Sunday, December 25, 2011

දැනට ලාංකීය තුල ඇති බ්ලොග් අඩවි

පසුගිය දිනවල ඔබගේ බ්ලොග් අඩවි ලිපි, ලාංකීය සිතුවිලි තුල යාවත්කාලින නොවිමෙන් සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගාටුව පළ කරන්නෙමු.

දැනට ඇතුලත් කරගෙන ඇති සියලු බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක. ඔබගේ බ්ලොග් අඩවිය එතන නොමැති නම් අපට පහතින් කමෙන්ට් මාර්ගයෙන් දන්වන්න. එලෙසම ඔබගේ බ්ලොග් අඩවියි ලාංකීය තුල තිබි, ඔබ ලියන ලද ලිපියක් පැයක් අතුලත ලාංකීය තුල දර්ශනය නොවේ නම් ඒ ගැනද අපව දැනුවත් කරන්න.


පසුගිය දිනවල අපගේ විද්‍යුත් ලිපිනයට එවන ලද බොහෝ ලිපි වලට ප්‍රතිචාර දක්වන ලදි. යම් හෙයකින් එසේ ප්‍රතිචාර නොලැබුනේ නම් නැවත ලිපියක් එවන මෙන් කාරුණිකව දන්වා සිටිමු


ලාංකීය සිතුවිලි සමඟ දිගටම රැඳි සිටින්න

Saturday, December 17, 2011

බිඳ වැටීම සහ අලුත් බ්ලොග්

නිවේදන

1. තාවකාලිකව නවතා තිබූ නව බ්ලොග් අඩවි ඇතුලත් කිරිම දැන් නැවතත් ආරම්භ කර ඇත.
2. අනවශ්‍ය කාරදර කාරි බොහොමයක් බ්ලොග් අඩවි ඉවත් කර ඇත
3. ගැටලුවක් ඇත්නම් lankeeyasithuwiliඇට්gmail.com විද්‍යුල් ලිපියක් එවන්න
4. අනුමත විමට ඇති බ්ලොග් අඩවි නුදුරු දිනකදි සලකා බැලේ
5. ගුගල් හොස්ටින් විසින් නව මිල දර්ශයක් හඳුන්වා දී ඇති බැවින් ලාංකීය සිතුවිලි බොහෝ විට ලිපි යාවත් කාලිනය කරනුයේ දිවා කාලයේදි පමණක් වනු ඇත
6. පටස් යොදාගෙන් ඔනෑම සක්‍රීය අඩවියක ලිපි එක් කල හැක




නිවැරදි හොස්ටින් ක්‍රමක් මිලදි ගත් වහාම ලිපි යාවත් කාලිනය පැයකට වරක් සිදු කරනු ඇත. ඔබට සිදුවන අපහසු තාවයට අපගේ බලවත් කණගාටුව. මෙතෙක් කල් ලාංකීය සිතුවිලි හා රැඳිසිටියා මෙන් ඉදිරියටත් අප සමඟ රැඳි සිටින්න.

Saturday, October 1, 2011

බ්ලොග් ඉවත් කරයි - අවධානයෙන් සිටින්න

ලාංකීය තුල තිබෙන සියලුම [ 2000 කට අධික ] බ්ලොග් නැවත පරික්ෂාවකින් පසු

1. දැනට වැඩ නොකරන [url එක වැඩ කරන්නේ නැති]
2. හුදෙක් සල්ලි සෙවිමට පමණක් යොදාගන්නා අඩවි

http://syndi.lankeeya.lk/adminlog

සියල්ල ඉවත් කෙරේ


මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඉහත සඳහන් කල ආකාරයේ බ්ලොග් අඩවියක් ඔබටත් ඇත්නම් සැලකිලිමත්වන්න




ලංකීයේ ඉන්න කට්ටියට අමතරව ලාංකීය ගැන උනන්දු වෙන ... ඒක හොදට තියනවා දකින්න කැමති ස්වකැමැත්තෙන්ම මේ වැඩේට උදව් කරන පිරිසක් සමග මේ වැඩසටහන සිදුවෙයි.



තවත් යෝජනා චෝදනා තිබේ නම් ඉදිරිපත් කරන්න

Friday, July 29, 2011

කවි මඩුව අක්‍රියව පවතී. / http://lkservers.com/ ගන්න එපා

lk සර්වර්හි එකවර රික්වෙස්ට් 100ක්  දරාගත නොහැකි නිසා කවි මඩුව අක්‍රියව පවතී.සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව.කවි මඩුවට සහභාගී වූ ඔබ සැමට ස්තුතියි! නැවතත් මෙවැනි බාධක නොමැති කවි මඩුවකින් හමුවෙමු.

