතන් සඳහා විශේෂ ප්‍රචාරයක් ලබා දුනි. එහිම දිගුවක් ලෙස නැවතත් වි ලිපියක් අප්‍රේල් මස 23 දා යවනු ලැබුවේ, RSS එදින හෝ මැරතන් ඉසව්ව යෙදී තිබු දින උදැසන දෙන මෙන් සඳහන් කරමිනි. ඔය අතර තුර චතුරංග සහෝදරයා විසින්, කාලිංග වෙත කෙටි පණිවුඩයක් ද යවා උක්ත කාරනය මතක් කර දී ඇත. සියලුම දැනුම් දීම් වලට පිළිතුරු ලැබ්නේනේ මැරතන් පටන් ගැනීමට ආසන්නයේ, හෙවත් අප්‍රේල් මස 24 දින රාත්‍රි 7.55 පසු විමෙනි. වගකිව යුතු පුද්ගලයන් ලෙස සලකා ශාකුන්තල හා ඉන්ද්‍රනාමට යන සොයුරුන් දෙදෙනාට තරිදු සොයුරා විසින් යැවු ටුවිටර් පණිවිඩයටද කිසිඳු පිළිතුරක් නොලැබිණි.


කරුණු පැහැදිලි කිරිම 03
ලාංකීය සිතුවිල ලක් වු අපහසු තාවය
විකාශන කටයුත සඳහා වෙනම පිටුවක් සකසා, හවස 7.30 වන තුරු බලා සිටි ලාංකීය සිතුවිලි කණ්ඩායම, මැරතන් අඩවි නැති, හෙවත් මැරතන් දුවන්නන් නැති විකාශයක් පවත්වාගෙන යා නොහැකි නිසාවෙන්ම. හා ඊට මුලින් අප දුන් ප්‍රතිචාරය ලාංකීය සිතුවිලි වෙත පැමිණෙන්නන් රැවටීමක්මක් නිසාත්,මැරතන් දුවන අඩවි එකිනෙක සොයා බලමින්, ලාංකිය සිතුවිලි විශේෂ මැරතන් විකාශයට එක් කීරීමට පටන් ගත්තෙමු.

කරුණු පැහැදිලි කිරිම 04
පැමිණෙන පිරිස වැඩ කරගැනීම
ලාංකීය සිතුවිලි සංසදයක් නොවන බව ඉතා පැහැදිලිම කිවයුතුමය. තවද ලාංකීය සිතුවිලි සඳහා පැමිණෙන පිරිස මත එහි ඉදිරි ගම තීරණ වන බව හොඳාකාරව දන්නෙමු. එයට ලැබෙන ප්‍රතිචාර නැතිව ගිය දිනක කිසිඳු අයාසයකින් තොරව එය වැසී යනු ඇත.

කරුණු පැහැදිලි කිරිම 05
මැරතන් යෝජනාව
SBU ඇඩ්මින්වරු විසින් හිතාමතාම අමතක කරන කාරණාවක් නම් මාර්තු 18 වන දින සංගමයේ ගූගල් සමූහයට විද්‍යුත් ලිපියක් එවමින් චතුරංග රූපසිංහ මෙම මැරතන් තරඟය පිලිබඳ යෝජනාව ඉදිරිපත් කල බවයි. අපට අවශ්‍ය වන්නේ ඔවුන් කියනා ආකාරයට "SBU එකට කෙලවීමට" නම් එය අපට අපි විසින් සංවිධානය කල හැකිව තිබිණි. යම් හෙයකින් එය එසේ වූවානම් ලාංකීය සිතුවිලි අද මේ ඉසව්ව සඳහා දුන් දායකත්වය SBU ඇඩ්මින්වරුන්ගෙන් ලැබේදැයි සලකා බැලීම වටී. කිසිම වෙලාවකදී ලාංකීය සිතුවිලි ගැන සඳහනක් නොකිරීම ඔවුන්ගේ "මනුස්සකම" පෙන්වන ඉතා අගනා සාධකයකි.

