Monday, May 17, 2010

ලාංකීය සිතුවිලි කවිමඩුවෙහි සමාප්තිය.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකීය සිතුවිලි මගින් සංවිධානය කෙරුනා වූ කවි මඩුව ඉතාම සාර්ථකව නිමා කර ගැනීමට නන් අයුරින් සහයෝගය දැක්වූ සියළු සහෘදයන්ට, ලාංකීය සිතුවිලි කණ්ඩායම ස්තුති පුද කරමු. ගීත්ගේ අදහසක් ක්‍රියාවට නංවමින් කවි හිතකාමී ඔබ සැම එක් කීරිමට ලැබීම පිලිබඳ අප කණ්ඩායමක් ලෙස බොහෝ සතුටු වන්නෙමු.


තාක්ෂණික ක්‍රම හා වෙනත් බොහෝ දැ තිබුණත් කවිමඩුවේ සාර්ථකත්වය රඳාපවතිනුයේ එයට සහභාගීවන්නන් මත බව ලාංකීය සිතුවිලි හොඳාකාරවම දන්නෙමු. එබැවින් ඒ සඳහා ලියාපදිංචි වු ,කවි ලිවිමෙන් සහායෝගය දැක්වු හා දැක ගැනීමට පැමිණි සියල්ලන්ට ස්තුතිය පුදකරන්නෙමු



නැවත වරක් මෙවැනිම කවි මඩුවකින් හමු වීමට තිර අදිටන ඇතිව සහබාගී වු ඔබ සැමට ලාංකීය සිතුවිලිහි අචාරය මෙසේ පුද කරන්නෙමු.

Friday, May 14, 2010

ලාංකීය සිතුවිලි කවිමඩුව

ලාංකීය සිතුවිලි මෙහෙයවන, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ අන්තර්ජාල කවි මඩුව 2010.05.13 උදෑසන 8.30 ට චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින් පොල්තෙල් පහන දැල්වීමෙන් ආරම්භ කෙරුණි. 2010.05.16 රාත්‍රී 12.00 වනතුරු විවිධ මාතෘකා ඔස්සේ කවි මඩුව ඉදිරියට යනු ඇත. එය අවසන් වීමෙන් අනතුරුව කවිමඩුව තුල සාකච්චාවට ගත් සියලුම මාතෘකා සමග සංවාදමන්ඩප සියල්ල ලාංකීය සිතුවිලි අන්තර්ජාලයට නිදහස් කිරීමට බලාපොරොත්තු වේ.



කවිමඩුව නැරඹීමට මෙතනින් යන්න.


Thursday, May 13, 2010

කවි මඩුව අදයි - ආරාධනය ඔබටයි




ආරාධනාවයි
ලාංකීය සිතුවිලි මෙහෙයවන, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ
අන්තර්ජාල කවි මඩුව අද උදෑසන 8.30 ට
චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින්
පොල්තෙල් පහන දැල්වීමෙන්
අරම්භකෙරේ

එම සුබ කටයුත්තට පහන් සිලක් දැල්විමට ඔබට කෙරෙන
සුහද ආරාධනයයි මේ

විශේෂ දැනුම් දීම්
1. අද උදැසන 8.30 සිට කවිමඩුව විවෘතව පවතියි
2. කවිමඩුව සඳහා firefox හෝ crome බ්‍රව්සර් යොදාගන්නේ නම් මැනවි
3. මුල් කටයුත්ත පොල්තෙල් පහන දැල්වීමයි
4. ඉන් අනතුරුව දිනකට එක් මතෘකාවක් හෝ දෙකක් බැගින් අවස්තානුකූලව මාතෘකා සපයනු ඇත
5. මඩුව පැවැත්වෙන ස්තානය http://kavimaduwa.lankeeya.lk/

Wednesday, May 12, 2010

කවි මඩුව හෙටයි - ආරාධනය ඔබටයි




ආරාධනාවයි
ලාංකීය සිතුවිලි මෙහෙයවන, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ
අන්තර්ජාල කවි මඩුව හෙට උදෑසන 8.30 ට
චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින්
පොල්තෙල් පහන දැල්වීමෙන්
අරම්භකෙරේ