එකවර රික්වෙස්ට් 100ක්  දරාගත නොහැකි http://lkservers.com/වලින් ඔබ හොස්ටින් මිලදී නොගන්න‍.

පහන් සිලක් දැල්වීමේ ආරාධනය 2011 කවි මඩුව

හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේ
සරස්වතී කුමරිය මෙහි වඩින්නේ
වැරදි නැතිය හරි දෙයකුයි කරන්නේ
සැම දෙස බලා සැමට සෙත සදන්නේ

සොදුරු දෙයකි අරඹන්නට හදන්නේ
සැමට සෙතක් ඇති බවකුයි සිතන්නේ
අද දින අපි කවි මඩුවක් කරන්නේ
කවි කම් මතින් හොද මිනිසුන් හදන්නේ

රතු පාවඩ නැත කවි පලසකි එලන්නේ
කවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේ
කවි කියන්න සැමටම සුබ පතන්නේ
පිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේ


පහන් සිලක් දැල්වීමේ ආරාධනය

සමාව අවසර මිතුරනි පිළිගන්න
සම්ප්‍රධාය ඉදිරියටත් අප රැකගන්න
සැම දෙනාම එකාවන්ව ගොඩවන්න
ඇරයුම සැමටම තිරයක් පහනේ දල්වන්න

පහනේ තෙල් සුවදින් සිත් සැනසේවා
පහනේ ආලෝකය දසතම පැතිරේවා
පහනේ උණුසුම සැමටව සුවදේවා
පහනේ දැල්ල නිම වන තුරු නොනිවේවා



http://kavimaduwa.lankeeya.lk


මුල්ම මාතෘකවලෙස "මත්පැන් හොඳද , නරකද?" ඔබගේ කැමැත්ත පරිදි තෝරාගන්නා ලදී

Thursday, July 28, 2011

කවි මඩුව හෙටයි

ආරාධනාවයි!
ලාංකීය සිතුවිලි මෙහෙයවන දෙවන
අන්තර්ජාල කවි මඩුව හෙට උදෑසන 8.30 ට
චිරාගත සම්ප්‍රදායට මුල් තැන දෙමින්
පොල්තෙල් පහන දැල්වීමෙන්
අරම්භකෙරේ.

එයට සහභාගී වීම සඳහා ඔබට කෙරෙන
සුහද ආරාධනයයි මේ!!

විවිධ කටයුතු හේතුවෙන් විඩාවට පත් මනසට අපුර්වත්වයක් එක් කිරීමට මෙවරත් ඔබට හැකිවේයැයි අප සිතමු.

කවි මඩුව පැවැත්වෙන ස්ථානය : http://kavimaduwa.lankeeya.lk/

Sunday, July 24, 2011

සැ‍රසෙන්න.. ඒ ඔබ වෙනුවෙන්මයි...


එක්තරා පාළු ගම්මානයක් තුලින් හමා යන මඳ නළක සිසිලසක් නොමැති උවත් පාව යන්නට අවැසි නිසාවෙන් ඔහේ පාව යමින් පැවතිණ..
පලු වීර ගස් තරමින් ඒකාකාරී නොවුවද අරමුණක් නොමැති අවසානයක් කරා ඇදී යමින් තිබුන සුළඟට මෙලෙස පනිවිඩයක් අසන්නට ලැබිණ..

සත්සමුදුර සිසාර කවි රැවුදෙන්නයි
මහමෙර උසට ඇති සිතුවිලි ලියවෙන්නයි
කවි මඩුවකදි හමු වී ගුටි ඇනගන්නයි
ලඟ එන ඒ දිනයේ ඇරයුම තුටු වෙන්නයි

හමා ගියද සුන්දර ලාලිත්‍ය කැටිඋන හඩකින් හමා ආ මධුර ස්වරය පසුකර යන්නට සුළග අපොහොසත් විය.. කවිකාර මනස කැළඹෙන්නට විය...

ඈත වෙල් එළිය සිප ආ සුළඟ මමයි
ගම් බිම් නගර හරහා ගමන මගෙයි
ඔබ හඩ ඇසී මම නැවතුනි සත්තයි
සුන්දර ගැමි ලියේ ඇරයුම මට ඇහුනයි

කටු මැටි වරිච්චියෙන් සෑදූ පිළ මත දිග හැරුණු වී පැදුර අතර අතරමං වුන ඇයට මේ මධුර ස්වරය නැගෙන්නේ කොයි ඉසව්වෙන් දැන් අදහා ගත නොහැකි විය..නමුත් එය සුළගේ හඩ බව ඇය සක් සුදක් සේ දන්නා කරුණකි..

