සිරිපාල
මුදලාලි මටත් දෙන්න
අඩු සීනී ප්ලේන්ටියක්
ඇඹුල් කෙහෙල් ඉදිලා මදී
මාළු පාන් නැතිද ආවේ
කඩේ මුදලාලි
ඊයේ නොවැ කැන කැපුවේ
හෙට වෙනකොට ඉදෙයි ඕක
මාළු පාන් නැතිය තාම
කනවානම් කිඹුලා බනිස්
සිරිපාල
බං මහතුවො දන්නවාද
ඊයේ වෑන් එකක් ගියා
කවි මඩුවක් ගැන විස්තර
යකඩ කටින් කියා ගියා
මහතුන්
කවි මඩුවක් ගැන විස්තර
ඈ බං බොට සිහි විකල්ද
ඒවා තිබුනේ ඒ කාලේ
දැන් නැහැ බොල ඒ තාලේ
සිරිපාල
නැහැ මහතුවො සිරා වැඩක්
කවි වාදලු එතන ඇත්තේ
කවි කිවිදියෝ වලි පිට වලි
බලා ඉන්න අපිටලු ජොලි
ටිකිරා
අපේ ආතත් කියා තිබුනා
කවි මඩු ගැන ඒ කාලේ
ඒ උනාට අපිට කොයිද
ඒ වාදන මේ කාලේ
මහතුවා
ඈ බං ඒ හැබෑවක්ද
මොකද්ද බොල ඒ හරුපේ
මට නම් නැහැ වැටහෙන්නේ
අනේ සිරියෝ කියාදියං
සිරිපාල
ලාංකීය සිතුවිල බං
මෙහෙය වන්නේ මේ විගඩං
සයිබර් අවකාශය තුල
on line ලු වැඩේ වෙන්නේ
කඩේ මුදලාලි
අතන මෙතන කසු කුසු ගෑ
කවි කිවිදියෝ එකතු කරන්
අමුතුම තාලේ වැඩක් ලු
මේ කොල්ලන් කරන්නේ දැන්
ටිකිරා
අම්මපා බං හැබෑමනන්
අපි කෝමද ගොඩවෙන්නේ
අපිටත් කවියක් කියන්න
බැරි වද චාන්ස් එකක් ගන්න
සිරිපාල
මොකෑ බොලන් බැරිය අපට
ඒකනේ උන් කියා ගියේ
කවි කියන්න කවි අහන්න
ඕන එකෙක් වරෙව් කියා
මහතුවා
මට නම් බෑ කවි කියන්න
ඒත් බැරිය නිකල් ඉන්න
හූ කියලා චියර් කරලා
බැරිද අපිට සහාය වෙන්න
සිරිපාල
ඕන දෙයක් ඔට්ටුලු බං
13 වෙනිදලු පටන් ගන්නේ
16 වෙනිදා වෙනකන්
ඕන තරම් කවි කියන්න
කඩේ මුදලාලි
අළුත් වැඩක් නිසා වෙන්නේ
බලමු අපිත් ඔළුව දාලා
මොනා උනත් අපේ කමට
අපේ දේවල් රැකගන්නට
ටිකිරා
කථාව පිට හොර ගෙඩියා
කැපුවා නේද මගේ ඉත්තා
අනේ අම්මපා මෙහෙමත් හොරු
බලහන් සිරි මේ උලමා
සිරිපාල
අනේ මන්ද උබලගේ වැඩ
මං හාමිනේ යනවා ඔන්න
එහෙනම් හැමෝම එනවා හොදයි
කවි මඩුවෙදි හමුවන්නට
මහතුවා
අපි නෑවිත් කෝමෙයි බං
අපි සේරමත් එනවා ඔන්න
දන්න කියන හැමෝටමත්
මේ විසතරේ කියනවා මං
මෙම මස 13 වන දින සිට 16 වන දින දක්වා ලාංකීය සිතුවිලි මෙහෙයවන කවි මඩුව මෙම් ස්තානයේදි පැවැත්වෙනු ඇත
පද ගැලපුම ගිත්
ෂා ෂා......... වැඩේ නැගලම යනවා නේද ?හැබැයි ඉතින් පුහුණුවීම දාල තියෙන දින තමා හරි නැත්තෙ. අපි ඉතින් වැඩ කරන ජනතාව නොවැ. ඔෆීසියෙ කවි ලියන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒත් ඉතින් මොනා කරන්නද....
