Saturday, August 7, 2010

දින 180 ක ගමන

ඉතා කෙටි කාලයක් තුල අභියෝග රැසකට මුහුණ දෙමින් දිගු ගමනක් කරා, වෙනස් වූ මගක ගමන් කරන ලාංකීය සිතුවිලි තම අඩ වසරක ඉලක්කය 2010-08-19 වන දිනට ‍සපුරාගන්නා බව ලාංකීය සිතුවිලි සමග රැඳීසිට් ඔබ සැමට සතුටින් දැනුම් දෙන්නෙමු. මාස හයක් වැනි කෙටි කාලයක් තුල විවධ වු වෙනස් අත්දැකීම් හා පහසුකම් රැසක් ඔබ හමුවට රැගෙන ආ අප ඔබගේ පැමිණිම දිරිගැන්වීම හා අගය කිරිම් මෙන්ම චෝදනා හා වෙනත් යෝජනාද මහත් වූ හරසරින් පිළිගත්තෙමු. ඉදිරියටත් එය එසේම වනු ඇත.

අන්තර්ජාලය හරහා හෙවත් සිංහල වියුණු හරහාම දැන හඳුනා ගත් හා කිසි දිනක හැබැහින් නොදුටු ලාංකීය සිතුවිලි මෙහෙයවන සහෘර්දයන් හත් දෙනෙකු සමග මෙන්ම විශේෂ අදහස් ඉදිරිපත් කරමින් සහයෝගයෙන් වැඩ කරන තවත් සහෘර්දයන් කිහිප දෙනෙකුගේද සහායෙන් මෙතුවක් කල් ඔබ හමුවට ආ අප දැන් පසුකරමින් සිටින්නේ මාස හයේ සීමාවයි. මේවන විට අප ඔබට විශේෂ පහසුකම් හා වෙනත් විනෝදය හා දැනුම ලබා දෙන වැඩ සටහන් කිහිපයක් හඳුන්වා දී ඇත.

මෙසේ පෙළ ගස්වමු.
පහසුකම්

1.පටස්
ලිපියක් ලියා බොහෝ වෙලාවක් බලා නොසිට, ලිපිය ලියූමො‍හොතේම එම ලිපිය ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කරගත හැකි ක්‍රමවේදයක් ලෙස මෙය සැකසී ඇත.

2.ඊලඟ මෙහෙයුම් කාලය
ලාංකීය සිතුවිලි ලිපි සොයා කරනු ලබන ඊලඟ මෙහෙයුම කරන වේලාව ඔබගේ දැන ගැනීම පිණිස දක්වා ඇත

3.ලිපි වර්ග කිරීම
මාස හයක් ඉකුත්ව යෑම ඉලක්ක කොට අලුතෙන් හඳුන්වා දුන් මෙම ක්‍රමය මගින් ඔබගේ සම්පුර්ණ වියුණුවම එක් වර්ගයට අතුලත් කර, ලියන විවිධාකාර වු ලිපි වලට අසාධාරණයක් නොකර අදලා ලිපිය පමණක් වර්ග කල හැකි පරිදි නවමු වැඩපිළිවෙලක් සකසා ඇත. මෙම ක්‍රමය කිසි විටෙකත් ඔබගේ ලිපිය මුල් පිටුවෙන් අයින් කර නොදමයි. මුල් පිටුවේ මෙන්ම අදාල වර්ගයේද එම ලිපිය පෙන්වයි. එනම් ලාංකීය සිතුවිලි තුල ස්ථාන දෙකක ඔබගේ එකම ලිපිය ගෙන හැර දක්වයි.

4.පරණ ලිපි
මුල් පිටුවේ දිග හැරෙන සෑම ලිපියක් සමගම බැඳි ඇති “පරණ ලිපි” යන බැඳිය එම අදාල වියුණුවේම පල කරන ලද පරණ ලිපි තුනක් එසැනින් ගෙන හැර දක්වයි.

