Sunday, March 28, 2010

බක් පොහොයේ වැදගත්කම




බුද්ධ කාලීන ලක්දිව යක්ෂ, රාක්ෂ, නාග යනුවෙන් ගෝත්‍රික කොටස් තුනක් වාසය කල බවත් මෙයින් නාග ගෝත්‍රිකයන් කොටස් දෙකක් එනම් කොටසක් මුහුදේද අනෙක් කොටස ගොඩබිමද වාසය කල බව පොත පතේ සඳහන්.. සාගරයේ නා රජු වූ මහෝදර යොදුන් පන්සියයක නාග රාජ්‍යයකට අධිපති වූ අතර මහත් බලයකින් යුක්ත වූ බව මහාවංශයේ සඳහන් වෙනවා. ඔහු තම බෑනා වූ චූලෝදර සමග ආරම්භ කිරීමට ගිය යුද්ධයක් නවත්වනු පිණිස දේවාති දේව නිදුකාණන් වහන්සේ දෙවනි වරට ලංකාවට වැඩමවීම සිදු වෙන්නේ සම්බුද්ධත්වයෙන් පස් වසක් ගිය තැන බක් මස අව පසොලොස්වක් පොහෝදාකයි.

චූලෝදරගේ නා රජුගේ මව මහෝදර රජුගේ සහෝදරියක්. ඇයට කත්වඩමන් පර්වතයේ නා රජුට දාව ඉපදුනේ චූලොදර රජුයි. මහෝදර රජුගේ පියාණන්, මියයන විට දී ඔහුට අයත් වටිනා මැණික් පුටුව, මහෝදර පුතුට නොදී, චුලොදරගේ මෑණියන් වූ දියණියට භාර දු. නා රජවරු දෙදෙනාගේ විරසකයට හේතු වූයේ එයයි.

සිදු වන්නට යන මහත් වූ විනාශය දැක එය වලක්වනු පිණිස නිදුකාණන් වහන්සේ නාගදීපය වෙත වැඩම කලා. නිදුකාණන් වහන්සේගේ මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා ද එකතු උනා. ඔහු තමාගේ භවන වූ කිරිපලු රුක ද උදුරාගෙන තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලාගෙන, තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියා. සමිද්ධි සුමන දිව්‍ය රාජයා, දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකට අධිපති දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂ්‍යයකුව ඉපිද එකල කිරිපලු වෘක්‍ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කර ගන්නට කොළ කඩා දුන් ඒ පින් බලෙන් දෙව්රම් වෙහෙර කිරිපලු රුකෙහි දෙවියකුව උපන් බව මහාවංශයේ සඳහන්.

මෝහාන්ධකාරය දුරුකල අප නිදුකාණන් වහන්සේ යුධ භූමියේ අහසේ වැඩ වෙසෙමින් මහත් වූ බියකරු ඝණඳුරක් මවා පා, එයින් බියට පත් නාග ගෝත්‍රිකයන් බියෙන් මිදවීමට නැවත ආලෝකය ඇති කලා. අහසේ වැඩ සිටි නිදුකාණන් දුටු සියල්ලෝම උන් වහන්සේ දෙපා නැමද පිලිගත්තා. ඔවුන් සමගි කිරීමට සාමයේ වැදගත්කම, උඩගුවීමේ ආදීනව ගැන කියවෙන පන්සිය පනස් ජාතක පොතේ දැක්වෙන කාකොලුක ජාතකය (269) , එන්දන ජාතකය (467) , ලටුකික (352) හා වට්ටක (388) ජාතක අළලා ධර්ම දේශනා කළ උන්වහන්සේ තමාට පූජා කල මැණික් පුටුව සහ කිරිපලු රුක යන දෙකම පූජා වස්තූන් වශයෙන් නා රජවරුන්ටම පවරා දුන්නා.