ReplyDeleteමේ ලියපු 1 කවි පේලියක්ද??? පරණ කවි මඩුවක....කවි ටිකක් කියවල බැලුවොත් හොඳා ඔක්කොම කස්ටියම....
ReplyDeleteගීත් මල්ලි උඹෙ ඇඩ් එක
ReplyDeleteබැළුවම මට චූන් වෙනව
මොනව උනත් මේ කාලේ
උඹලගෙ වැඩ අළුත් මලේ
නෑවද නොනෑවද කියලා තමුන්ටම
ReplyDeleteබලාගන්න හැකිවෙයි කවිමඩු ගියාම
කොල්ලො ටිකක් එක්කලා කවි ලිව්වාම
කාලිදාස වත් හොල්මන් වෙයි ඔහොම
දුකෙන් හිටියේ නැතිවෙයි කෙල්ලෝ
ReplyDeleteසොවින් හිටියේ නැතිවෙයි කෙල්ලෝ
මෙන්න බොලව් ඇතිවෙන්නට කෙල්ලෝ
වරෙව් දෙන්න ෆුල් ගේමම කොල්ලෝ
කවුද බොලේ කවි කියනා මේ නංගී
ReplyDeleteඅක්කා උනොත් කණියා අද ඇත ඇන්දී
කවිමඩුවේදී උඔලගෙ ඉල ඇට සන්ධී
ගැලවී යන්න දෙනවා කවි මම හැංගී.. :P
කවි මඩුවේ කවි කියනා කෙල්ලන්ට..
ReplyDeleteවැපා තෑගි පටවනවලු බෙදන්නට..
ශ්‍රමය ධනය වැය කර හරි කාලයට..
කරපන් බුවා සේවය මේ කෙල්ලන්ට..
කවි මඩුවට දැම්මම සෙට් වෙලා වගෙයි
ReplyDeleteකොල්ලෝ මොක්කුද අක්කේ ගනන් නොගන්
කට විතරයි වැඩ නැත කියනා තරමින්
වැඩ නාගයි පස්සෙන් කෙල්ලෙක් නැත්නම් :D :D :D :D
දිල් අක්කේ..... දීල අදින්න කට්ටියට තරු පේන්න...... :P
පැන පැන අවායි අපේ හා පැටික්කි
ReplyDeleteදිල් කෙල්ලට අඩගැහැවුයි ඒ පැටික්කි
මක්කක් කව්වාත් ඔය කෙලි පැටික්කි
කණියාව දාලයි කවි කියන්නේ අපි කට්ටි
අදහස් නැගෙන කල...
ReplyDeleteනිදහස් මනස් වල්
උදහස් නොවී එල..
"මදහස් නැගෙන කවි" කොටමු පිටුවල....
තේරුම:නිදහස් හිත් පොජ්ජවල් වල අදහස් මන්දු කොරනකොට අන් අයගෙ හිත් ඔලට කොටාබාන්නෙ නැතුව හිනායන කවි ලිවීම වැදගත් වෙයි....
චැප් ට/
ReplyDeleteමුළු රෑ පුරා නිදි නැතුවම ලියත හැකී
බොරුවට බේගල් දෙසා නෑ ඉන්නේ හැංගී
කෙල්ලො එක්ක කවි කීමත් ලේසි නැතී
ඒ ගැන ටිකක් හිතුවෝතින් හොදයි සකී
Kanishka | කණියා ට/
ReplyDeleteඇයි අය්යො කියන්නේ ඔය වගෙ කතා
මට බය හිතෙයි හැංගෙන්නත් තැනක් නැතා
දැන්ම ගොහින් ගොළු බෙලි කටුවක් ඇහිදා
ඇතුලට ඒකෙ රිංගමි ඔබ එන්න පෙරා ;p
හප්පට සිරි දිල් නංගියේ දිල්
ReplyDeleteහනිකට දැනගන් වේ මා වැප්
ආවොත් ගේමට කියන්නේ චිප් :P
නාවොත් ගේමට කියන්න් මිස්
මොකද මොකද මේ කට්ටිය වලි බරව
ReplyDeleteකවියක් දෙකක් කියලා ඉමු සොමිබරව
කෙල්ලො කොල්ලො කුරුට්ටො හෙම ආතල්ව
රිහසල් කොරමු එකොලොස් වැනිදා එක්ව
වැප් ට/
ReplyDeleteකිව්වට ඔය කතා අපි නෑ බය වෙන්නේ
දැම්මම ඇදන් නාන්නදෝ හදන්නේ :)
තව දින තිබේ ගේමට බව සිතන්නේ
මම කවි කාරි චැප් ඒ බව නොදන්නේ :)
h ට/
ReplyDeleteවලි නෑ සිනා පමනයි මෙහි තියෙන්නේ
බොරුවට ඉතින් වාදෙන්මයි හිදින්නේ
රිහසල් මොටද පද හතරක් ගොතන්නේ
ඉන්න තැනින් ඉක්මනටම වරෙන්නේ
@දිල්
ReplyDeleteදින තියෙන්නේ ගේමට
කවි ලියන්නේ වාදේට
මෙහම ගියොත් දෙන්නට
වෙයි ඇදගෙනම නාන්නට
@h
එච් [h] එන්නේ වලියට
අපි කරන්නේ ජොලියට
කවි ලියන්නේ බලියට
දැන් වත් එමු h එලියට
@ වැප් අයියණ්ඩි.....