කරුණු පැහැදිලි කිරිම 06
කාර්ය බහුලත්වය
SBU ඇඩ්මින් වරුන්ගේ බොහොම ජනප්‍රිය වචනයක් වන කාර්ය බහුලත්වය මෙහිදීද එලියට ඇදී ඇති ආකාරය පෙනී යයි. සමහර විට ඔවුන් නොදන්නා කාරණයක් විය හැක්කේ ඔවුන් හැරෙන්නට අනෙක් මනුශ්‍යයෝද කාර්ය බහුල විය හැකි බවයි. වෙනස නම් හැම දෙනාම එය නිදහසට කාරණයක් බවට පත් කර නොගැනීමයි. අනෙක ගූගල් ලිපිගොනුවක් ලබා දීම ඔතරම් වෙහෙසකර වන්නේ කෙසේද යන්න අපට ගැටලුවකි. අනෙක් කාරණාව නම් කාලිංග සොයුරු හැර අනික් සියල්ලන් මේ බව නොදැන සිටියාද? නො එසේ නම් ඔහු මෙය වසන් කලාද?


කරුණු පැහැදිලි කිරිම 07
පෞද්ගලිකත්වය
ලාංකීය සිතුවිලි තම නිල දැන්වීම තමන්ගේ නිල බ්ලොග් අඩවිය මගින් හෝ නිල විද්‍යුත් ලිපිනයෙන් පමණක් දනුම් දෙයි. ලාංකීය සිතුවිලි ඇඩ්මින් වරු, අනේකා කියන ඔනැම දේයකට එහෙයි කියන අපෘශ්ඨවංශියෝ නොවන නිසා තමන්ගේ පෞද්ගලික අදහස් තමාට කැමති පරිදි ඉදිරිපත් කිරීමට සම්පූර්ණ නිදහස ඇත. ලාංකීය සිතුවිලි කිහිප දෙනෙකුගේ සමූහ කාර්යයක් මිස සංසදයක් නොවේ. තනි පුද්ගලයකුගේ අදහසක් ලාංකීය සිතුවිලි පොදු අදහසක් ලෙස ගන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැත.

කරුණු පැහැදිලි කිරිම 08
හිමි තැන
ලාංකීය සිතුවිලි පටන් ගත් දා සිටම, සිංහල බ්ලොග් කරුවන්ගේ සන්සදයට හිමි විය යුතු තැන එලෙසිනම් ලබාදුණි. කිසිඳු විටක එය පහත් කොට එයට හිමි තැන උදුරාගැනීමට කටයුතු නොකලෙමු. නමුත් මෙවන් වටිනා කාර්යයක් කරන විටත් එම කාර්යය පැහැර හරිමින් තවත් එවැනිම සේවාවක් සපයන, ලාංකීය සිතුවිලි හට මෙම අතපසු විම හෙවත් මැරතන් දා රාත්‍රි 7.55 ට උක්ත RSS ‍ගොනුව දීම කොතරම් දුරට සාධාරණ වන්නේද? යම් හෙයකින් එය එම අවස්තාවේදි අප ස‍හෝදර පිරිසට එම මැරතන් අඩවි අතුලත් කර විකාශණය කර ගත නොහැකි වුවා නම්, එහි දි ඇතිවන තත්වයට මත අපට වන අපහසුතාවයයේ වගකීම ගන්නේ කවුරුන්ද?


Saturday, April 24, 2010

2010 මැරතන් තරඟයේ විශේෂ විකාශය

ලාංකීය සිතුවිලි මෙහෙයවන විශේෂ මැරතන් විකාශයට මෙතනින් ගොඩ වන්න.

http://blog.inetlanka.com/bloggame.php


ඔබත් තවම ලාංකිය සිතුවිලි සමඟ එක්වුයේ නැත්නම්.

1. දැනට තිබෙන අඩවියක් නම් විලිපිනය හෝ අදහසට ඉඩක් මගින්ද?
2. අලුත් අඩියක් නම් ඔබ විසින්මද එකතු කරන්න