නිල්වන් සේද ගොයමින් පිරි කුඹුරු මතින්
ඇවිදන් යන්න හැකි නම් මට නුඹ සමගින්
කැන්දන් යන්න සු‍ළගේ මා ලොවට හොරෙන්
දිනයක් කියන් හැකිනම් එන්නෙම්ය සැනින්

කැන්දන් යන්න ආසා වුවද ගෙන යා නොහැකි බව ඔහු සිත දනී...

ආසයි නගේ ගෙන යන්නට මා සමගින්
බැඳි වැව් මතින් ගෙනයමි නුඹ අහස උඩින්
සිත් මල ‍මෙලෙස වැලපෙද්දී නොහැකි දුකින්
කියපං නගේ කල හැකි යමක් මා සමගින්...

ඇය සිතද ශෝකයෙන් පිරී තිබුනද ඇයටද ආසාව මැඩලීම ‍විනා කල හැකි අන් දෙයක් නොතිබින... ඇය සුළග වෙත ඇය නමින් මෙසේ පණිවිඩයක් ලියා යවන ලදී...

සුන්දර බක් මහ ගෙවී වෙසගත් ලැබුවා
‍සුන්දර වෙසගෙ අප බුදු තෙමගුල තිබුනා
වෙසඟත් ගෙවී දින සති තව ගතවෙන්නා
ඇසල මහක කවි මඩුවක් පැවතෙන්නා

අවසන් දින වලයි කවි පද අමුනන්නේ
සරසවි දෙව් වරම් ගෙන කවියන් පැමිනෙන්නේ
සුළගේ නුඹ ගොසින් මේ ගැන විගසින්නේ
නගරේ කවියෝ හැමගේ කණ තබපන්නේ...

සත්තර තනු නැතත් පද ටික ගලපාලා
කියුමට හැකිය හැමටම කවි රසකරලා
ලග එන දිනෙදි මේ අයුරින් එක් වීලා
තුටු වී ඉන්න මං ඇත දැන් මඟ බලලා

මෙය අසා සිටි සුළගට අරමුණක් දෑස ඉදිරියේ මැවෙන්නට විය.. ගම් නියන් ගම් පීරා නගර කෙත්වතු මැදින් හමා යන සුළග මත දැන් පණිවීඩයකි.. මලානිකව හමා ආ සුළඟ දැන් ප්‍රමෝදයෙනි. ඉතින් සබඳ යොමන්න ඔය දෙසවන හමා එන සුළඟ වෙත..
අසන්න පිරිපුන් සවනින් සුළග ගෙන එන පණිවිඩය..
සැ‍රසෙන්න.. ඒ ඔබ වෙනුවෙන්මයි...

Sunday, July 10, 2011

කවි මඩුවේ සංවාද මාතෘකා

මේ වන විට කවි මඩුවේ‍ කවි ලිවිම සඳහා 75 පමණ ආසන්න පිරිසක් එකතුවි ඇත. එලෙසම ඉල්ලුම් කල සැමට කවි ලොගින් යවා ඇත. යම් අයෙකුට නොලැබු‍නේ නම් lankeeyasithuwili ඇට් gmail.com හරහා අපව අමතන්න. ඔබ එවන ලද සංවාද මාතෘකා සියල්ල පහතින් ලැයිස්තුගත කර ඇත. කවි ලිවිමට මඩුවේ තත්වය දැන ගැනිමට http://kavimaduwa.lankeeya.lk/ ගොඩ වන්න


