Saturday, April 23, 2011

අළුත් මුහුණු සමග හැඩවැඩ වෙන 'ලාංකීය සිතුවිලි'



ලාංකීය සිතුවිලි වෙබ් අඩවිය සහ සින්ඩිකේටරය ආරම්භ කර වසරක් ඉක්ම ගිය තැන, ලාංකීය සිතුවිලි කණ්ඩායම සමග නවක මුහුණු කිහිපයක් අත්වැල් බැඳගෙන ති‍බෙනවා. කණ්ඩායමට නවකයින් වුවත්, මොවුන් ලාංකීය බ්ලොග් අවකාශයට නම් නුහුරු නුපුරුදු අය නොවෙයි.
හඳුනාගන්න අපේ අළුත් සාමාජිකයින්,‍

    1. යොහාන් කණිෂ්ක
    2. හෂි හෙට්ටිගේ
    3. සසින්ද්‍ර විරසිංහ
   
මින් ඉදිරියේදී  පාඨක- ලේඛක ඔබත්, ලාංකීය සිතුවිලි කණ්ඩායමේ අපත් අතරේ සහෝදරත්වයේ පාලම ඉදිවනු ඇත්තේ ඔවුන් අතින්. නොඑසේනම්, ඔබත් අපත් අතරේ  සියළුම සම්බන්ධිකරණ කටුයුතු සිදුවනු ඇත්තේ ඔවුන් හරහායි.  එහෙමනම්, මෙතුවක් කලක් ඔබෙන් ලැබුණු ආදරණිය දිරිගැන්වීම, සහයෝගය තවදුරටත් ඒ ආකාරයෙන්ම අපේ අළුත් සාමාජිකයින් වෙත ලැබෙනු ඇති බව අපගේ විශ්වාසය යි.