Tuesday, April 6, 2010

අවුරුදු නැකැත්

පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වන සඳුදා දිවුල් පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.


නව සඳ බැලීම
අභිනව චන්ද්‍රවර්ෂය සඳහා මාර්තු මස 18 වෙනි බ්‍රහස්පතින්දා ද, සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 18 වෙනි ඉරිදා ද සඳ බැලීම මැනවි.


අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වෙනි බදදා පූර්ව භාග 06.58ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා මධ්‍යඹ රාත්‍රී 12.34 ට හෙවත් අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 00.34 සිට මෙදින අපරභාග 01.22 දක්වා පුණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 ට හෙවත් 14 වන දින අපර භාග 02.34 හෙවත් 14 වන දින අපාරභාග 00.34ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර එදින අපර භාග 01.22 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විදි ඉටුකිරීම ද මැනවී.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 07.01 ට පලාවන් පැහැති වත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ, ගිණි මොළවා කිරිබතක්ද, උඳු මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළීයෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 9.07 ට පලාවන් පැහැති වත්‍රාභරණයෙන් සැරසී උතුරු දීශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.06ට උතුරු දීශාව බලා හිසට බෝපත්ද, පයට කොහොඹ පත්ද, තබා රන්වන් පැහැති වත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ බෝයුෂ නානු ද ගා ස්නානය කිරීම මැනවි


රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 19 වන සඳුදා පූර්ව භාග 05.42ට උඳු මිශ්‍ර ආහාරයෙන්ද හා කිරිබත් අනුභව කර සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි

No comments:

Post a Comment