- පාදක සටහන් -

ලක්දිව දෙවන වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු වූ බක් පොහොය - ඇන්නරුවේ රතනසිරි හිමි
අසමසම බුදුරදුන්ගේ අපරිමිත කරුණාවේ මතක සටහන - පේ‍්‍රමසර ඈපාසිංහ
THE VISIT OF THE TATHAGATA - THE MAHAVAMSA - Translated by Wilhelm Geiger
සොළොස්මස්ථානය - විකිපිඩියා

- ඒ අවස්ථාවේ දේශිත ජාතක කතා -

කාකොලුක ජාතකය (269)
එන්දන ජාතකය (467)
ලටුකික ජාතකය (352)
වට්ටක ජාතකය (388)

- නාගදීපය වඳින ගාථාව -

භගිනීසුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,
මුණිධම්ම මදේසයී මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං

- නාගදීපයේ ඡායාරූප -

http://www.flickr.com/photos/69672333@N00/sets/72157623713822976/

Saturday, March 27, 2010

2010 සිංහල බ්ලොග් මැරතන් තරඟය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් පවත්වනු ලබන 2010 බ්ලොග් මැරතන් ඉසව්වට ලාංකීය සිතුවිලි මෙසේ සුභාශිංෂණ ගෙන එනු ලබයි.


එයට දිරියක් දෙමින් එම සංසදයේ අවසර ඇතිව, එම තරඟය සමගාමී ලෙස විකාශය කිරීමට ලාංකීය සිතුවිලි මෙලෙස සැදී පැහැදී සිටියි. ඔබට තරඟයේ තොරතුරු එ‍සැනින් ගෙන ඒමේ අරමුණ මුලීකත්වය ලෙස තබාගනිමින්, නවමු අත්දැකීම්ද කිහිපයක් එයට එක් කිරිමට කටයුතු යොදා ඇත. එක් වන්න ඔබත් බ්ලොග් මැරතන් සමඟ. තරඟය විකාශනය කරන අලුත් නාලිකා ‍දැනටමත් ඔබ වෙනුවෙන් විවෘතව පවතීයි. විශේෂ මැරතන් නාලිකාව වෙත මෙතනින් පියනගන්න
Sinhala Blog Marathon 2010

බ්ලොග් මැරතන් ගැන වැඩිපුර දැනගන්න

මේපාරත් බ්ලොග් මැරතන් එකක් තියමුද ?
සිංහල මිනි බ්ලොග් මැරතන්
මොකක්ද මේ බ්ලොග් මැරතන්

Monday, March 22, 2010

අපගේ ඉදිරි ගමන කෙසේ වනු ඇත්ද?

වසර 2010 යේ දෙවැනි මස 19 වන දිනකදී අන්තර්ජාලයට මුදා හැරි ලාංකීය සිතුවිලි වල මුල්ම සාමාජීකයා සහන් සටහන් විය. ඔහුගෙන් ඇරඹි මේ ගමන අදවන විට සිංහල හා ඉංග්‍රීසි අඩවි 350 කට ආසන්න ප්‍රමණයකින් සමන්විතය. තිබුණු අඩවියක තවත් කෙටි නමක් හෙවත් සබ් ඩොමෙයිනයක් ලෙස ඔබ හමුවට ආ ලාංකීය සිතුවිලි මේ වන විට බොහෝ රචකයන් හා පාඨකයන් අතරට ගොස් හමාරය. ඔබගේ අසීමිත උදව් උපකාර මතින් මෙතෙක් දුරක් පැමිණි අප, ඔබට හිස නමා අචාර කරන්නෙමු.


සාම්ප්‍රදායික දිගහැරුමකට නවමු අද්දැකීම් එක් කරමින්, අලුත් අදහස් ඔබ වෙත ගෙන ආ අප වඩාත් ජනප්‍රිය හා වැඩදායි අංගයක් වන පටස් එකතුවක් හඳුන්වා දුන්නේ ඔබගේ පහසුව සඳහාමය. එහිම දිගුවක් ලෙස පට්ට පටස් හදුන්වා දුන්නේ පාඨකයන්ට වඩාත් පහසු වීම අරමුණුකර ගනිමිනි. පාඨකයන් හා රචකයන් එක් තැනකට ගෙන එන අරමුණින් "වැඩි පහසුකම් යටතේ "ලාංකීය සිතුවිලි" එකම අඩවියක" යන තේමාව පෙරටුකර වෙනස් මගක දිගු ගමනකට මං පෙත් විවර කරමින් මෙසේ ලාංකීය සිතුවිලි දිනෙන් දින ඔබ හමුවට වඩ වඩාත් සමීපවෙමින් සිටියි.