Tuesday, April 20, 2010

වේගවත්වීමේ රහස පටස්

අඩවි නිර්මාණයේ තාක්ෂණික විදික්‍රම උපයෝගීත්වයෙන් ස්වයංක්‍රීයවම ඔබ අඩවි වල අලුත් ලිපි සොයා මෙහෙයුම් දියත් කීරිම සින්ඩිකේටර් හෙවත් බ්ලොග් කියවනයන්හි සමාන්‍යය ක්‍රියාකාරිත්වයයි. මෙම ලිපි සොයා කරනු ලබන මෙහෙයුමේ ප්‍රධානතම පෙරගමන් කරු වන්නේ RSS ලිපිනය හෙවත් අඩවි ‍පෝෂක බැඳියයි. තවද නියමිත කාල පරාසයක් අතර තුර යෑම මෙහි විශේෂ ලක්ෂණයකි. උදාහරණයක් විදිහට ලාංකීය සිතුවිලි මෙම මෙහෙයුම සෑම පැයකට වරක්ම සිදුකරයි. යම් හෙයකින් ඔබගේ අඩවියේ අලුත් ලිපියක් ඇත්නම්, එය ඔබ අඩවිය තුල පල කල වේලාවට අනුව ලාංකීය සිතුවිලි තුල මුල් පිටුවේ පිළිවෙලින් දිග හැර දක්වයි. දැනට මෙම කාල ප්‍රන්තරය පැයක් වුවත් බ්ලොග් ගනන වැඩි වන විට මෙම කාලය වඩා දිගු විය හැකිය. එවන් අවස්තාවල ඔබ ලිපිය ලාංකීය සිතුවිලි තුල මුල් පිටුවේ දැක්විමට යන කාලය බොහො දුරට වැඩිවනු ඇත. මෙයට වර්ධනාත්මක පිළිතුරක් ‍මෙන්ම කියවනයන්හි නව පෙරළියක් ඇති කරමින් පටස් නම් වු සංකල්පය ලාංකීය සිතුවිලි ඔබ හමුවට ඉදිරිපත් කර ඇත.

පටස් යනු කුමක්ද?

පටස් යනු බ්ලොග් ලිපිය ස්වයංක්‍රීයව ලාංකීය සිතුවිලි වලට ඇතුලත් වනතෙක් බලා නොහිඳ ක්ෂණිකව ඔබ විසින් ලිපිය ඇතුලත් කීරීමයි.මෙහිදී ඔබ විසින් ලියු අවසන් ලිපිය ලාංකීය සිතුවිලි වලට ඇතුලත් වේ. එයට මෙම සබැදියෙන් ඇතුලත් විය හැකියි.

ඔබ පටස් කල යුත්තේ ඇයි

මේ වනවිට බ්ලොග් ලිපි බැලීමට ලාංකීය සිතුවිලි වටා දිනකට විශාල පිරිසක් ස්ථීරව එකතුවෙමින් සිටී. පිටුව නැවත නැවත පීරීම් දිනකට විශාල ප්‍රමාණයක් සිදුවේ. දිනෙන් දින අප වටා අලුතෙන් එකතු වන ප්‍රමාණයද ඉහල නගී. බ්ලොග් කියවන්නන් මෙලෙස දිනෙන් දින එකතුවීමට ලාංකීය සිතුවිලි තුලින් ලිපි පෙන්වන වෙගය ඇතුලුව අනෙකුත් පහසුකම්ද හේතුවේ. අලුත් ලිපියක් අවකාශයට එකතුවෙනතුරු රැදීසිටින මේ පිරිසට ඔබට පටස් මගින් ඔබේ ලිපිය ඉක්මනින් ලබා දිය හැකියි. අනෙකුත් සින්ඩිකේටරයන් හි ලිපි පලවීම සැසදීමෙන් ලාංකීය සිතුවිලි තුල බ්ලොග් පෙන්වන ඉහල වේගය ඔබට මෙය මනාව අවබෝධද කරගත හැකියි. එමෙන්ම ඔබේ බ්ලොග් එකෙහි RSS පෝශකය නිවැරදිව ලාංකීය සිතුවිලි තුල ක්‍රියාත්මක වෙනවාදැයි දැනගැනීමට ද මෙමගින් හැකියාවක් පවතී.

Tuesday, April 13, 2010

අලුත් අවුරුදු සුබාශිංසන

බක් මස 14 වන දින උදෑසන 6:58 ට යෙදෙන සුබ මොහොතින් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබට සාමය සතුට හා සෞ‍භාග්‍යය පිරි වසරක්‍ වේවායි ලාංකීය සිතුවිලි ප්‍රාර්ථනා කරමු. තවද වැඩි වැඩියෙන් ඔබේ වියුණට හරවත්, අර්ථවත් හා දැනුමෙන් පිරි ලිපි ලිවිමට හැකි වේවායි නිදහස් බ්ලොග්කරණයක අනාගතය සදහා ඇපකැප වී සිටින ලාංකීය සිතුවිලි මෙසේ සුබාශිංසන ගෙන එන්නෙමු.

Monday, April 12, 2010

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.
මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.
Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ. අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ.
පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි. (දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් සිව් දෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

දුවන අයට වතුර පාරක් ගහමුද?

ඔබට පරිවර්තන කාර්යයට එක් නොවුනත් මෙම වැඩසටහනට සහාය වීමට කැති නම් පහත දිස්වෙන ලෙස ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ බැජ් එකක් ලෙස දැක්වීමට කාරුණික වන්න.