එම සුබ කටයුත්තට පහන් සිලක් දැල්විමට ඔබට කෙරෙන
සුහද ආරාධනයයි මේ

විශේෂ දැනුම් දීම්
1. හෙට උදැසන 8.30 සිට කවිමඩුව විවෘතව පවතියි
2. කවිමඩුව සඳහා firefox හෝ crome බ්‍රව්සර් යොදාගන්නේ නම් මැනවි
3. මුල් කටයුත්ත පොල්තෙල් පහන දැල්වීමයි
4. ඉන් අනතුරුව දිනකට එක් මතෘකාවක් හෝ දෙකක් බැගින් අවස්තානුකූලව මාතෘකා සපයනු ඇත
5. මඩුව පැවැත්වෙන ස්තානය http://kavimaduwa.lankeeya.lk/




--
___________
ලාංකීය සිතුවිලි
___________

Sunday, May 9, 2010

ක‍ඩපලේ කතාවක්

සිරිපාල

මුදලාලි මටත් දෙන්න

අඩු සීනී ප්ලේන්ටියක්

ඇඹුල් කෙහෙල් ඉදිලා මදී‍

මාළු පාන් නැතිද ආවේ


කඩේ මුදලාලි

ඊයේ නොවැ කැන කැපුවේ

හෙට වෙනකොට ඉදෙයි ඕක

මාළු පාන් නැතිය තාම

කනවානම් කිඹුලා බනිස්


සිරිපාල

බං මහතුවො දන්නවාද

ඊයේ වෑන් එකක් ගියා

කවි මඩුවක් ගැන විස්තර

යකඩ කටින් කියා ගියා


මහතුන්

කවි මඩුවක් ගැන විස්තර

ඈ බං බොට සිහි විකල්ද

ඒවා තිබුනේ ඒ කාලේ

දැන් නැහැ බොල ඒ තාලේ


සිරිපාල

නැහැ මහතුවො සිරා වැඩක්

කවි වාදලු එතන ඇත්තේ

කවි කිවිදියෝ වලි පිට වලි

බලා ඉන්න අපිටලු ජොලි


ටිකිරා

අපේ ආතත් කියා තිබුනා

කවි මඩු ගැන ඒ කාලේ

ඒ උනාට අපිට කොයිද

ඒ වාදන මේ කාලේ


මහතුවා

ඈ බං ඒ හැබෑවක්ද

මොකද්ද බොල ඒ හරුපේ

මට නම් නැහැ වැටහෙන්නේ

අනේ සිරියෝ කියාදියං


සිරිපාල

ලාංකීය සිතුවිල බං

මෙහෙය වන්නේ මේ විගඩං

සයිබර් අවකාශය තුල

on line ලු වැඩේ වෙන්නේ


කඩේ මුදලාලි

අතන මෙතන කසු කුසු ගෑ

කවි කිවිදියෝ එකතු කරන්

අමුතුම තාලේ වැඩක් ලු

මේ කොල්ලන් කරන්නේ දැන්


ටිකිරා

අම්මපා බං හැබෑමනන්

අපි කෝමද ගොඩවෙන්නේ

අපිටත් කවියක් කියන්න

බැරි වද චාන්ස් එකක් ගන්න


සිරිපාල

මොකෑ බොලන් බැරිය අපට

ඒකනේ උන් කියා ගියේ

කවි කියන්න කවි අහන්න

ඕන එකෙක් වරෙව් කියා


මහතුවා

මට නම් බෑ කවි කියන්න

ඒත් බැරිය නිකල් ඉන්න

හූ කියලා චියර් කරලා

බැරිද අපිට සහාය වෙන්න


සිරිපාල

ඕන දෙයක් ඔට්ටුලු බං

13 වෙනිදලු පටන් ගන්නේ

16 වෙනිදා වෙනකන්

ඕන තරම් කවි කියන්න


කඩේ මුදලාලි

අළුත් වැඩක් නිසා වෙන්නේ

බලමු අපිත් ඔළුව දාලා

මොනා උනත් අපේ කමට

අපේ දේවල් රැකගන්නට


ටිකිරා

කථාව පිට හොර ගෙඩියා

කැපුවා නේද මගේ ඉත්තා