මෙම කර්තව සාර්තකව කරගෙන යාම සඳහා දැනට අප සතු වටිනා සම්පත් හයක් ඇත. ඔවුන් මෙපමණ කලක් තම සේවය නිහඬවම ලබාදුන්නේය. පටන් ගැන්ම වැප් විසින් කලද, අනික් සහෝදරයන් පස් දෙනා නොමැති මෙපමණ සාර්තක ගමනක් කෙසේවත් සිදු නොවන බව සක් සුදක් සේ පැහැදිලිය. මෙපමණ දුරක් පැමිණිමේට මනා වු පිටු බලයක් දෙමන් පටන් ගත් දින කිහිපය අතර තුරම මෙයට එක් වු දෙවැන්නා වුයේ තරිඳු ය.ඉන්පසු පිලිවෙළින් කණියා , චතුරංග , අයිසමන් හා සහන් මෙම කර්තව්‍යය සඳහා මනාවු පිටු බලයක් ගෙන දුනි.
නිරන්තරයෙන් මෙහි ගුනදොස් සහ වෙනත් කටයුතු වලට තම ශක්ති ප්‍රමාණයෙන් උපරිම සහායදෙමින් අපත් සමග නිබදවම රැදෙන සුමින්ද හේමාල් හා බිගුවාද අපි මෙ‍හිදී හෘදයාංගමව සිහිපත් කරන්නෙමු.


තාක්ෂණයේ උපරිම පල ප්‍රයෝජන ගනිමින් නිර්මාණය කර ඇති ලාංකීය සිතුවිලි, එහි ප්‍රථිඵල ඔබ වෙත ලබා දී අති බව සතුටු සිතින් ප්‍රකාශ කරන්නෙමු. විශේෂයෙන්ම ඔබ අවසනට ලියු ලිපියේ සිට අද දක්වා කාලය මෙන්ම. ඔබ දැනට ලියා ඇති ලිපි ගණනද මෙතුලින්ම දැන ගත හැක. ඉංග්‍රීසි භාෂාවේ වචන තේරුම් දැන ගැනීම පහසු වනු පිණිස ශබ්ද කෝෂයක් ද මුල් පිටුවටම එකතු කර ඇත. අදහසට ඉඩක් වෙන් කර ඇත්තේ ඔබගේ යෝජනා චෝදනා මෙන්ම වෙනත් ඔනැම නිවේදනයක් ඇතුලත් කීරිම සඳහාමය. ඊයේ සිට ඔබට හදුන්වා දුන් නවමු අද්දැකීම වු නොකියු ඔබට ලිපි මගහැරීමට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇත. ඒමෙන්ම බ්ලොග් ලිපි මත ක්ලික් කිරීමේදී අලුත් ටැබ් එකක් පැමිණීමද බ්ලොග් කියවන අතරින් ලාංකීය සිතුවිලි වලට පමණක්ම ආවේනික දෙයකි. මෙය කුඩා දෙයක් නමුත් විශාල ලෙස ප්‍රයොජනයක් වන දෙයක් බව ඔබට දැනෙනවා ඇතැයි අපි සිතමු.