1. මඩ,ආදරය,සමජ සිදුවීම්..
2. ප්‍රේම විවාහ vs යෝජිත විවාහ
3. ගුණ ධර්ම
4. මත්පැන් හොඳද , නරකද?
5. ලෝකෙ වැඩියෙන්ම ආදරණීය කෙල්ලොද/කොල්ලොද?
6. ආදරේදී වැඩියෙන්ම දුක් විදින්නෙ ආදරවන්තයෝද/දෙමාපියන්ද?"
7. කසාද ජීවිතේ රසද?
8. කොට සායද? සාරි කොටේද?
9. සුදු හමද? කලු හමද?
10. මිනිස්සු වැඩිය කැමති ආදරයද? රාගයද?
11. කැළණිය මහරජතුමා
12. කම්කරුවා හා ලිපිකරුවා
13. හදවතින් කතා කිරීම හා මනසින් කතා කිරීම
14. අම්මා යුද්දය විරහව පොඩි හාමුදුරුවෝ
15. ආදරය. අම්මා. සාමය.
16. ආදරය, පාසල
17. වීදියෙ දරුවා. විරහව. තනිකම. අම්මා. යුද්දයට පසු
18. දේශපාලනය/ක්‍රීඩාව/ස්ත්‍රීය/ගීත කලාව/රෑපවාහිනය හා ගුවන් විදුලිය
19. අන්තර්ජාලය/අවුරැදු සිරිත/සදාචාරය
20. අමතකවීම /ජීවිතය දිනන්න ආදරය ඕනෙද?
21. වඩා හොද රූපවාහිනියද? ගුවන් විදුලියද?
22. ගැහැනියට සම තැන දිය යුතුද, නැද්ද
25. 64 මයම්, අහින්සක කොල්ලො,
26. ආදර සම්බන්ධයකින් ඇති වෙන විවාහයද කල් පවතින්නේ එහෙම නැත්තම් විවාහ යෝජනාවකින්
ඇතිවෙන එකද?
27. සහකරුවෙක් සහකාරියක් තෝරාගැනීමේදී වඩා ඔබින "හොඳ හැදියාවක් නැතත් බොහෝ මුදල් ඇති
අයෙක්ද? නැත්තම් බොහෝ හොඳ හැදියාවක් ඇති අන්ත දුප්පත් කෙනෙක්ද?"
28. කොල්ලන්ද කෙල්ලන්ද වැඩියෙන් බූට් තියන්නේ?
29. ඔබට අවශ්‍ය ලොකු සල්ලි කාරයෙක් වීමටද? සල්ලි නැතත් රටට වැඩදායී පුද්ගලයෙක් වීමටද?
30. ලව් මැරෙජ් ද ප්‍රොපොසල් මැරෙජ්ද වඩ හොද..
31. වල් කම.. /කොලු ගති../කැමරාව..
32. ආදරය/මිතුරුකම/අන්තර්ජාලය/බස්
33. රහසින් බැදි පෙම/තහනම් ගහේ ගෙඩි කෑම
34. අන්තර්ජාලය
35. සල්ලිද මනුස්සකමද/ධනාත්ම චින්තනය
36. මිටරෙ වැඩි කොල්ලන්ගෙද කෙල්ලන්ගෙද/පොඩි දෙයකදි වැඩිපුර කැගන්නෙ කොල්ලොද කෙල්ලොද
37. වඩා අහිංසක කොල්ලො ද?කෙල්ලො ද?
38. කම්කරුවා ලිපිකරුවා
39. වැඩියෙන්ම ආකර්ෂණ උස කෙල්ලොද ? මිටි කෙල්ලොද ?
40. අන්තර්ජාල ප්‍රේමය හා විවාහය
41. සිංගල්ද? රිලේශන්ෂිප් ද හොඳ?
42. විස්කිද ගල්ද
43. ආදරය, විරහව, අම්ම, ළමා විය
44. කෙල්ලො
45. 2600 vs 2555 /වෙසක් කූඩු කඩෙන් මිලදී ගැනීම/සරි ලංකා ප්‍රිමියර් ලීග්
46. කේන්දර විශ්වාස කල යුතුද? නැද්ද?
47. තාක්ෂණය හොදද නරකද
48. සමාජය, මිනිස්සු, කාන්තාව
49. ගැහැණු ළමයින්ට කලිසම ගැලපෙනවද?
50. ඉන්ටනෙට් හොදද නැද්ද /කෙල්ලො මෙච්චර ස්ටයිල් කරන්නේ ඇයි?
51. විරහව /ප්‍රේමය/සතුට/දුක/
52. මත්පැන් අවශ්‍යද නැද්ද ?,/දේශීයක්වය අගය කල යුතුද නැද්ද ?
53. ආදරය සහ වෛරය, /සුදන්ගෙ නුතන යටත්විජිතවාදය, /අපට අමතක වන ආදරණීය අම්මා, /
කෙල්ලෙකුට ආදරය කිරීම වරදක්ද
54. සිංහල අලුත් අවුරුද්ද ජනවාරි පලවෙනිද
55. මිතුරිය /තනිකම (තනිකඩ ජීවිතය)/කැම්පස් නොයන අපි ඔටුවොද?/යාලුවට ආදරේ කරන එක
අවුලද?/පාඩන් කරන්නද? මලක් කඩන්නද?/උයන්න බැරි කෙල්ලෙක් බදිනවද? නැද්ද?
56. බ්ලොග් ලිවිල්ලේ හොඳ සහ නරක
57. කෙල්ලන්ගේ බ්ලොග් හොඳද,මෙලෝ රහක් නැද්ද
58. ආදරය සහ රාගය, බුදු දහම සහ මිණිසා, බටහිර කරණය සහ නුතන සමාජය, කෙල්ලොද චපල
කොල්ලොද චපල, අනියම් සම්බන්දය, ආදරයයි යොවුන් වියයි, අපට අමතක වන දෙමාපියෝ,
හාමුදුරුවොයි ගැහැණියොයි, ආදරයේ තහනම් ගහ, අපේ සිරිලක පරිසරය, නූතනයයි මිනිස් සිතයි,
අනුකරණය, විලිසිතා සහ කෙල්ලෝ, පලමු පෙම, පාසල් ප්‍රේමය,
59. කැමරාව /විරහව /ගැහැනු හොදද පිරිමි හොදද