<a href='http://si.openoffice.org/marathon10apr.html' title='OpenOffice පරිවර්තන මැරතන් තරගය' target='_blank'><img style='border:0px' src='http://si.openoffice.org/image/oom10apr_si.jpg' /></a>

Tuesday, April 6, 2010

අවුරුදු නැකැත්

පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වන සඳුදා දිවුල් පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.


නව සඳ බැලීම
අභිනව චන්ද්‍රවර්ෂය සඳහා මාර්තු මස 18 වෙනි බ්‍රහස්පතින්දා ද, සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 18 වෙනි ඉරිදා ද සඳ බැලීම මැනවි.


අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වෙනි බදදා පූර්ව භාග 06.58ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා මධ්‍යඹ රාත්‍රී 12.34 ට හෙවත් අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 00.34 සිට මෙදින අපරභාග 01.22 දක්වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 ට හෙවත් 14 වන දින අපර භාග 02.34 හෙවත් 14 වන දින අපාරභාග 00.34ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර එදින අපර භාග 01.22 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විදි ඉටුකිරීම ද මැනවී.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 07.01 ට පලාවන් පැහැති වත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිණි මොළවා කිරිබතක්ද, උඳු මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළීයෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 9.07 ට පලාවන් පැහැති වත්‍රාභරණයෙන් සැරසී උතුරු දීශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.06ට උතුරු දීශාව බලා හිසට බෝපත්ද, පයට කොහොඹ පත්ද, තබා රන්වන් පැහැති වත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ බෝයුෂ නානු ද ගා ස්නානය කිරීම මැනවි


රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 19 වන සඳුදා පූර්ව භාග 05.42ට උඳු මිශ්‍ර ආහාරයෙන්ද හා කිරිබත් අනුභව කර සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි

Thursday, April 1, 2010

දක්ෂතා ඇති ඔබට, ලාංකීය සිතුවිලි ආරධනයයි

සිංහල බ්ලොග් කලාවේ නව පෙරලියක් ඇති කරමින් ඔබ ‍වෙත පැමිණි "ලාංකීය සිතුවිලි" තවදුරටත් ඔබ වෙනුවෙන් කරන මෙහෙව‍ර ඉදිරියට ගෙන යාමේ පියවරක් පසුගියදා කල එලි දක්වනු ලැබුණි. එනම් වසරේ විවිධ වැදගත් දින වල තතු ඔබට පවසමින් අලංකාරවත් බැනරයක් හා හරවත් ලිපියක් එකතු කිරිමයි. කරනු ලබන මේ කාර්යභාරය සඳහා අප හා සැමදා බැඳී සිටන ඔබද දායක කරගැනීමට අප තීරණය කල බව දන්වන්නේ හද පිරි සතුටිනි.

මේ අනුව විවිධ වැදගත් දින පිලිබඳ ලිපි දැන් ඔබටද ලියා ඔබේ නමින් ඔබ අඩවියේම පල කල හැකියි. එම ලිපියට සක්‍රිය බැඳියක් දවස පුරා ලාංකිය සිතුවිලි තුලින් දෙනු ලබන අතර, ඒ සඳාහා ඉදිරිපත් කරන බැනර් නිර්මාණය සඳහාද "ලාංකීය සිතුවිලි" වල මුල් පිටුවේ ඉහළම කොටස වෙන් කර ඇති බව සතුටින් දන්වන්න කැමතියි. එලෙසම කල කර්යය අන් අයට දැන ගැනීම පිණිස බැනරය සිතුවම් කල හා ලිපිය ලියු අයගේ නම් ද මුල් පිටුව තුල එම දිනය මුලුල්ලේම දක්වනු ලැබේ.

ඔබටත් ලාංකික අපට වැදගත් දින ගැන හරවත් වුත් අලංකාර වුත් ලිපි මෙන්ම, සිතුවම්ද නිර්මාණය කල හැකි නම් එක්වන්න අප සමඟ. දක්ෂතා දෙකම එකවිට ඔබට අවැසි නොවෙයි. හැකියාව සිතුවම් නිර්මාණයට පමණක් නම් එයද ප්‍රමාණවත් වනු ඇත. එලෙස දක්ෂතාවය මොනවට විදහා දක්වනුයේ හරවත් ලිපි ලිවීමට නම්, මේම කර්තවයය සාර්තකත්වයට එයද මනා පිටු බලයකි

වැඩි විස්තර සඳහා lankeeyasithuwili@gmail.com අමතන්න