අපේ රටට ගැලපෙන විනයකින් හෙබි ලාංකීය සිතුවිලි, අපේ අනාගත පරපුර නොමග යැවීමට දිරි දෙන කිසිඳු ප්‍රචාරණ කටයුත්කට එකතු නොවන බව තරයේ කියා සිට්න්නෙමු. අපේ රට, අපේ ඉතිහාසය, අපේ කම රැක ගනිමින් ලොවට අලුත් යමක් දායාද කිරිමේ බලාපොරොත්තුවෙන් යන මේ ගමනට ඔබගේ පැමිණිම මහත් වු ශක්තියක් බව සතුටු සිතින් ප්‍රකාශ කරන්නෙමු. එම නිසා අපේ ඉදිරි ගමන කෙසේ විය යුතුදැයි යන වග ඔබගේ අදහසින්ම අප වෙත දක්වා එවන මෙන් ඉතා ඔනෑකමින් ඉල්ලා සිටිමු.

එවන්න යෝජනා info@inetlanka.com


වැඩි පහසුකම් යටතේ "ලාංකීය සිතුවිලි" එකම අඩවියක

Sunday, March 21, 2010

ඔබට බ්ලොග් ලිපි මගහැරෙනවාද? මෙන්න විකල්පය

කාටත් තියන ප්‍රශ්නයකට විසඳුමක් දැන් ලාංකිය සිතුවිලි තුලින් ඔබ හමුවට ඉදිරිපත් කර ඇත. බොහෝ විට අප බ්ලොග් කියවනුයේ තවත් දහසකුත් එකක් වැඩ අතර විම පිළිගත යුතු සත්‍යයකි. තවද ලාංකීය සිතුවිලි බොහොමයක් වේගවත් නිසා ඔබට වටිනා ලිපි මග හැරීයාමද වැලැක්විය නොහැකි කරුණකි. එයට විසඳුමක් ලාංකීය සිතුවිලි තුලින් ඔබට මෙ‍ලෙස ඉදිරිපත් කරන්නෙමු. එම විසඳුම අපිට ආවේණික ක්‍රමයක් නිසා ඉක්මනින්ම ඔබ වෙත ගෙන ඒමට හැකි විය.


තිබුණු සිංහල වචනයට නව අරුතක් එක්කරමින් "නොකියු" නමින් ඔබ හමුවට පැමිණ ඇති මේ නවමු අද්දැකීම අනිවර්යයෙන්ම ඔබ ප්‍රියකරන නව අංගයක් වන බව ඉතා පැහැදිලිය. ඔබව හදුනා ගැනිම සඳහා "මම කැමතිම වචනය" යන්නට ඔබටම ආවේණිකවු වචනයක් යොදා ගත හැක. සිංහල හෝ ඉංග්‍රීසි ඔබටම වෙන්වු වචනයක් හෝ වි. ලිපිනය වඩාත් සුදුසු වනු ඇත. මෙය හුදෙක් ඔබ වෙන් කර හදුනා ගැනීමට පමණක් භාවිත කරන බව තරයේ කියාසිටින්නෙමු


ඔබ නොකියවූ ලිපි සියල්ලම රතු පාට තරු දෙකක් සහිතව දිස්වනු ඇත. අන් ලිපි සමාන්‍ය ආකාරයට දිස් වනු ඇත. ඔබට වඩාත් පහසු කියවීමක් සඳහා මෙම ක්‍රමය වඩාත් උදව් වනු ඇතැයි අප සිතන්නෙමු

වැඩි පහසුකම් යටතේ "ලාංකීය සිතුවිලි" එකම අඩවියක

Thursday, March 18, 2010

ලාංකීය සිතුවිලි තාවකාලිකව අත්හිටුවීම

ලාංකීය සිතුවිලි අඩවිය වෙත මේ වනවිට දිනකට විශාල ප්‍රමාණයක් පැමිනෙමින් පවතී. එමනිසා අඩවියට වරින් වර අක්‍රීය වීමකට මුහුන පෑමට සිදුව ඇත. මෙම කරුණ නිසා අඩවිය ස්ථායීව පවත්වාගෙන යාම සදහා සර්වර් වැඩිදියුණුවක් කිරීමට සිදුව තිබේ. ‍


එබැවින් අද රාත්‍රියේ අත්‍යවශ්‍ය සර්වර් යාවත් කාලිනයක් සඳහා
8 p.m. (18th March 2010) to 8 a.m. (19th March 2010)


එනම් අද රත්‍රි 8 සිට හෙට උදේ 8 වන තෙක් වරින් වර ලාංකීය සිතුවිලි අඩපණ වනු ඇත. මෙම යාවත් කාලීනය මගින් ඔබට ඉක්මන් සේවාවක් සැපයීම අපේ අරමුණයි. එබැවින් එමගින් සිදුවන අපහසුතාවය පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු.