අනේ අම්මපා මෙහෙමත් හොරු

බලහන් සිරි මේ උලමා


සිරිපාල

අනේ මන්ද උබලගේ වැඩ

මං හාමිනේ යනවා ඔන්න

එහෙනම් හැමෝම එනවා හොදයි

කවි මඩුවෙදි හමුවන්නට


මහතුවා

අපි නෑවිත් කෝමෙයි බං

අපි සේරමත් එනවා ඔන්න

දන්න කියන හැමෝටමත්

මේ විසතරේ කියනවා මං



මෙම මස 13 වන දින සිට 16 වන දින දක්වා ලාංකීය සිතුවිලි මෙහෙයවන කවි මඩුව මෙම් ස්තානයේදි පැවැත්වෙනු ඇත

පද ගැලපුම ගිත්

Tuesday, May 4, 2010

කරුණාවෙන් සවන් දෙන්න

නාවල අන්නාසි කෝට්ටේ.....ක්රීලස්....කිවු....මියු....ටක් ..ටක්....චෙක්. වන්... චෙක් වන් ටු...සව...සවන...සවන් දෙන්න... සවන් දෙන්න...

මේ ඔබ අමතන්නේ....ලාං
කීය සිතිවිලි මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන සයිබර් කවි මඩුවේ ප්‍රචාරක රථයයි......මේ වන විට කවි හිතකාමී ඔබ පුල පුලා බලා සිටින කවි මඩුවේ වේදිකාව නිම වෙමින් පවතින අතර දැනට අවසන් අදියරේ අලංකර කටයුතු සිදුවෙමින් පවතින බව ඉතාම සතුටින් දන්වා සිටිමු...

කවි හිතකාමි ඔබ වෙනුවෙන්ම ලාංකීය සිතිවිලි සංවිධානය කරනු ලබන මෙම වේදිකාව ඕනෑම කෙනෙකුට විවෘත අතර කවි කියන්නන්ටද කවි රසවිදින්නන්ට මෙන්ම හු කියා මඩ ගසා චියර් එක දිය හැකි කොලු කුරුට්ටන්ටද ලාංකීය සිතිවිලි කවි මඩු සංවිධායක මන්ඩලය ඉතාම ලෙන්ගතුව ආරාධනා කර සිටිනු ලබයි. එමෙන්ම කවි කීම
සදහා මඩුවට ඇතුළු වන්නනගේ නම් දැනට සංවිධායක කමිටුවේ ප්‍රධාන කාර්යාලයේදි ලියාපදිංවි කරගන්නා අතර ඒ සදහා කිසිම අයකිරීමක් නොමැති බවත් දවසේ ඕනැම වේලාවකදී ලියාපදිංචි විය හැකි බවත් දන්වා සිටිනු කැමැත්තෙමු. 2010. 05.11 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී ඇති අතර නොපමාව ඔබගේ පැමිණිම සනාත කර ලියාපදිංචි වී කවි මඩු සංවිධායක කමිටුවට සහාය දක්වන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමු.
තවද මෙම
ඓතිහාසික සයිබර් කවිමඩුව පිළිබදව අන් අයද දැනුවත් කර කවි මඩුවේ මුලික ප්‍රචාරක වැඩසටහනට සහය දීමක් ලෙසින් කවි මඩුවේ ධජයක් ඔබ වාසස්ථානයේ ඉහලම ස්ථානයක පෙනෙන්නට සලසවන තරමට කාරුණිකව වන ලෙසින් සංවිධායක කමිටුව දයාබරව ඉල්ලා සිටිනු ලබයි.
ස්තුති.....

දොඩන් රස රසය කෑමටා....හු....හු.....හු...(වට පිටේ ඇට්ටිබි කොල්ලෝ කුරුට්ටෝ....)