5.අදහස්
මෙය හඳුන්වා දීමේ අරමුණ වුයේ, බොහෝ දෙනකු බැලීමට යන්නේ මුල්පිටුවේ ඉහළින් ඇති ලිපි පමණකි. එබැවින් යම් විදිහකින් වටිනා ලිපියක් පහළට වන්නට තිබුණු විට එය ඇස නොගැටී මග හැරී යනු ඇත. එය යම් දුරකට හෝ වලක්වා ලීමේ අරමුණින් අදහස් ඇති යන දකුණු ඉහළ කෙලවර නව කලාපය හඳුන්වා දී ඇත. අදහස් දැක්වීමට ඔබ ලාංකීය සිතුවිලි හි සාඩම්බර සාමාජීකයෙකු විය යුතුමය.
[ නිදහස් අදහස් දැක්වීම නතර කරන ලද්දේ සිංහල භාෂාවේ ඇති බොහෝ අසභ්‍ය වචන ලයිස්තු ගත කර ගැනීමෙන් අනතුරුවය. එහෙයින් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අසභ්‍ය වචන දෑමු සිංහල බ්ලොග් පාඨක ඔබටත් අපගේ ආචාරය නිතැතින්ම හිමිවෙයි.]

6.මුහුණු
ලාංකීය සිතුවිලි සාඩම්බර සාමාජීකයෙකු වන ඔබ http://lankeeya.lk/ තුලට අතුලුවිමෙන් [ Log ] අනතුරුව http://syndi.lankeeya.lk/ මගින් ලිපි බැලීමේදි ඔබගේ මුහුණ එම ලිපියට අදාලව පහළින් දක්වයි. මෙම ක්‍රමයේ අරමුණ වුයේ එම ලිපි බැලු පාඨකයාගේ අඩවිය සඳහා යම් කිසි ප්‍රචාරයක් ලබාදිමයි. පසුගිය දින කිහිපයයේ කරන ලද විශ්ලේෂණයන්ට අනුව බොහෝ දෙනෙකු මෙම “මුහුණු” යන බැඳිය හරහා ලිපිය බැලු පඨකයාගේ වියුණු අඩවියට ගොස් ඇත. ලිපිය ලියු අඩවයට පමණක් නොව එය බැලු පාඨකයාගේ අඩවියටත් යම් කිසි ප්‍රචාරයක් ලබා දීම අපගේ යුතුකම්ක් ලෙස සැලකුවෙමු.


විනෝදය හා දැනුම
7.ප්‍රහේලිකාව
ලාංකීය සිතුවිලි සාඩම්බර සාමාජීකයෙකු වන ඔබ http://lankeeya.lk/ තුලට අතුලුවිමෙන් [ Log ] අනතුරුව http://puzzle.lankeeya.lk/ අඩවියට ගොඩ වූ වට ඔබගේ දැනුම හා විනෝදය සඳහා වු මෙම ප්‍රහේළිකාව පිරවිය හැක. කොටස් වශයෙන්ද පිරවිමේ හා නැවත නැවත සකස් කීරිමේ පහසුකම් සලසා ඇත. සෑම මසකම දෙවරක් ඉදරිපත් කරීමට දැනට සැලසුම් කර ඇත. තව විස්තර ඉදිරි දිනයකදී බලාපොරොත්තු වන්න.

වෙනත්

ලාංකීය සිතුවිලි ‍තුලට ඔබ අතුලු [login] වූ පසු, අපගේ අඩවි සියල්ලටම ඒ අතුලව[login] හරහා ගමන් කල හැක. එනම් ඔබ http://lankeeya.lk/ හරහා අතුලු වුව හොත්, http://syndi.lankeeya.lk/ හා http://puzzle.lankeeya.lk/ හිද ඔබේ අතුලුව සර්තකව භාවිත කල හැක. ඒ බව දැක්වීමට දකුණු පස උඩ කෙළවරේ ඔබගේ මුහුණ දිස්වනු ඇත.


ඉහත සඳහන් කල කරුනු වලට අමතරව යම් කිසි අයෙකුට විශ්ලේශනාත්මක ලෙස සිංහල බ්ලොග්කරණය පිළිබද දළ අදහසක් ගැනීමට http://lankeeya.lk/ හි ප්‍රස්ථාර හා ලැයිස්තු ගත කීරිමෙන් තොරතුරු ඉදිරිපත් කර ඇත.