Tuesday, March 16, 2010

සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය ලාංකීය සිතුවිලි තුලින්

අපේ මව් බස සිංහල වනවා මෙන්ම එය පෝෂණය කිරිමද අප සතු යුතුකමකි. ඒ ගැන කිසිඳු විවාදයක් නැත. නමුත් අතර්ජාලය තුලින් ලොවම එක් තැන් කර ඇති බැවින්, තොරතුරු හුවමාරුව ඉතා සිඝ්‍රයෙන් සිදු වෙයි. ජාත්‍යන්තර භාෂාව ලෙස සැලකෙන ඉංග්‍රීසි දැන ගැනීම මෙහිලා ඉතා ප්‍රමුඛ කාරණයක් වන බව ඔබ අප සැම දන්නා කරුණකි. එයට රුකුලක් වෙමින් ඉතා පහසුවෙන් භාවිතා කල හැකි ශබ්දකෝෂයක් ලාංකීය සිතුවිලි තුලින් ඔබ හමුවට ගෙන විත් ඇත. එහි සිංහල-ඉංග්‍රීසි මෙන්ම ඉංග්‍රීසි-සිංහල ද සෙවුමට ලක් කල හැක.


එමෙන්ම ලාංකික සිතුවිලි භාවිත‍යෙන් බ්ලොග් කියවන ඔබගේ පහසුව පිණීස සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයක් දැන් ප්‍රධාන පිටුවටද එකතුකර ඇත.

Saturday, March 13, 2010

ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි මානව ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ලාංකීක අප දැන් මේ ගෙවා දමන්නේ පරිගණක තාක්ෂණ යුගයයි. අපේ ඉතිහාසය තුල, ආදිතමයන් විවධ වු අත්හදා බැලීම් හා විවිද ක්‍රම මගින් ලොවට අලුත් දෑ නිර්මාණය කර දුන්නද, ඉතිහාසයේ යම් යම් පරිච්ජේදයක් තුල අප ලබා ගත් දියුණවක් හෝ ඉදිරිපිම්මක් පැනීමට අවැසි දැනුමක් ගෙන හැර පාන්නට අසමත් විය. එය වු කලී අප ලද පරාජයකි. අපේ දියුණුවට, හෙට දවසට යොදා ගැනෙන නව දැනුම් හා සංකල්ප ඉදිරිපත් කීරිම අප සතු යුතුකම්ක් හා වගකීමක්ද වන්නේය. එනමදු උක්තයෙන් කී එම පරාජයම දිගට ඇදගෙන පැමිණි අප මේ වන විට පරිගණක ක්ෂේත්‍රය තුල යම් කිසි දියුණුවක් ලැබ ඇති බව කවුත් දන්නා පැහැදිලි කාරුණකි. එහෙත් එමගින්, අපේ භාෂාවෙන් අපට උවමනා පරිදි භාවිතයට ගැනීමට නොහැකිව බොහෝ කල් සිටීමට සිදුවිය.