ReplyDeleteකණියා අයියණ්ඩි මුට්ටිය වී ඇති හැඩකි
මුට්ටිය දමා වැප් අයියා පසුපසිනී
පෙනේද අයියණ්ඩි තනිවම අක්කණ්ඩි
කොලු ඔබ සැමට පිළිතුරු පද බදින හැටී........
@හා පැටික්කි
ReplyDeleteදැනුනු නිසා එන බව උබේ අක්කණ්ඩි
දම්මේ කණි මට්ටිය ඉස්සරහට අයියණ්ඩි
ඒ බව කෙසේ දැනගත්තෙද උබ නැනණ්ඩි
නොලියා ඉමුද කවි දැන් නෙවී නොන්ඩි
@
ReplyDeleteවැප් ඇන්ඩ් දිල් වෙන්ට් අප් ද හිල් :)
අපි දන්නව මේ සේරම සිල්
කවි කර කියවමු ගොතා ලිහිල්
අපෙ හදවත ඇති සිතුම් සිහිල්
දැනටත් ඇරඹිල කවි මඩුව
ReplyDeleteරිහසල් කිසිවක් නෑ අඩුව
පෙනේද ලියවෙන අපූරුව
පද හතරේ ඇති උජාරුව
අයියණ්ඩියේ ඉස්පිලි ඇලපිලි කොහෙද
ReplyDeleteකියවා ගන්න මට අපහසුවක් දැනින
ලියුවත් ඔබට පිළිතුරු කවි මම මෙලෙස
වැඩ ඇත අහස උසටම මට මේසෙ උඩ :( :(
කොහොම උනත් අයිය හොඳ මොලකරුවා
තැන බලලා මුට්ටිය එලියට දැමුවා
දිල් අක්කගේ වැඩ ගැන දන්නා හින්දා
කණියා අයියණ්ඩි පෙරටම ඇද දැමුවා...... :P :P
හපොයි වැප් අයියේ දැන් ඇති.....
කවියක් ලිව්වේ මං හිතන්නේ මං 5 වසරෙදි ලිව්වට පස්සේ......... කොහොමටත් මට කවි ලියවිලි බැහැ....... :) :) :) :)
@h
ReplyDeleteආ එච් දැන්ද අවේ .......................
@හා පැටික්කි
එලඑල දැන් වඩේ නවතලා දාමු ..... ඔය ඉස්පිලි පාපිලි කේස් එක මට ඉස්සර ඉදලා තියන එකක් ........ ඒක ගනන් ගන්න එපෝ ...
වැප් ට
ReplyDeleteකියනා කතා වාගෙයි හංදියෙ සුමනා
මට බය හිතෙයි මොනවා කරනද මන්දා
හැදුවත් දාන්නට මගෙ නාසෙට ලණුවා
හීනෙන් තමා හැබැහින් ඕවා බැරුවා
h ට
ReplyDeleteනවතනු බැරිව ගලනා සිතිවිලි පේලී
අකුරින් අකුර ගෙන අමුනා කවි කරමි
නො එනා බැවින් හෙට පතනා බාලගිරි
අද කල යුතුව තිබු දේ මම අද කරමී
මටත් හම්බුණා දිල් කියනා දිල්ලියේ සුමනා
ReplyDeleteකිව්වා කතාවක් උබ ගැන ඔය උස සුමනා
ඇත්තද නංගියේ කියනකතා හංදියේ සුමනා
තාමත් කනවලු උබ තණ කොල හොඳට උලා
වැප්ට/
ReplyDeleteසුමන උනත් කම් නැත මෙහි එකතු වෙලා
අපි කවි තනමු බෑ බෑ කම්මැලි වීලා
කවිමඩුවට ඇලපාතලා ලංවීල
මොනවද ඔට්ටු අපි පරදනවා ඔහෙලා
ඉන්නව නම් හරකුත් තණ උලා කන
ReplyDeleteදක්කමු හනික කවි මඩුවේ ලගින්න
පිදුරු ටිකක් ගෙනවිත් එහි දමන්න
මං එනකං ගොම නම් මෙහි නොදමන්න
කවි කියන්න ඔබ හපනෙක් බව ඇත්තයි
ReplyDeleteතාම කවිය මටනම් නුපුරුදු ගානයි
ට්‍රයි එක දෙන්නේ මේ කොල්ලන් පරදන්නයි
හාවා ඉබ්බා තරගය අමතක පාටයි
වැප් අයියා කවියෙක් නොවැ කට කාර
ReplyDeleteකවි හදනවා නොවැ මූ හිටගෙන මාර
අපිටත් ඒවි නොවැ දෙන්නට කොහු පාර
කවි මඩුවෙදි දෙන්නම් කම්බුල් පාර....
