මෙහි මුල්ම අදහස ඉදිරිපත් කරන ලද්දේ ගීත් සහෝදරයා විසිනි. ඔහුගේ අදහසට ඉඩක් දෙමින් ලාංකීය සිතුවිලි මෙම කවි මඩුව අන්තර්ජාල අවකාශය තුල මෙසේ ඉදිකිරිමට සැරසෙයි. කවි ලිවිමට අති හැකි මෙන්ම කවි රසවිදිය හැකි ඔබට මේ සඳහා ඉදිරිපත් විය හැක. හුදෙක් සංවාදශිලීව ගොඩ නැගී ඉදිරියට ඇදෙමන් යන මෙහි, බොහෝ රසමුසු, හාස්‍ය , අපහාස , උපහාස හෝ බහුශ්‍රැත තැන් දැකීමට හැකි වනු ඇත. තවද ඔබට මේ සඳහා දිරි ගැන්විම් මඩ ගැසීම් හෝ වතුර ගැසීම් යන කාර්යයන්ගෙන්ද එක්විය හැක.
ඔබ කුමක් කල යුතුද?
1 ඔබ කවිමඩුවට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්. මෙම බැදියට ගොඩවී ලියාපදිංචිවන්න.මෙපරිදි ලියාපදිංචිය අනිවාර්යය කර ඇත්තේ ඔබේ අනන්‍යතාවය වෙනත් පුද්ගලයින් විසින් ලබාගැනීම වැලැක් වීම සදහාය. තවද ඔබ ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කර ඇති බ්ලොග් එකක අයිති කරුවෙකුගේ නමකින් ලියාපදිංචි වන්නේ නම් ඉහත බැදියේ, එම බ්ලොගය ඇතුලත් කල මේල් ලිපිනයම සදහන් කරන්න. ලියාපදිංචි වන සැමට තහවුරුකරගැනීමේ පනිවිඩයක් එවනවා ඇත.
2 ලියා පදිංච්යේදී වඩා අකාර්ෂණය දිනා ගත හැකි මාතෘකාවක් හෝ දෙකක් දැම්මට අමතක නොකරන්න.
3. කවි මඩුවේ වෙදිකාව පුරුදු වීම සඳහා එය පැවැත්වීමට දින කිහිපයකට පෙර ඔබට වේදිකා ගත වී එහි පුර්ව පුහුණුවීම් කිරිමට ඉඩ දෙනු ලැබේ.
4.ඔනැම අයකුට වතුර ගැසීම මඩ ගැසීම හෝ දිරිමත් කීරිමට වෙනම ප්‍රේක්ෂාකාගාරයක් ඉදිකර ඇත. මේ සඳහා ලියාපදිංච්යක් අනවශයයි.
කවිමඩුවට සහායක් වශයෙන් හැකිනම් පහත බැනරය ඔබ අඩවියට එක් කරගන්න.
<a href='http://blog.inetlanka.com/kavi_maduwa.php' title='කවි මඩුව'><img height="253" width="175" alt="" src="http://blog.inetlanka.com/banner/Kavi_Maduwa_02.png"></a>
සිදුවන ආකාරය
2010. 05.11 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි කර ගැනේ
ඉන් පසු ලියා පදිංචි වන සැමට රහස් පද හා නාමයන් ලබා දේ.
2010.05.11 වන දා සිට 2010.05.13 වන දින දක්වා, ලියාපදිංචිවන සැමට කවි මඩුව අත්හදා බැලීමට ලබාදේ
පුරා දින 3ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.
පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ
kattiyama enno....................
ReplyDeleteහොද වැඩක්.. අපිත් එන්නම්..
ReplyDeletehey mamath enava,,,, :)
ReplyDeleteමා දැනට තාවකාලිකව බ්ලොග්කරණයේ නොයෙදුනත් මේ වැඩේ කරන්න කැමතියි. පේන විධියට පොදු අඩවියක හැමෝටම පෝස්ට් කරන්න පුළුවන් වෙන විධියට වගේ කවි මඩුව යන්නෙ නේද? ඒ කියන්නෙ මට බ්ලොගක් නොතිබුණා කියල මේකට සම්බන්ධ වෙන්න බැරි වෙන්න බෑනේ. පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?
