Saturday, September 11, 2010

එන්න ප්‍රසිද්ධියට

සයමසක් ඉක්මගොස් ඇති ලාංකීය සිතුවිලි, bestweb.lk මගින් සංවිධානය කරනු ලබන තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත. එහි සිංහල අංශයෙන් තරඟ වදින අප මෙම තරඟයට ඉල්ලුම් කිරීමට හේතූ වූ ප්‍රධානම හේතුව නම්, බ්ලොග්කරණය ලාංකිකයන් අතර ප්‍රචලිත කිරීමයි.

ලාංකීය බ්ලොග්කරණය, තවමත් ප්‍රබල ජනමාධ්‍යයක් තරමට වැඩි දියුණු වි නොමැත. එහෙයින් මෙම තරඟයට සහභාගිවිමේ මූලික අරමුණ ප්‍රසිද්ධියයි. අපගේ නියෝජනය මගින් මෙම තරඟට සහභාගි වන ලංකාවේ නම් දරා ඇති ආයතන හා සංවිධාන , සිංහල බ්ලොග්කරණය යනු කුමක් දැයි හෝ දැන ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

එන්න ප්‍රසිද්ධියට යන තේමාව, ලාංකීය සිතුවිලි අප මෙම තරඟයට යොදාගෙන ඇත. ජය පැරදුම කෙසේ වෙතත් ලංකාවේ නම් දරා ඇති ආයතන වල ‍අන්තර්ජාල අඩවි සමග කරට කර යමින් ලාංකීය බ්ලොග්කරණයේ අපේ සලකුණ ඉස්මතු කීරිමට දරණ මේ වෑයමට ඔබගේ උපරිම සහාය බලාපොරොත්තු වෙමු. විවිධ බාධක හමුවේ අප අත්නොහැර සිටි ඔබ මෙම අවස්ථාවේදීද මෙම කර්තව්‍යයට හැකි පමණින් දිරියක් වනු ඇතැයි අපි කණ්ඩායමක් ලෙස උදක්ම බලාපොරොත්තු වෙමු.

තරඟය සංවිධානය කර ඇති අයුරු.........
සුදුසු කම් ලැබූ වෙබ් අඩවි තරඟ වට හතරක් යටතේ තරඟ කල යුතුව ඇත. එනම් වැඩිපුරම ඡන්ද ලබා ඇති අඩවි ඊලඟ වටයට සුදුසු කම් ලබයි. මෙහිදී සෑම වටයකදීම ඔබට ඡන්දයක් පාවිච්චි කළ හැක.

ඡන්දය පැවැත්වෙන දිනයන් බලාපොරොත්තු වන්න ............