This comment has been removed by the author.
ReplyDeleteකන්ද උඩරටින් පෑයු හිරු වාගේ
ReplyDeleteදිල් නංගියා දිලිසේ හිරු මල වාගේ
සියුමැල් බොලඳ අදහස් ඔබෙ පිනි වාගේ
කවිමඩුවේ දී වෙලෙමු ආලෙන් පන වාගේ..
එල එල එල මේක යනව වැලක් වගේ
ReplyDeleteකවි පද වලින් ගෙතෙනා රස මියුරු රඟේ
ගොතමු ගොතමු කොළු කෙල්ලන් රැලක් වගේ
ගෑණු පිරිමි ආදර වලි ගොඩක් වගේ
තිසර ප්‍රියංකර ට/
ReplyDeleteයන්න වෙනවා මටත්
ආයේ එන්නම් හෙටත්
හැලුවේ නෑ අද මඩත්
ඉතුරුයි ඒ ටික හෙටත්
හිතල බලමුද ටිකක්
ReplyDeleteහම්බ වේවිද හිතක්
හෙටක් එන තුරු මටත්
නින්ද යන්නැති දිනක්
තිසර තිසර හෝවූ හෝවූ මේ මාකද
ReplyDeleteමේ පිනි ඇර වෙන පිනි කැට දැක නැතිවාද
අපිත් උඩහා තමයි ඇයි බඩගිනිද
මඩුවේදී අහුවෙයන්කෝ දෙන්නම් පෙම් බේරෙන්ට :D
තිසර තිසර හෝවූ හෝවූ මේ මොකද
ReplyDeleteමේ පිනි ඇර වෙන පිනි කැට දෙක නැතිද
අපිත් උඩහ තමයි ඇයි බඩගිනිද
අහුවෙයන්කෝ මඩුවේදී දෙන්නම් පෙම් බේරෙන්ට :D
තිසර ප්‍රියංකර ට/
ReplyDeleteකන්නට මඩ ගොඩක්
ඇයි ඔය හැටි හිතක්
නා ගන්නා හැඩක්
පෙනෙන දිනකි හෙටත්
සුබ රාත්‍රියක් ඔක්කොටම :)
@දිල්
ReplyDeleteපරදින්නට බයක් නැහැනේ නංගියේ
කප්ගහන්න!! ගේමකක් යෑ නංගියේ
මං ආවොත් දිනුම උබට දිල්ලියේ
මං නාවොත් දිනුම උබට නංගියේ
@තිසර ප්‍රියංකර
බොලං තිසර බලපං උබේ කවි පාර
හැදුවා වගේ මර්වින් කුණු ඇල පාර
කන්න ඔනේ නම් වැප්ගෙන් කොහු පාර
හොයං වරෙන් කොහු මිට නැති දාර
This comment has been removed by the author.
ReplyDeleteකවි පද බදින්නට ඒ පද කියවන්ට..
ReplyDeleteකවියක් කියන්නට කවි මඩුවට එන්ට..
ආසයි මටත් ඇහැකිද මෙහි ගොඩ වෙන්ට..
කොල්ලනි කෙල්ලෙනේ පලයව් දැන් යන්ට..
වැපා මල්ලි උඩ පැනගෙන ආවාට..
නුඹටත් බැරි වෙවී මා නම් පරදන්ට..
මගේ පැණි බූන්දිය මෙ ටික අහගන්ට..
අනෙ දිල් නගෝ නුඹ දැන් පලයන් යන්ට..