ReplyDeleteගැටලුවක් නෑ.. ලියාපදිංචි වෙන්න
ReplyDeleteකවිමඩුවට සහභාගී වීමට බ්ලොගයක් පැවතීම අනිවාර්ය නැත. කැමති ඔනෑම කෙනෙකුටසහභාගී වය හැකියි.
ReplyDeleteඔන්න මට කවි බෑනේ ඒ නිසා මම මඩ සහ වතුර සැපයුම් අන්සෙටවත් රෙජිස්තර වෙන්නං..................
ReplyDeleteI'm in...
ReplyDeleteනියමයි කොලුවො නියමයි මේ වැඩේ අගේ
ReplyDeleteකල් බල බල හිටියෙ කවියෙන් දෙන්න රගේ
හැමටම වැටහේවි කොල්ලගෙ නියම අගේ
සයිබර් යාය දෙවනත් කර කරමි රගේ
මටනම් එච්චරම කවි ලියන්න බෑ. කමක් නෑ. ඔන්න ඔහේ ඇතුලු වෙන්නම්කො.
ReplyDelete@අනුරාධ -
ReplyDeleteකවි ලියන්න බැරිනම් නුඹ මොකටද මෙහි එන්නේ
බිම ඇනගෙන හොට හොම්බෙන් යන්නටදෝ එන්නේ
කවි ලියන්න ගොඩක් බැරි උනත් වැඩේ කියෙවුවම ආසා හිතුනා.. මාත් එනවා...
ReplyDeleteමමත් එනවා..
ReplyDeleteරුහුණු සිරිත් එනවා කවි කියන්නට
ReplyDeleteරුහුණෞ කවි කාරකම් ගැන කියන්නට
ගජමන් නෝන නැවතත් සිහි කරන්නට
නැවතත් කවිය ගෙනයම් මම රුහුණු රට
@ Naya,
ReplyDeleteමේ...... ආවට කමක් නෑ. හැබැයි අපේ කවියන්ට දස්ඨ කරනවා හෙම නෙවෙයි ඕං....!!!
ලියන්නට පද බන්දා
ReplyDeleteඅපිට බැරි හින්දා
මිතුරු කැළ කැන්දා
කියම් මේ ගැන අගේ රන්දා...!
කවියෙන් කියන්නට සිතුවිලි ඇත්තේ
ReplyDeleteදහසක් දෙනා ඉන්නා විට මේ පැත්තේ
දිරියක් වන්නට ඒ හැම දෙන මත්තේ
ලාංකීය අද දින සිතුවිල්ලක් වී ඇත්තේ
හොද ඇරඹුමක්
ReplyDeleteනුවණින් විමසලා බැලුවෙමි මම මිතුරේ
ReplyDeleteකවියත් උපන්දා සිට ඇත මගෙ ඇසුරේ
නොකියන කවිය කුමටද මගෙ මේ සභයේ
එන්නෙමි පසුවදා හරි මම හනි හනිකේ... :D හැබැයි වෙලාවට මම එනව හොඳේ..
සොයුරනි ඉතින් මේ නව කවි මඩුව පුරා
ReplyDeleteඇති රස බොහොම ආසයි බොන්නටත් උරා
මගෙ නම මමත් මේකට දැන් එකතු කරා
පෙරමඟ බලමි ඒ දින එළඹෙනා තුරා
අනේ මන්දා....
ReplyDeleteකවිද....
මට නම තාම මහන්සියි, සීතලයි....
මේ පාර සප් එකට එන්නම්....
/බිඟුවා...!
මාත් එනෝ.........