සිංහල භාෂාව මගින් පරිගණකයේ වැඩ කිරීමට ඇති හැකියාව, සිංහල යුනිකේත පැමිණිමත් සමඟ වඩ වඩාත් වැඩි දියුණු හා ජනප්‍රිය විය. මෙය වු කලි අපි ලද විශාල ජයග්‍රහණයකි. එම නිසා සිංහල යුනිකේත නිර්මණයේ හා එම වැඩ පිළිවෙලට අත හිත දෙමින් උදව් උපකාර කල සැමට අපි අපේ ආචාරය මෙසේ මහත් වු අභිමානයනේ පුද කරන්නෙමු. සිංහලයෙන් ලියන්නට කියවන්නට බොහෝ දෙනෙකු සිටියත් පරිගණක ක්ෂේත්‍රය තුල ඒ කර්තව්යය කර ගැනීමට නොහැකි වු හෙයින් බොහෝ දෙනෙක් පසු තැවිලි වන්නට ඇත. "මට හිතෙන අදහස් මගේ විදිහට මට පල කල නොහැකි වු යුගය විද්‍යුත් හා මුදෘති මධ්‍ය මගින් ඒකාධිකාරයකට යටත් කර තිබුණු බව එදා ඔබට සිතෙන්නට ඇති. එහෙත් වර්තමානය තුල එය තව දුරටත් යථාර්තයක් වී නොමැත.

සිංහල යුනිකේත පැමිණිමත් සමග අප තුල සැඟව තිබු අපේ නිදහස් අදහස් කෙමෙන් කෙමෙන් පරිගණක ගත කර අන්තර්ජාලය හරහා ලොව වටා සිටින අපේම නෑයින් හට බෙදා හැරිම ඉතා සිඝ්‍රයෙන් සිදු වුණි. තනි තනිව ගිය ගමන එක්තැන් කරමින් සිංහල බ්ලොග් කියවනය, බ්ලොග් පාඨකයන් මෙන්ම බ්ලොග් ලියන්නන්ටද පහසුවක් ඇති කර දුනි. එමෙන්ම කොත්තු කියවනයද ඒ සඳහා රුකුලක් වු බව නිහතමානීව අප සඳහන් කල යුතුම වෙයි. එම සාමුහික බෙදා හැරීමේ කර්තවය සඳහා ඉතා මෑතකදි එක්වු ලාංකීය සිතුවිලි, කලින් සඳහන් කල කියවනයන් තුල තිබු විශේෂතා ද එක් කරගමින් නවමු මගක් ඔස්සේ මෙසේ කෙමෙන් කෙමෙන් පියමං කරමින් සිටියි. මේ ඉතා කෙටි කල තුල විශාල බාධක මහත් වු පරිශ්‍රමක් දරා විසඳා ගනිමින් ඉදිරයට ගලා යන ලාංකීය සිතුවිලි, ඔබ වෙත නවමු සංකල්ප හදුන්වා දී ඇත.

බ්ලොග් කියවනයක අවශ්‍යතාවය ඇති වන්නේ බ්ලොග් රචකයන් සිටිනම් පමණක් මෙන්ම ආධුනියන් කරලියට කැන්දා එමට බිලොග් කියවනයක් මනා පිටු බලයක් දෙන බවත් විශ්වාස කරන්නෙමු. දෙපැත්තම සමබර එකිනෙකා මත යැපෙමන් යන මේ ගමනට ලාංකීය සිතුවිලිද හැකි උපරිමයෙන් සහාය වන්නට අපේක්ෂා කරන්නෙමු

අන්තර්ජාලය තුල සෙමින් ගමනකට සැරසී සිටින ලාංකීය සිතුවිලි කියවනය සඳහා විශාල අඩුවක්ව පැවති නිල බ්ලොග් අඩවිය මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. ලාංකීය සිතුවිලි කියවනයේ විශේෂ නිවේදන, දැනුම් දිම් හා වෙනත් නිල නිවේදන සියල්ලම මෙය හරහා සිදුවන බව ඔබ සැමට ඉතා සතුටින් ප්‍රකාශ කරන්නෙමු. "වැඩි පහසුකම් යටතේ ' ලාංකීය සිතුවිලි ' එකම අඩවියකට" යන තේමාව ඔස්සේ ඔබ කරා පැමිණෙන අප, ඔබගේ යෝජනා හා චෝදනා ඉතා සතුටු සිතින් පිළිගන්නෙමු.


ලියන්න අපිට info@inetlanka.com විද්‍යුත් තැපෑල හරහා.