Friday, July 29, 2011

පහන් සිලක් දැල්වීමේ ආරාධනය 2011 කවි මඩුව

හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේ
සරස්වතී කුමරිය මෙහි වඩින්නේ
වැරදි නැතිය හරි දෙයකුයි කරන්නේ
සැම දෙස බලා සැමට සෙත සදන්නේ

සොදුරු දෙයකි අරඹන්නට හදන්නේ
සැමට සෙතක් ඇති බවකුයි සිතන්නේ
අද දින අපි කවි මඩුවක් කරන්නේ
කවි කම් මතින් හොද මිනිසුන් හදන්නේ

රතු පාවඩ නැත කවි පලසකි එලන්නේ
කවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේ
කවි කියන්න සැමටම සුබ පතන්නේ
පිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේ


පහන් සිලක් දැල්වීමේ ආරාධනය

සමාව අවසර මිතුරනි පිළිගන්න
සම්ප්‍රධාය ඉදිරියටත් අප රැකගන්න
සැම දෙනාම එකාවන්ව ගොඩවන්න
ඇරයුම සැමටම තිරයක් පහනේ දල්වන්න

පහනේ තෙල් සුවදින් සිත් සැනසේවා
පහනේ ආලෝකය දසතම පැතිරේවා
පහනේ උණුසුම සැමටව සුවදේවා
පහනේ දැල්ල නිම වන තුරු නොනිවේවා



http://kavimaduwa.lankeeya.lk


මුල්ම මාතෘකවලෙස "මත්පැන් හොඳද , නරකද?" ඔබගේ කැමැත්ත පරිදි තෝරාගන්නා ලදී

3 comments:

  1. රා ගල් පොල් සුදුවා කරිඤ්ඤා
    බිව්වම සුර ලෝ පෙනෙඤ්ඤා
    කවුද බොලව් අපේ සූර් එක කඩඤ්ඤා
    දැනගනියව් තොපි අපායට යවඤ්ඤා

    ReplyDelete
  2. ෴........෴........෴
    හිරු මඩලේන් රැස් ගත්තෝ
    සද මඩලේන් සිසිලස ගත්තෝ
    හද පතුලේන් සිත් සුව ගත්තෝ
    මල්ගොමුවේන් බඹර මී ගත්තෝ

    කවි ලියන්න සිත් ඇති ඇත්තෝ
    සිසිල මැදින් සිල් ඇති ඇත්තෝ
    ගුණය අතින් බ්ලෝග් ලිය ඇතිතෝ
    වැඡබේන්නේ අප ධඡ ඇති ඇත්තෝ
    ෴........෴........෴

    ReplyDelete
  3. වයසට ගිය විටදි අතපය පණ නැති වෙනවා
    කය දුබලව සිතපැටලි නායුත් දුර්වලව වෙනවා
    හොද නැතිමුත් හැන්දක් දෙන්නට යයි කියලා
    වෙද තුම කියයි ඔසුවක් ලෙස මෙය සිතලා

    දරුවන් හෙලයි දුක් ගින්දෙර ඇද දමලා
    පියඹට දැනෙයි රකුසෙකු ලෙස හිමි සදිනා
    දෙතනක හොද නරකට හරහට සිටිනා
    මත්පැන් මොටද ජීවත්වි මියයමු ලෙස අගනා

    ReplyDelete