ඉහතින් දක්වා ඇති මාතෘක වලින් ඔබ වඩාත් කැමති මාතෘකාව කවි මඩුවේ සංවාදයට එක් කිරිමට බලාපොරොත්තු වෙමු. එහෙයින් ඔබ වඩාත් කැමති මාතෘකව දැන්ම පහතින් සටහන් කරන්න. 

http://denuma-bedagamu.blogspot.com/ හි හිමිකරුට මෙයිල් යැවියනොහැක

Thursday, July 7, 2011

කවිමඩුව නවතම මුහුණුවරකින්

අයියා අක්කා නංගි මල්ලි කවි කිවා
මතකද එදා අපි කවි මඩුවක් තිබ්බා
නැවතත් ඔන්න අපි සබයට පැමිණෙන්නා
කියමුද ගොතා රස කවි මඩුවට වීලා


තාවකාලිකව අත්හිටවූ ලාංකීය කවි මඩුව  නවතම මුහුණුවරකින් මෙම මස 29,30,31 යන තෙදින තුල පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සතුටින් දැනුම්දෙමු.මේ වනවිට ඉල්ලුම්කර ඇති සැමටම ලොගින් පිලිබඳ විස්තර යවා අවසන් බැවින්, ලොගින් නොලැබුන අයෙකු වෙතොත් කරුණාකර lankeeyasithuwili@gmail.com  වෙත මෙල්ලුවක් යොමු කරන්න.

තවමත් ලියාපදිංචි නොවූ ඔබට,

1. ඔබ කවිමඩුවට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්. මෙම බැදියට ගොඩවී ලියාපදිංචිවන්න.මෙපරිදි ලියාපදිංචිය අනිවාර්යය කර ඇත්තේ ඔබේ අනන්‍යතාවය‍ වෙනත් පුද්ගලයින් විසින් ලබාගැනීම වැලැක්වීම සදහාය. තවද ඔබ ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කර ඇති බ්ලොග් එකක අයිති කරුවෙකුගේ නමකින් ලියාපදිංචි වන්නේ නම් ඉහත බැදියේ, එම බ්ලොගය ඇතුලත් කල මේල් ලිපිනයම සදහන් කරන්න. ලියාපදිංචි වන සැමට තහවුරුකරගැනීමේ පනිවිඩයක් එවනවා ඇත.

2. ලියාපදිංචියේදී වඩා අකාර්ෂණය දිනා ගත හැකි මාතෘකාවක් හෝ දෙකක් දැම්මට අමතක නොකරන්න.

3.පුරා දින 3 ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.

 මේ  පිළිබඳව ඔබේ අදහස් ලොගින් වී අප වෙත දන්වන්න.

Wednesday, June 22, 2011

ලාංකීය තුල සමහර බ්ලොග් අක්‍රීයයි

ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය ගූගල් හොස්ටිං වලට  රැගෙන ගිය නිසා, ලාංකීය තුල සමහර බ්ලොග් අක්‍රීයයි.කරුණාකර ඔබේ අඩවිය පටස් කර බලා, මේ මැසේජය දිස් වේ නම්,
 
 "ඔබගේ බ්ලොග් අඩවිය දැනට සක්‍රීය කර නැත"
 
ඔබේ පටස් ID එකත් සමඟ අපට ඊ මේල් පණිවිඩයක් මගින් දැනුම් දෙන්න.
 lankeeyasithuwiliඇට්gmail.com


ඔබට සිදුවු අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව!

Thursday, May 19, 2011

සහෘදයකුගේ නික්ම යාම

බ්ලොග් අවකාශයේ අප කවුරුත් දන්නා හඳුනන ඉලන්දාරියා නොහොත් දිලුම් දිසානායක සොයුරා අපෙන් සමුගත් බව මේ වනවිට සැවොම දන්නා දෙයක්.උපන්නොත් කෙනෙක් යම්දිනක මරණයට පත්වන බව කලකට පෙර ඔහු තැබු සටහනකි මේ..

හිරු නැග එනකම්
සොදුරු බව ‍රැකපන්....
මරනයේ නියත බව ....
නුබ ලොවට කියපන්....

ඇතිවුනොත් යම්දෙයක්....
සදා කල් ලොවෙනැත
කිසි දෙයක්....
අනියත බවින් මගහල දෙයක්....