රට වට සතර අත කොයි තැන ගියත් එදා..
කවියට තියෙන කෑදරකම නිසා මෙදා..
කවි මඩුවට ගොඩ වෙන්නට සිතී සොඳා..
මාරයා ඇවිල්ලා කවියට සුපර් වෙදා..
එහෙනම් ඉතින් කවුරුත් හරි බරි ගැහිලා..
පාවඩ දමා කොඩි සේසත් නගපල්ලා..
ගේමට බහින්නට හැකි උන් ඉදපල්ලා..
වැඩබැරි දාසලා යන්නට පලයල්ලා..
කිව්වත් මාරයියා මුකරි කමට ලොකුම කතා
ReplyDeleteබැහැ වගේ ලියන්නට කවියක් එකට ගොතා
මක්කෙයි මැකුවේ උඩ කවියට මක්කා උනා
එන්න එපා මඩු පැත්තේ බඩගාගෙන සුර් වෙලා
මාරයාගේ හෝරාව ට/
ReplyDeleteඉදලා හිටලා ඔය වගේ දැගලුවාවට
අපි බය වෙයිද මාරයියේ ඔයා හට
දිල් කවිකාරි නොදැනයි ඔය දැම්මෙ කට
ඉල්ලන් කන්න රෙඩි වීලා ඉන්න හෙට
:D
පිංවත පිවතිය අද දින වෙන්න සමා
ReplyDeleteකියනව මගේ දුක ඔහෙලට සිරස නමා
උරුමය වෙන්න තිබුනේ මේ දුකම තමා
පිහිටක් වෙලා යනවද පිං පතමි මෙමා!
හප්පා දන්නේ නැද්ද හිඟන්නනට බ්ලොග් තහනම් කරලා
ReplyDelete:D
@දිල් -
ReplyDeleteකන්නේ මඩ කවුදැයි කියා
දැනගන්නට හැක ළඟදිම හැමටා
දිල් නංගියේ මේ අහපන් හනිකා
උඩ ගියොතිං බිම වැටෙනෙක නියතා..
හිටියත් ළඳුන් කවි ලියනා කටකාර
ReplyDeleteබෙහෙතට ගන්න එකියක් නැහැ හැඩකාර
මොකටද රැඳෙනු ඇති තැන්වල අවතාර
කොල්ලනි යමුද? වෙන තැනකට සරුසාර!
වියත පතල දැනමුදු එක සොද නිතින
ReplyDeleteදසත පතල එනමුදු රොද බැද නිතින
පතිත මෙකල සුවමදු සිතුවිලි හද බැතින
සුභසිත මෙකල හදරැදු ලාංකීය සොද සිතින
This comment has been removed by the author.
ReplyDeleteසුමින්ද ට/
ReplyDeleteකවියට කටයි ඕනෙ රුව නොවන නිසා
මම කවි ලියමි ඔහෙලට බය නැති හින්දා
බල්ලම් බැස්සෙ වැඩ බැරි බව දන්න නිසා
ඔය මඩ වලට නෑ බය දැන ගනිව් සොදා
@දිල්,
ReplyDeleteතොප්පිය හරි කෙනා දාගෙනු තිබෙනු පෙනේ
රිදිලා හද මඩල නුඹ ඉකි ගසනු දැනේ
පිසලමි, උණු කඳුලු නුඹගේ දෑස කොනේ
නුඹටයි පුදන්නේ කුළුඳුල් මගේ සෙනේ!
බොරුවට හිතාගෙන මම වැඩ කරුයි කියා
ReplyDeleteදගලා පනින ඔබ දැක මට හිනා ගියා
කවියට කවිය ලියනෙමි මම නොකර පමා
ඔය බොරු බයිලා යන්නට හෙට දොගොඩ තලා
දුෂ්ඨයෝ වටකර දිල් තනි වෙලාවේ
ReplyDeleteවීරයා ආවයි නිපුන සටන් කලාවේ
බිය නොමවෙන් සොදුරිය මා නිසාවේ
හන්තානට පැග ගී ගයමු හුද කලාවේ
@දිල්,
ReplyDeleteකවුරුත් දනී කොල්ලෙකි මම වැඩකාර
දඟලා පනින්නේ නිසානෙ දඟකාර
දුටුවොත් ඔයා මට හැකි වැඩ එකපාර
දිවියම හිඳියි, මගෙ හදවත අතනෑර!
