එක්තරා පාළු ගම්මානයක් තුලින් හමා යන මඳ නළක සිසිලසක් නොමැති උවත් පාව යන්නට අවැසි නිසාවෙන් ඔහේ පාව යමින් පැවතිණ..
පලු වීර ගස් තරමින් ඒකාකාරී නොවුවද අරමුණක් නොමැති අවසානයක් කරා ඇදී යමින් තිබුන සුළඟට මෙලෙස පනිවිඩයක් අසන්නට ලැබිණ..
සත්සමුදුර සිසාර කවි රැවුදෙන්නයි
මහමෙර උසට ඇති සිතුවිලි ලියවෙන්නයි
කවි මඩුවකදි හමු වී ගුටි ඇනගන්නයි
ලඟ එන ඒ දිනයේ ඇරයුම තුටු වෙන්නයි
හමා ගියද සුන්දර ලාලිත්‍ය කැටිඋන හඩකින් හමා ආ මධුර ස්වරය පසුකර යන්නට සුළග අපොහොසත් විය.. කවිකාර මනස කැළඹෙන්නට විය...
ඈත වෙල් එළිය සිප ආ සුළඟ මමයි
ගම් බිම් නගර හරහා ගමන මගෙයි
ඔබ හඩ ඇසී මම නැවතුනි සත්තයි
සුන්දර ගැමි ලියේ ඇරයුම මට ඇහුනයි
කටු මැටි වරිච්චියෙන් සෑදූ පිළ මත දිග හැරුණු වී පැදුර අතර අතරමං වුන ඇයට මේ මධුර ස්වරය නැගෙන්නේ කොයි ඉසව්වෙන් දැන් අදහා ගත නොහැකි විය..නමුත් එය සුළගේ හඩ බව ඇය සක් සුදක් සේ දන්නා කරුණකි..
නිල්වන් සේද ගොයමින් පිරි කුඹුරු මතින්
ඇවිදන් යන්න හැකි නම් මට නුඹ සමගින්
කැන්දන් යන්න සුළගේ මා ලොවට හොරෙන්
දිනයක් කියන් හැකිනම් එන්නෙම්ය සැනින්
කැන්දන් යන්න ආසා වුවද ගෙන යා නොහැකි බව ඔහු සිත දනී...
ආසයි නගේ ගෙන යන්නට මා සමගින්
බැඳි වැව් මතින් ගෙනයමි නුඹ අහස උඩින්
සිත් මල මෙලෙස වැලපෙද්දී නොහැකි දුකින්
කියපං නගේ කල හැකි යමක් මා සමගින්...
ඇය සිතද ශෝකයෙන් පිරී තිබුනද ඇයටද ආසාව මැඩලීම විනා කල හැකි අන් දෙයක් නොතිබින... ඇය සුළග වෙත ඇය නමින් මෙසේ පණිවිඩයක් ලියා යවන ලදී...
සුන්දර බක් මහ ගෙවී වෙසගත් ලැබුවා
සුන්දර වෙසගෙ අප බුදු තෙමගුල තිබුනා
වෙසඟත් ගෙවී දින සති තව ගතවෙන්නා
ඇසල මහක කවි මඩුවක් පැවතෙන්නා
අවසන් දින වලයි කවි පද අමුනන්නේ
සරසවි දෙව් වරම් ගෙන කවියන් පැමිනෙන්නේ
සුළගේ නුඹ ගොසින් මේ ගැන විගසින්නේ
නගරේ කවියෝ හැමගේ කණ තබපන්නේ...
සත්තර තනු නැතත් පද ටික ගලපාලා
කියුමට හැකිය හැමටම කවි රසකරලා
ලග එන දිනෙදි මේ අයුරින් එක් වීලා
තුටු වී ඉන්න මං ඇත දැන් මඟ බලලා
මෙය අසා සිටි සුළගට අරමුණක් දෑස ඉදිරියේ මැවෙන්නට විය.. ගම් නියන් ගම් පීරා නගර කෙත්වතු මැදින් හමා යන සුළග මත දැන් පණිවීඩයකි.. මලානිකව හමා ආ සුළඟ දැන් ප්‍රමෝදයෙනි. ඉතින් සබඳ යොමන්න ඔය දෙසවන හමා එන සුළඟ වෙත..
අසන්න පිරිපුන් සවනින් සුළග ගෙන එන පණිවිඩය..
සැරසෙන්න.. ඒ ඔබ වෙනුවෙන්මයි...
No comments:
Post a Comment