ඉපදුනොත් යම් කෙනෙක්....
නියත වේ මරණයත්....
උපන් මොහොතෙම දින නියමවේ
මරණයේ දිනයමත්....

ඔබ අපෙන් සමුගත්තද, ඔබෙ මතකය අප හදවත් තුල සදා අමරණීය වනු ඇත...
දිලුම් සොයුර ඔබට නිවන් සුව පතමු.. මතු උපදින භවයක නිදුක් නිරෝගී සම්පත්තිය අත් වේවා!!!


දිලුම්ගේ නිවසට යන පාර,

වාහනයක යන අයට, නුවර සිට මාතලේ යනවිට අලවතුගොඩගොඩ පසුවී බලකඩුව පල්ලම පසු කරන විට වම් පැත්තට කූඹියන්ගොඩ පාර ඔබට හමු වෙනු ඇත.. එතනින් කූඹියන්ගොඩ නගරයෙන් කොටුවේගෙදර පාරට හරවා නිවාස සංකීර්ණයේ ජයන්ති කඩේ අසලට ගියවිට දිළුම්ගේ නිවස දිස්වෙනු ඇත.

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අයට, මාතලෙ තැ
පැල් කාර්යාලය අසලින් උඩුපිහිල්ල හෝ ඊරියගහමඩ බස් රථයක නැගී කූඹියන්ගොඩ තැපැල් කන්තෝරුව අසලින් බැස ගත යුතුය. ඉන්පසු කොටුවෙගෙදර පාරේ නිවාස සංකීර්නය අසලට ගිය පසු දිළුම් ගේ නිවස දිස් වේ...

සෙනසුරාදා (මැයි  21) උදෑසන 06.30ට කොටුව දුම්රියපොල අසලින් බස් රථයක් දිළුම්ගේ නිවස බලා යෑමට කටයුතු සලසා ඇත.
වැඩි දුර විස්තර සඳහා අභිත සොයුරා අමතන්න.


හදිසියේ අප අතරින් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් ලාංකීය සිතුවිලි කණ්ඩායමේ සාතිශය සංවේගය!!!

Saturday, May 14, 2011

කවි මඩුවට දින ලඟයි

දින එක දෙක ගෙවි ගෙවී  යන්නා
කවි මඩුවට දින හිමිහිට ලං වෙන්නා
සියල්ලෝම  සැරසෙන බව පෙනුනා
රස  කවි ගොතනට ඔබටයි මේ ආරාධනා 


ලාංකීය සිතුවිලි ඔබ හා එක්ව පවත්වන්නට සුදානම් වන දෙවන කවි මඩුව ගැන මේ වන විටත් ඔබ සැවොම දන්නවා ඇති. පහත දැක්වෙන්නේ මේ වනවිට  ඔබ විසින් යෝජනා කරන්නට යෙදුනු කවි මාතෘකාය.

  • ආදර සම්බන්ධයකින් ඇති වෙන විවාහයද කල් පවතින්නේ එහෙම නැත්තම් විවාහ යෝජනාවකින් ඇතිවෙන එකද?
  •  සහකරුවෙක් සහකාරියක් තෝරාගැනීමේදී වඩා ඔබින "හොඳ හැදියාවක් නැතත් බොහෝ මුදල් ඇති අයෙක්ද? නැත්තම් බොහෝ හොඳ හැදියාවක් ඇති අන්ත දුප්පත් කෙනෙක්ද?" කොල්ලන්ද කෙල්ලන්ද වැඩියෙන් බූට් තියන්නේ? ඔබට අවශ්‍ය ලොකු සල්ලි කාරයෙක් වීමටද? සල්ලි නැතත් රටට වැඩදායී පුද්ගලයෙක් වීමටද?
  • වඩා හොද රූපවාහිනියද? ගුවන් විදුලියද?  
  • ගැහැනියට සම තැන දිය යුතුද, නැද්ද?
  • කසාද ජීවිතේ රසද?
  • කොට සායද? සාරි කොටේද?
  • සුදු හමද? කලු හමද?
  • මිනිස්සු වැඩිය කැමති ආදරයද? රාගයද?
  • ලෝකෙ වැඩියෙන්ම ආදරණීය කෙල්ලොද/කොල්ලොද?
  •  ආදරේදී වැඩියෙන්ම දුක් විදින්නෙ ආදරවන්තයෝද/දෙමාපියන්ද?
  • කම්කරුවා හා ලිපිකරුවා
  • හදවතින් කතා කිරීම හා මනසින් කතා කිරීම
  • ප්‍රේම විවාහ vs යෝජිත විවාහ
  • අසේල යනු මඩයාද? මඩයා යනු අසේලද?
  • මත්පැන් හොඳද , නරකද?
  • අසිරිමත් ක්ෂීරබත් පුර වැනුම
  • කවියෙන් වනමු බාබා
  • එන්න අපි මල් නෙලමු
  • නින්දට පෙර දත් මදින්න
  • දේශපාලනය
  • ක්‍රීඩාව
  • ස්ත්‍රීය
  • ගීත කලාව
  •  අන්තර්ජාලය
  • අවුරැදු සිරිත
  • සදාචාරය
  • පාසල
  • වීදියෙ දරුවා.
  • විරහව.
  • තනිකම.
  • අම්මා.
  • යුද්දයට පසු
  • ගුණ ධර්ම
  • සයිබර් අවුරුදු උත්සවය
  • වල් කම
  • කොලු ගති
  • කැමරාව
  • රහසින් බැදි පෙම
  • තහනම් ගහේ ගෙඩි කෑම
  • ආදරය
  • මිතුරුකම
  • අන්තර්ජාලය