මෙන්න බොලේ වීරයා ඇවිල්ලෝ
ReplyDeleteකවුරුත් මේ විදියටමයි සිතන්නේ
එනමුත් සද්දේ පමණයි තියෙන්නේ
මූගෙත් ඒ වාගේදෝ මට සිතෙන්නේ
හි හි හී.....
කවුද මෙතන චන්ඩි ඉන්නේ කියමු බලන්ට
ReplyDeleteමොකා උනත් එකා එකා එමුකො බලන්ට
සුමින්ද මේ දිල්ට එහෙම පාට් දාන්ට
හදන්නෙපා යකා ඒවි බොටුව කඩන්ට
සොරෝ ඔබමි බේරේ වැවේ පරිස්සම්ව ඉන්ට
ReplyDeleteඅනේ උබේ කඩුව ගනින් පොලොස් කොටන්ට
පන නැති අස්පායා දියන් නානට එල්ලන්ට
කථා එපා වීරය මම කවුරුත් දැන ගන්ට
@දිල්/
ReplyDeleteමයුරාසන මත හඳිනා දෙවි සාධූ
ගැන දිවිරලා කියනෙමි ඔබ පංකාදූ
ඔබ ලැබුනොතින් දෙන්නම් ඔබහට හාදූ
කවුරුත් නැති පළාතක කඩයක් දාමූ
තිසර තිසර හෝවූ හෝවූ මේ මාකද
ReplyDeleteමේ පිනි ඇර වෙන පිනි කැට දැක නැතිවාද
අපිත් උඩහා තමයි ඇයි බඩගිනිද
මඩුවේදී අහුවෙයන්කෝ දෙන්නම් පෙම් වැහෙන්ට
:D
සුමින්ද ට/
ReplyDeleteමේ මහ දවාලෙත් අමු කාලද මන්දා
කියවා මොනාදෝ දගලයි මේ පෙන්දා
අන්දරේ වෙලට හරකුන් කැදවූ හින්දා
එපා තපුල්ලන්නට මේ තැන වරදා
( විහිළුවට පම්ණක් බව කරුනාවෙන් සලකන්න සුමින්ද සහෝ )
තිසර ප්‍රියංකර ට/
ReplyDeleteමුල්ලට වෙලා ඉදලා යස අගේට
දැන් ඇවිදින් කියනවා එක එක භූත
හා හා ඉතින් ඇවිදින් කවි මඩුව වෙත
වාඩි වෙන්න මඩ තලි නාගෙන යන්න
:D
වලි කොතැනද මම එතැනය එහෙම තමයි වීරයා
ReplyDeleteඅර බොලිවුඩ් වල කොයි ඛානුත් මගෙන් තමයි ගන්නේ අයිඩියා
පහර පිටට පහර දෙන්නේ වගේ කොලොම්බියා
මෙහෙ නැතිවට ඔහේ තාමත් මමයි හැන්ඩියා
@ගීත්/
ReplyDeleteබොලිවුඩ් එකේ අයිඩිය දුන් හිඟාකාන්
ගුටි කෑවා අරගෙන උඹ හොරෙන් පාන්
වටපිට බල බලා දිවිවෙ වෙලා වයින්
ගුටි දෙමි ඔබට ලෙස දමනා වැවේ වාන්
@ දිල්,
ReplyDeleteනගනා අවලාද වාගෙයි තිත්ත ගුලී
ඉවසනු කෙලෙස මගෙ හදවත යාවි පැළී
සිටියත් හිතේ ඇති ආලය නොකර එළි
නුඹෙ අත මටයි!දන්නෙමි මම මොකට වලී!!
(එම)
@ගීත්-
ReplyDeleteඅම්මප හොඳේ බය හිතෙනව උඹේ කතාවටා
දුවන්න හිතෙනව ගම රට පෙරලාගෙනමා
කෙල්ලක හින්දා බොරුවට පුම්බනා
උඹ හංගනවා දැනගනින් මටත් පෙරා
හු හූ.......
අනේ අනේ තිසර තිසර දුක හිතෙනවාය
ReplyDeleteදෙක දෙක කිවු මැඩි පැටියන් ඔය විදිහමය
නුබෙ මුහුනයි මැඩි මූනයි එක විදිහමය
හිගා නොකා හිගා කන්න වෙන්නේ නුඩටය
චීත්ත රෙදි නැති වලියක් දැකලා තියේද
ReplyDeleteවලි ඇති තැන මල් විසිවෙයි කදුළු හල හල
එක මලකට එක ඹබරයි දැන ගන් ඒක
ඒක් පූල් දෝ මාලි බොරුවක් ඒක
ගීත් මලෝ මේ අහපං
ReplyDeleteසද්ද නොදා වැඩ පෙන්නපං
උඹගෙ ඉතිං සද්දෙ විතරයිනෙ බං
මං වගේ වෙන්නට හිතාගනිං
හි හි හු හූ...........
