Thursday, July 7, 2011

කවිමඩුව නවතම මුහුණුවරකින්

අයියා අක්කා නංගි මල්ලි කවි කිවා
මතකද එදා අපි කවි මඩුවක් තිබ්බා
නැවතත් ඔන්න අපි සබයට පැමිණෙන්නා
කියමුද ගොතා රස කවි මඩුවට වීලා


තාවකාලිකව අත්හිටවූ ලාංකීය කවි මඩුව  නවතම මුහුණුවරකින් මෙම මස 29,30,31 යන තෙදින තුල පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සතුටින් දැනුම්දෙමු.මේ වනවිට ඉල්ලුම්කර ඇති සැමටම ලොගින් පිලිබඳ විස්තර යවා අවසන් බැවින්, ලොගින් නොලැබුන අයෙකු වෙතොත් කරුණාකර lankeeyasithuwili@gmail.com  වෙත මෙල්ලුවක් යොමු කරන්න.

තවමත් ලියාපදිංචි නොවූ ඔබට,

1. ඔබ කවිමඩුවට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්. මෙම බැදියට ගොඩවී ලියාපදිංචිවන්න.මෙපරිදි ලියාපදිංචිය අනිවාර්යය කර ඇත්තේ ඔබේ අනන්‍යතාවය‍ වෙනත් පුද්ගලයින් විසින් ලබාගැනීම වැලැක්වීම සදහාය. තවද ඔබ ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කර ඇති බ්ලොග් එකක අයිති කරුවෙකුගේ නමකින් ලියාපදිංචි වන්නේ නම් ඉහත බැදියේ, එම බ්ලොගය ඇතුලත් කල මේල් ලිපිනයම සදහන් කරන්න. ලියාපදිංචි වන සැමට තහවුරුකරගැනීමේ පනිවිඩයක් එවනවා ඇත.

2. ලියාපදිංචියේදී වඩා අකාර්ෂණය දිනා ගත හැකි මාතෘකාවක් හෝ දෙකක් දැම්මට අමතක නොකරන්න.

3.පුරා දින 3 ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.

 මේ  පිළිබඳව ඔබේ අදහස් ලොගින් වී අප වෙත දන්වන්න.

No comments:

Post a Comment