තවත් රසබර මාතෘකා එක් කර කවි මඩුව සාර්ථක කර ගැනීමට ඔබගේ නොමද සහයෝගය අප වෙත ලැබේයැයි අප අපේක්ෂා කරමු. මේ වනවිටත් කවි මඩුව සදහා ලියාපදිංචි නොවූ ඔබට මෙම සබැදිය ඔස්සේ ගොස් ලියාපදිංචි විය හැක. ලොගින් පිළිබද විස්තර ඔබ වෙත 2011.05.15 දිනට පසුව ලැබෙනු ඇත.කවිමඩුවේ පුහුණු සැසියක් 2011.05.16 දින ලාංකීය සිතුවිලි Buzz එකේදී  පැවැත්වෙනු ඇත.

2011.05.18 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි කර ගැනේ.
ඉන් පසු ලියා පදිංචි වන සැමට රහස් පද හා නාමයන් ලබා දේ.

මැයි මස 20,21,22 දින තුන  පුරාවටම කවි මඩුව පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත..පුරා දින 3 ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.



මෙය ඔබේ බ්ලොග් අඩවියේ ඇතුලත් කර අපට සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලමු.


 

‍බැනර් කෝඩ්

<a href='http://kavimaduwa.lankeeya.lk/' title='කවි මඩුව'><img height="253" width="175" alt="" src="http://kavimaduwa.lankeeya.lk/Kavi_Maduwa.png">



Sunday, May 1, 2011

කවි මඩුව 2011


රස කවි ගොතාලා
එකිනෙකාට මඩ ගසාලා
සියල්ලෝම තුටු වීලා
තියමුද කවිමඩුවක් ආයෙත්

අන්තර්ජාලයේ සැරිසරන සියලුම කවිකාර මිතුරු මිතුරියන් එක්කොට ගීත් සහෝදරයාගේ අදහසක් අනුව ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවත්වූ කවි මඩුව නැවතත් ඔබ හමුවට ගෙන ඒමට කටයුතු සූදානම් කරමින් පවතින බවට සතුටින් දනුම් දෙමු.
සෑම විටම ඔබේ වින්දනය සඳහා කටයුතු කරන ලාංකීය සිතිවිලි අපි මෙවරද මැයි මස කවි මඩුව ඔබ වෙත තිළිණ කරන්නෙමු.
මේ සඳහා මුල් අදහස ලබා දුන් ගීත් සහෝදරයාට අපගේ ස්තුතිය පිරිනමන අතර, නැවතත් කවි මඩුවක් පවැත්වීමට ආරධනා කල ඔබ සැමට තුති..!

ඉතින් කවිකාර මිතුරු මිතුරියනි, එක් වන්න අප සමඟ...


ඔබ කුමක් කල යුතුද?


1. ඔබ කවිමඩුවට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්. මෙම බැදියට ගොඩවී ලියාපදිංචිවන්න.මෙපරිදි ලියාපදිංචිය අනිවාර්යය කර ඇත්තේ ඔබේ අනන්‍යතාවය‍ වෙනත් පුද්ගලයින් විසින් ලබාගැනීම වැලැක් වීම සදහාය. තවද ඔබ ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කර ඇති බ්ලොග් එකක අයිති කරුවෙකුගේ නමකින් ලියාපදිංචි වන්නේ නම් ඉහත බැදියේ, එම බ්ලොගය ඇතුලත් කල මේල් ලිපිනයම සදහන් කරන්න. ලියාපදිංචි වන සැමට තහවුරුකරගැනීමේ පනිවිඩයක් එවනවා ඇත.