මම කාල එන්නම්...
බලපං මගෙ මූන නිකන් පූර්න චන්දයා
ReplyDeleteඒකට බොගේ මූන නිකන් වගේ මුගටියා
වෙස් මූනත් දාගෙන ඇයි වගේ හැන්ගිලා
එනු සටනට මලකඩ කෑ කඩුව පසෙක ලා
හු.....හු....කැවා මදිදෝ....හු...
සුමින්ද ට/
ReplyDeleteඅනේ දෙයියනේ මේ සුමින්ද යැයි කියනා
මම නැති වෙලාවෙදි චරිතය මගෙ කන්නා
ලොකු ලොකු කතා කියනා ඔය මී ගොන්නා
බැඳලා දමන්නට අවෙමි මම මෙන්නා
:p
කියන්න දිල් කියන්න දිල් අන්න හරි
ReplyDeleteඋදවුවක් ඕනෙ නම් මම වීරයත් රෙඩී
තප්පුලන මී නාම්බන් මෙල්ල කරන හැටි
හොද හැටි හදාරා තියේ ඉන්නා විට ට්රියනිටි
@ all,
ReplyDeleteඅහස උසට වැඩ වැඩිවී ඇති හින්දා
ඉනු බැහැ තවත් ඔබ හා, කවි පද බන්දා
කවි ලිව්වාට පඩි දෙන්නේ නැති හින්දා
වැඩ කළ යුතුයි! රැක ගන්නට පණ කෙන්දා
ලිව්වා ආල වැකි, දාලා වැඩ කෑලී
හරහක් නෑ හිතේ එව්වට පොලු කෑලී
දිගටම ලියමු කවි,ඇති රස පද පේලී
හමුවෙමු යළිත් දවසක නංගී, මල්ලී !!
This comment has been removed by the author.
ReplyDelete@ගීත් -
ReplyDeleteවෙස් මුහුණක් දාගෙන සිටියත් මා
උඹෙ වගෙ 2.50 වැඩ නැ ළඟ මා
මළකඩ කාලා තිබුනත් කඩුව මා
උඹෙ පිහිය වගෙ නොව වර පෙන්වන්ටා
හු හූ මේන්න ආ...... :D
@ගීත්/
ReplyDeleteනුඹ කිසි දිනක කණ්ණාටියකින් මූණ...
බැලුවේ නැද්ද උඹගේ ඔය බක මූණ...
හිතුවට ලස්සනයි කියලා වී මාන..
දන්නෝ දනිති මුහුණේ හැටි ත්‍රී මාණ...
හැංගි හැංගි වෙස් බැන්දත් හැමට හොරා..
ReplyDeleteනටන්න වෙයි හැමටම එළිපිටට වෙලා...
නියමයි දිල් නියමයි නුඹ කට කාර
ReplyDeleteපොඩි යුවතියක් වාගේ නොවැ දඟකාර
මට හිතෙනව ගන්නට ඔබ සහකාර
ඔබ ලැබුමට පිංනැති මා පව් කාර..
@සෝරෝ/
ReplyDeleteදෙනවද මටත් ඔබගේ ඔය වෙස් මූණ
ආසයි මටත් ඉන්නට සෝරෝ සේම
වැඩබැරි වුණත් කඩුවෙන් කරනට වීර
පොල් අඩි වලින් දෙමි හැමට මරුපාර
කියනා විලස ගීත්, අපෙ තිසර මිතුරා
ReplyDeleteකණ්ණඩියක් සොයපන් ඉක්මන් කරලා
බලලා කියපන් රහසින් මට කොඳුරා
ලස්සනයි කියා සිතුවත් එය හීනයක් නේදා..
හුහ් හූ..........
කෝ මේ ගීත්...