ලිව්වේ
ගිත්

Saturday, May 1, 2010

කවි කමට කවි මඩුවක්

තාක්ෂණය අතින් නොදියුණු යුගයේ, අදහස් ප්‍රකාශ කිරිමේ විවධ වු ක්‍රමවේදයන් අතර කවියට තිබුනේ ප්‍රමුඛස්ථානයකි. පරිගනකය ජංගම දුරකතනයට සීමා වු අද කාලයේ බොහෝ දෙනකුට එයින් තොර වු දෙයක් සීතීමට නොහැක. මෙවන් යුගයක, අපේ කම පරිගනක ගත කිරිමේ වෑයටම දිරියක් දෙමින් ලාංකීය සිතුවිලි යන ගමන තුල කවියට ඉඩක් වෙන්කරදීමේ අරමුණින් කවි මඩුවක් සංවිධානය කර ඇත.

මෙහි මුල්ම අදහස ඉදිරිපත් කරන ලද්දේ ගීත් සහෝදරයා විසිනි. ඔහුගේ අදහසට ඉඩක් දෙමින් ලාංකීය සිතුවිලි මෙම කවි මඩුව අන්තර්ජාල අවකාශය තුල මෙසේ ඉදිකිරිමට සැරසෙයි. කවි ලිවිමට අති හැකි මෙන්ම කවි රසවිදිය හැකි ඔබට මේ සඳහා ඉදිරිපත් විය හැක. හුදෙක් සංවාදශිලීව ගොඩ නැගී ඉදිරියට ඇදෙමන් යන මෙහි, බොහෝ රසමුසු, හාස්‍ය , අපහාස , උපහාස හෝ බහුශ්‍රැත තැන් දැකීමට හැකි වනු ඇත. තවද ඔබට මේ සඳහා දිරි ගැන්විම් මඩ ගැසීම් හෝ වතුර ගැසීම් යන කාර්යයන්ගෙන්ද එක්විය හැක.


ඔබ කුමක් කල යුතුද?


1 ඔබ කවිමඩුවට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්. මෙම බැදියට ගොඩවී ලියාපදිංචිවන්න.මෙපරිදි ලියාපදිංචිය අනිවාර්යය කර ඇත්තේ ඔබේ අනන්‍යතාවය‍ වෙනත් පුද්ගලයින් විසින් ලබාගැනීම වැලැක් වීම සදහාය. තවද ඔබ ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කර ඇති බ්ලොග් එකක අයිති කරුවෙකුගේ නමකින් ලියාපදිංචි වන්නේ නම් ඉහත බැදියේ, එම බ්ලොගය ඇතුලත් කල මේල් ලිපිනයම සදහන් කරන්න. ලියාපදිංචි වන සැමට තහවුරුකරගැනීමේ පනිවිඩයක් එවනවා ඇත.

2 ලියා පදිංච්යේදී වඩා අකාර්ෂණය දිනා ගත හැකි මාතෘකාවක් හෝ දෙකක් දැම්මට අමතක නොකරන්න.

3. කවි මඩුවේ වෙදිකාව පුරුදු වීම සඳහා එය පැවැත්වීමට දින කිහිපයකට පෙර ඔබට වේදිකා ගත වී එහි පුර්ව පුහුණුවීම් කිරිමට ඉඩ දෙනු ‍ලැබේ.

4.ඔනැම අයකුට වතුර ගැසීම මඩ ගැසීම හෝ දිරිමත් කීරිමට වෙනම ප්‍රේක්ෂාකාගාරයක් ඉදිකර ඇත. මේ සඳහා ලියාපදිංච්යක් අනවශයයි.


කවිමඩුවට සහායක් වශයෙන් හැකිනම් පහත බැනරය ඔබ අඩවියට එක් කරගන්න.

<a href='http://blog.inetlanka.com/kavi_maduwa.php' title='කවි මඩුව'><img height="253" width="175" alt="" src="http://blog.inetlanka.com/banner/Kavi_Maduwa_02.png"></a>




සිදුවන ආකාරය

2010. 05.11 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි කර ගැනේ
ඉන් පසු ලියා පදිංචි වන සැමට රහස් පද හා නාමයන් ලබා දේ.
2010.05.11 වන දා සිට 2010.05.13 වන දින දක්වා, ලියාපදිංචිවන සැමට කවි මඩුව අත්හදා බැලීමට ලබාදේ
පුරා දින 3ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.

පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