ReplyDeleteනියමයි මචෝ නියමයි ඒ වැඩේ නම්
ReplyDeleteඅපිත් එනව තරගෙට ගන්නව නම්
හැබැයි ඔන්න නොගහනු මට මඩ නම්
දිනුවොත් දමනු ඔබ මා හට මල් දම්
ඔන්න මමත් මගෙ ගෙදර, කවි මඩුවෙ බැනර් එකක් ඉස්සුව.
ඔන්න මමත් බැනර් එකක් දැම්මා.............
ReplyDeleteකවි පද ගෙතුවෙ ලගදියි මම හාහපුරා
ReplyDeleteහිතුවෙමි ලියන්නට කවි මේ වෙබ් පිටුව පුරා
එනිසා මගෙ නමත් මේකට එකතු කරා
ලියනෙමි මමත් කවි පද නිදි කිරා කිරා
එන්නම්..........
ReplyDeleteආමි කවි කියන්නට
ReplyDeleteපදන් කොට නිසි ලෙසට
දොසක් නෑ කිසි කලෙක
වරෙව් දැන් කවි පොලට
බුදු අම්මෝ. පාතාලෙනුත් ඇවිල්ලා කෂ්ටිය. අනිත් අය, දැං හිටන්ම හිටිවන කවිත් කියනවා. අපි ආවොත් ඇපත් නැතිවෙයි.
ReplyDeleteගුරුන්නාන්සේ..... ඉක්මනට පටාටාං.... ගමු නේද?
මම විසීල් ගහන්න එනවා...
ReplyDeleteදුටිමි
ReplyDeleteවිමසුවෙමි
අයැදුවෙමි
ලියමි
මගේ සීයා ලොකු රාවණ
ReplyDeleteමමයි යකො පොඩි රාවණ
කවි කියනව ගැනෙන්න උණ
මොකටද තව උණපූරණ
සින්හල අපි යක්කු යකො......
රාවණ වුනත් රාමා හට දෙවනි තැන
ReplyDeleteකට මැද දෙඩෙව්වට අපි බය වෙන්නෙ නැත
කවි මඩුවෙදි යක්කුන් සැම මරමි ඇන
රාවණ යකෝ මනුස්සකම හටයි තැන
කවි පද බදින්නට ඒ පද කියවන්ට..
ReplyDeleteකවියක් කියන්නට කවි මඩුවට එන්ට..
ආසයි මටත් ඇහැකිද මෙහි ගොඩ වෙන්ට..
කොල්ලනි කෙල්ලෙනේ පලයව් දැන් යන්ට..
රට වට සතර අත කොයි තැන ගියත් එදා..
කවියට තියෙන කෑදරකම නිසා මෙදා..
කවි මඩුවට ගොඩ වෙන්නට සිතී සොඳා..
මාරයා ඇවිල්ලා කවියට සුපර් වෙදා..
එහෙනම් ඉතින් කවුරුත් හරි බරි ගැහිලා..
පාවඩ දමා කොඩි සේසත් නගපල්ලා..
ගේමට බහින්නට හැකි උන් ඉදපල්ලා..
වැඩබැරි දාසලා යන්නට පලයල්ලා..
එම්බල මාරයෝ තා මෙය දැනගනුව...
ReplyDeleteලූලා නැති වලේ සක්මන් කර යනුව...
ඇඹුලුත් ලුණුත් පදමට ගෙන කර මුසුව...
දෙන්නම් දුවනු ගෙන දෑතට වීදුරුව...
liyanata sithuni mahata kavi rottak
ReplyDeleteliyana vita sithuni me gana asawak
liyanek wei do mahata danuni kandaweemak
liyanemi mese padawala amunala.
lovith naha lovi gaheth naha.
කවියට බැඳුනි පෙම බොහොකල් සිටම හිතේ
ReplyDeleteගැවසෙන තැනදි කවිකම කර අරිනු නැතේ
කවියන් කිවිඳියන් අද හෙට පිරෙනු ඇතේ
යලි එමි එකල මුවහත් කවි රැගෙන අතේ