@තිසර -
ReplyDeleteඉන්නට ආසම නම් සෝරෝ සේමා
අල්ල ගනින් මෙන්නා වෙස් මූණා
කඩුවෙන් පාර දෙන්නට ලෙස සූරා
හවසට වරෙන් මම දෙන්නම් කියලා
@All/
ReplyDeleteකවි මඩුවට මම ගානේ පුන්නක්කු
දෙන්නම් නටන්නට කාලා ඔලුබක්කු
ගීත් වගේ කොල්ලන් කරමිය මට්ටූ
හැම එළි බහී මත මඩුවේ ලී තට්ටූ
ගත්තා අල්ල ඔබේ ඔය වෙස් මුණ
ReplyDeleteනහයට ලංකරන්නට බෑ ගඳ බෝම
ඒ හින්දා පලදන්නට බැරි වේය
තිබෙනා මූණ හොඳහැයි හිත පවසාය
දිල් බබාට අැර හැෙමාටම
ReplyDeleteමඩ තලනවා ගද ගහනවා බැ ඉවසන්න
චුටි කෙල්ලේ එපා හොදේ මඩ ගාගන්න
තව ටිකකින් මම එනවා ඉවසලා ඉන්න
මඩ කරියන් තිත්ත පැටවු නාවලා ගන්න
උරුලෑවෝ ඌරො මුගටි එකම වලකය
මම සුන්දර සමනලයෙක් නොදන්නෙ කවුද
වැඩ ඇත නැත වෙලාව එන්නෙමි නැවත
මා එන තුරු සබන් ගාලා නාලා එන්න
@ගීත්/
ReplyDeleteසත්තුන්ගේ නම් කියලා බණිනා පොඩි කොළුගැටයා
එහෙම බණින්නේ මොකටද හරි නරකයි සමනලයා
ගීත්/
ReplyDeleteඅතින් අනා ගොම අරගෙන ගා ගන්නා පුතේ
අහිතක් නෑ මට නුම ගැන චුට්ටක් වත් හිතේ
අපි ඉපදෙන විට නුඹලා හිටයේ මොන ලොවේ
සංකේතය ඔබදෝ මෙහි මහා මෝඩ බවේ...
ඉර කොහේද හැංගිලා අන්න අහස කළුවෙලා
ReplyDeleteකවියන් ටික බයෙන් වගේ අහු මුළුවල ගැන්නිලා
වැපා/ගීත්/කණියා දිල් ඇත ගැහි ගැහි වේව්ලලා
කවිමඩුවෙදි ඉන්නවෙන්නෙ පදුරු අස්සේ හැංගිලා
ඔන්න ඉතින් අද අපිත් දිගට හරහට කවි කිවුවා..
ReplyDeleteබලමුකෝ කොහොමද කියලා...
මම වෙමි කවි මඩුවෙ හිත හොඳ මරයියා..
සාමෙන් එන කලෙට මම වෙමි පරෙයියා..
ගේමට ගේම දෙන එළ කිරි හපුයියා..
කෙල්ලන් ඉන්න තැන කවදත් කොඛෙයියා..
මම වෙමි කවි මඩුවෙ හිත හොඳ මරයියා..
ඉන්නා සැවොම දැන් මෙ ටික අහන්න..
කොච්චර දැගළුවත් බැහැ නුඹලට දිනන්න..
කවියේ අසිපතින් හරඹය කොරන්න..
හැකි අය සිටී නම් සටනට වරෙන්න..
සිවුපද නොවෙ දෙපදින් වුව වැඩ පෙන්නා..
මාරය අයිය ඉස්සර ටොප් වැඩ දුන්නා..
ඒ කෙළි හරඹ නැවතත් සිහියට ගන්නා..
ඇටැඹිලි කොළුන් දැන් මා දැක දුව යන්නා
This comment has been removed by the author.
ReplyDeleteසුන්දර සිතිවිලි පැමිනෙද් දී
ReplyDeleteදුටු වා ඔබ රැව මැවී පෙනී
සුන්දර රැව ගැන කවි ලියන් මට
වදනක් නැත ලොව හමු වූවේ
විග්‍රහ කිරීමට නොහැකිය ආදරය - ආදර ඇතිවන්න හද තුලය
හද සිතුවිලි කවි කරන් මට - නැත එය මට වැටහෙන්නේ.......
කවි මඩුවනම් දැන්මම ඇරඹුන ගානයි
ReplyDeleteදිල් එක්කලා පැටළුනු මඩ කරි රෑනයි
මළකඩ කාපු කඩු ගත් කවියන් බානයි
සටනට එන්න අවසර ගන්නට ඕනෙයි????
This comment has been removed by the author.
ReplyDeleteකවි මඩුවෙදි කවි කියන්න ඉඩයක් නැති කොට
ReplyDeleteඒ හින්දයි ආවේ පෙර සටන බලන්නට
පුළුවන්නම් එන්නම් 15 වෙනිදට මම
පුල් සප් එක දෙනවා මං පරාදවන සැමට