නිවේදනයයි !

http://blog.inetlanka.com සබැඳියෙන් ඔබ වෙත පිවිසුනු අපි, ලාංකීය හදවතට වඩාත් ලඟින් දැනෙන http://lankeeya.lk සබැඳියෙන් සේවා සැපයීමට දැන් උත්සුක වී ඇති අතර පැරණි සබැඳිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ලාංකීය සිතුවිලි පරිපාලනය තීරණය කර ඇත. එහෙයින් ඔබ දැනට අප හා සම්බන්ද වීමට යොදා ඇති පෝෂක (feed) හා සබැඳි (links) යාවත්කාලීන කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

20 comments:

  1. සුභම සුද පැතුම් මිත්‍රයිනි... අනාගතයයත් සාර්ථක වේවා...

    ReplyDelete
  2. අකුරක පොඩි අවුලක් වෙලානෙ. :( සුභම සුභ පැතුම් වෙන්න ඕනෙ ඒක. :)

    ReplyDelete
  3. කරනා කියන හැමදේ අලුතක් වෙන්න
    නැවුම් බව සමග හෙට රජයන්න
    ආමග හෙටියි යායුතුමග දිගුවෙන්න
    මිතුරන් ඇවිත් තව තව රොද බැදගන්න

    ReplyDelete
  4. උණුසුම් සුබ පැතුම් සමග ඉදිරිය ජයගන්න අවැසි දිරිය හා සවිය පතමි ඉතසිතින්....

    ReplyDelete
  5. ඔබ සැමට තව බොහෝ දුර යාමට ලැබේවායි සුභ පතමි!!!

    ReplyDelete
  6. ලාංකීය සිතුවිලි ශ්‍රි ලංකාවේ එක
    ජය වේවා

    ReplyDelete
  7. ආයුබෝවේවා!

    ReplyDelete
  8. මගෙන් සුබ පැතුම් ! :)

    ReplyDelete
  9. මුලින්ම මම සුභ පතනවා...!දීර්ඝ ගමනක් හොඳින් යන්න කියල.මොකද හොඳ වැඩක් කරනකොට ඒක බලන් ඉන්න බැරි අය කොහෙත් ඉන්නව.සයිබර් අවකශය කියල නැහැ,විශේෂයෙන් ලංකාවෙ ඉන්නවා.කවුරුවත් ගරහනව කියල ඒවැඩේ නවත්වන්න නොගිය එකට මම ගරුකරනවා.මමනම් මේ විශ්ව ගම්මානය තවම අධ‍යනය කරනවා.ඒක ඉවර කරන්න නම් අමාරුඉ.ලාංකීය සිතුවිලි වලට තව හොඳ විශේසාංග එක්කරන්න.තාඩන පීඩන මැද වුවත් යන ගමන එක එල්ලේම යන්න.එතකොට සියල්ල ඉටුවේවි.නමුත් නිවැරදිව යන්න. දුරගමනකට ඉත සිතින්ම සුභ පතමි.

    ReplyDelete
  10. මමත් ඔයාලට සුභ පතනව. තව තව අලුත් දේ රැගෙන තව තවත් ඉදිරියට යන්න ශකිතිය ධෛර්යය ලැබේවා!

    ReplyDelete
  11. ඔබේ සේවය ඉතා ඉහලින් අගය කරන අතරම දීර්ඝ ගමනකට සුබ පැතුම්

    ReplyDelete
  12. ජය වේවා. බොහෝ දුර යන්නට ඔන්න මගෙනුත් සුභපැතුම්.

    ReplyDelete
  13. සුභ පැතුම්!!! අපි හැමදාම ලාංකීය එක්ක ඉන්නවා..

    ReplyDelete
  14. www.inetlanka.com ‍කාටද විකුනැන්නේ ? හොද ගානෙකෙ වෙන්නැහැ නේ හොදැ හොදැ

    ReplyDelete
  15. උණුසුම් සුභපැතුම්..
    දිගුකලං අන්තර්ජාලයේ වැජඹේවා

    ReplyDelete
  16. ගඩොල් අපගෙනුත් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  17. එළස්.., ඉදිරිගමනට සුභ පතනවා

    ReplyDelete
  18. සුබම සුබ පැතුම්... තව තවත් දියුණු වේවායි පතනවා!

    ReplyDelete
  19. සුබ පැතුම් අපි හැමදාම ඔයාලා එක්ක තමයි

    ReplyDelete