2. ලියා පදිංච්යේදී වඩා අකාර්ෂණය දිනා ගත හැකි මාතෘකාවක් හෝ දෙකක් දැම්මට අමතක නොකරන්න.

3. කවි මඩුවේ වෙදිකාව පුරුදු වීම සඳහා එය පැවැත්වීමට දින කිහිපයකට පෙර ඔබට වේදිකා ගත වී එහි පුර්ව පුහුණුවීම් කිරිමට ඉඩ දෙනු ‍ලැබේ.

4.ඔනැම අයකුට වතුර ගැසීම මඩ ගැසීම හෝ දිරිමත් කීරිමට වෙනම ප්‍රේක්ෂාකාගාරයක් ඉදිකර ඇත. මේ සඳහා ලියාපදිංච්යක් අනවශයයි.

සිදුවන ආකාරය

2011.05.18 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි කර ගැනේ
ඉන් පසු ලියා පදිංචි වන සැමට රහස් පද හා නාමයන් ලබා දේ.

මැයි මස 20,21,22 දින තුන  පුරාවටම කවි මඩුව පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත..පුරා දින 3 ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.


මෙය ඔබේ බ්ලොග් අඩවියේ ඇතුලත් කර අපට සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලමු.


 

‍බැනර් කෝඩ්

<a href='http://kavimaduwa.lankeeya.lk/' title='කවි මඩුව'><img height="253" width="175" alt="" src="http://kavimaduwa.lankeeya.lk/Kavi_Maduwa.png">

Saturday, April 23, 2011

අළුත් මුහුණු සමග හැඩවැඩ වෙන 'ලාංකීය සිතුවිලි'



ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය සහ සින්ඩිකේටරය ආරම්භ කර වසරක් ඉක්ම ගිය තැන, ලාංකීය සිතුවිලි කණ්ඩායම සමග නවක මුහුණු කිහිපයක් අත්වැල් බැඳගෙන ති‍බෙනවා. කණ්ඩායමට නවකයින් වුවත්, මොවුන් ලාංකීය බ්ලොග් අවකාශයට නම් නුහුරු නුපුරුදු අය නොවෙයි.
හඳුනාගන්න අපේ අළුත් සාමාජිකයින්,‍

    1. යොහාන් කණිෂ්ක
    2. හෂි හෙට්ටිගේ
    3. සසින්ද්‍ර විරසිංහ
   
මින් ඉදිරියේදී  පාඨක- ලේඛක ඔබත්, ලාංකීය සිතුවිලි කණ්ඩායමේ අපත් අතරේ සහෝදරත්වයේ පාලම ඉදිවනු ඇත්තේ ඔවුන් අතින්. නොඑසේනම්, ඔබත් අපත් අතරේ  සියළුම සම්බන්ධිකරණ කටුයුතු සිදුවනු ඇත්තේ ඔවුන් හරහායි.  එහෙමනම්, මෙතුවක් කලක් ඔබෙන් ලැබුණු ආදරණිය දිරිගැන්වීම, සහයෝගය තවදුරටත් ඒ ආකාරයෙන්ම අපේ අළුත් සාමාජිකයින් වෙත ලැබෙනු ඇති බව අපගේ විශ්වාසය යි.



Tuesday, March 1, 2011

පින්තූර ගන්න අයට තල්ලුවක්

මාස කිහිපයකට උඩදි ලාංකීය සිතුවිලි වලට සර්වර් ප්‍රශ්නයක් ඇවිත් තාවකාලක කඩා වැටීමකට ලක්උනා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඒගැන හොයලා බලපු සියලු දෙනාට හා අපට ශක්තියක් උනු සියලු බ්ලොග් කරුවන්ට. ඒ කඩා වැටිමත් එක්ක සමහර බ්ලොග් අඩවි සින්ඩිකේට් වෙන්නේ නැති ප්‍රශ්න වලට මුහුණ දුන්නා. බොහොමයක් අඩවි යතා තත්වයට දැන්ටමත් පත් කරලා අවසානයි. එලෙස යම් කිසි දෝෂ ඇතිනම් අපව අමතන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඒ එක්කම නව අංගයක් ලෙස ඔබට ඔබගේ ඡායාරූප ලාංකීය සිතුවිලි හරහා පාඨකයන් අතරට රැගෙන යන්න පුලුවන්. ඒ සඳහා http://syndi.lankeeya.lk/pinthura.php යොදාගත හැක. මෙහිදි ඔබ ඇතුලත් කරන ඡායරූප ලාංකීය සිතුවිලි කණ්ඩායමේ අධික්ෂණයකින් අනතුරුව, සින්ඩියේ වම් පැත්තේ දර්ශණය වීමට සලස්වනු ලැබේ.