Sunday, March 28, 2010
බක් පොහොයේ වැදගත්කම
බුද්ධ කාලීන ලක්දිව යක්ෂ, රාක්ෂ, නාග යනුවෙන් ගෝත්‍රික කොටස් තුනක් වාසය කල බවත් මෙයින් නාග ගෝත්‍රිකයන් කොටස් දෙකක් එනම් කොටසක් මුහුදේද අනෙක් කොටස ගොඩබිමද වාසය කල බව පොත පතේ සඳහන්.. සාගරයේ නා රජු වූ මහෝදර යොදුන් පන්සියයක නාග රාජ්‍යයකට අධිපති වූ අතර මහත් බලයකින් යුක්ත වූ බව මහාවංශයේ සඳහන් වෙනවා. ඔහු තම බෑනා වූ චූලෝදර සමග ආරම්භ කිරීමට ගිය යුද්ධයක් නවත්වනු පිණිස දේවාති දේව නිදුකාණන් වහන්සේ දෙවනි වරට ලංකාවට වැඩමවීම සිදු වෙන්නේ සම්බුද්ධත්වයෙන් පස් වසක් ගිය තැන බක් මස අව පසොලොස්වක් පොහෝදාකයි.
චූලෝදරගේ නා රජුගේ මව මහෝදර රජුගේ සහෝදරියක්. ඇයට කත්වඩමන් පර්වතයේ නා රජුට දාව ඉපදුනේ චූලොදර රජුයි. මහෝදර රජුගේ පියාණන්, මියයන විට දී ඔහුට අයත් වටිනා මැණික් පුටුව, මහෝදර පුතුට නොදී, චුලොදරගේ මෑණියන් වූ දියණියට භාර දු. නා රජවරු දෙදෙනාගේ විරසකයට හේතු වූයේ එයයි.
සිදු වන්නට යන මහත් වූ විනාශය දැක එය වලක්වනු පිණිස නිදුකාණන් වහන්සේ නාගදීපය වෙත වැඩම කලා. නිදුකාණන් වහන්සේගේ මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා ද එකතු උනා. ඔහු තමාගේ භවන වූ කිරිපලු රුක ද උදුරාගෙන තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලාගෙන, තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියා. සමිද්ධි සුමන දිව්‍ය රාජයා, දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකට අධිපති දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂ්‍යයකුව ඉපිද එකල කිරිපලු වෘක්‍ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කර ගන්නට කොළ කඩා දුන් ඒ පින් බලෙන් දෙව්රම් වෙහෙර කිරිපලු රුකෙහි දෙවියකුව උපන් බව මහාවංශයේ සඳහන්.
මෝහාන්ධකාරය දුරුකල අප නිදුකාණන් වහන්සේ යුධ භූමියේ අහසේ වැඩ වෙසෙමින් මහත් වූ බියකරු ඝණඳුරක් මවා පා, එයින් බියට පත් නාග ගෝත්‍රිකයන් බියෙන් මිදවීමට නැවත ආලෝකය ඇති කලා. අහසේ වැඩ සිටි නිදුකාණන් දුටු සියල්ලෝම උන් වහන්සේ දෙපා නැමද පිලිගත්තා. ඔවුන් සමගි කිරීමට සාමයේ වැදගත්කම, උඩගුවීමේ ආදීනව ගැන කියවෙන පන්සිය පනස් ජාතක පොතේ දැක්වෙන කාකොලුක ජාතකය (269) , එන්දන ජාතකය (467) , ලටුකික (352) හා වට්ටක (388) ජාතක අළලා ධර්ම දේශනා කළ උන්වහන්සේ තමාට පූජා කල මැණික් පුටුව සහ කිරිපලු රුක යන දෙකම පූජා වස්තූන් වශයෙන් නා රජවරුන්ටම පවරා දුන්නා.
- පාදක සටහන් -
ලක්දිව දෙවන වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු වූ බක් පොහොය - ඇන්නරුවේ රතනසිරි හිමි
අසමසම බුදුරදුන්ගේ අපරිමිත කරුණාවේ මතක සටහන - පේ‍්‍රමසර ඈපාසිංහ
THE VISIT OF THE TATHAGATA - THE MAHAVAMSA - Translated by Wilhelm Geiger
සොළොස්මස්ථානය - විකිපිඩියා
- ඒ අවස්ථාවේ දේශිත ජාතක කතා -
කාකොලුක ජාතකය (269)
එන්දන ජාතකය (467)
ලටුකික ජාතකය (352)
වට්ටක ජාතකය (388)
- නාගදීපය වඳින ගාථාව -
භගිනීසුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,
මුණිධම්ම මදේසයී මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං
- නාගදීපයේ ඡායාරූප -
http://www.flickr.com/photos/69672333@N00/sets/72157623713822976/
Subscribe to:
Post Comments (Atom)
Good.
ReplyDeleteලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මෙලෙස ඉන්දියානුවන් ඇඟිලි ගැසීම හරිද?
ReplyDeleteමේ මෑදිහත් වීමට ලංකාවේ කවුරුන් හෝ සම්බන්ධ වූවාද? කව්ද ඒ දේශද්‍රෝහියෝ යැයි වහා හෙලිකරගත යුතුය.
කතන්දරකාරයා
ස්තුතියි!
ReplyDeleteඇත්තටම හොඳ ලිපියක්
ReplyDelete@බිඟුවා, බුධාජීව, සහන්
ReplyDeleteස්තූතියි ප්‍රතිචාර වලට
@කසූ
කට කට....
ela
ReplyDelete