Sunday, May 1, 2011

කවි මඩුව 2011


රස කවි ගොතාලා
එකිනෙකාට මඩ ගසාලා
සියල්ලෝම තුටු වීලා
තියමුද කවිමඩුවක් ආයෙත්

අන්තර්ජාලයේ සැරිසරන සියලුම කවිකාර මිතුරු මිතුරියන් එක්කොට ගීත් සහෝදරයාගේ අදහසක් අනුව ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවත්වූ කවි මඩුව නැවතත් ඔබ හමුවට ගෙන ඒමට කටයුතු සූදානම් කරමින් පවතින බවට සතුටින් දනුම් දෙමු.
සෑම විටම ඔබේ වින්දනය සඳහා කටයුතු කරන ලාංකීය සිතිවිලි අපි මෙවරද මැයි මස කවි මඩුව ඔබ වෙත තිළිණ කරන්නෙමු.
මේ සඳහා මුල් අදහස ලබා දුන් ගීත් සහෝදරයාට අපගේ ස්තුතිය පිරිනමන අතර, නැවතත් කවි මඩුවක් පවැත්වීමට ආරධනා කල ඔබ සැමට තුති..!

ඉතින් කවිකාර මිතුරු මිතුරියනි, එක් වන්න අප සමඟ...


ඔබ කුමක් කල යුතුද?


1. ඔබ කවිමඩුවට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්. මෙම බැදියට ගොඩවී ලියාපදිංචිවන්න.මෙපරිදි ලියාපදිංචිය අනිවාර්යය කර ඇත්තේ ඔබේ අනන්‍යතාවය‍ වෙනත් පුද්ගලයින් විසින් ලබාගැනීම වැලැක් වීම සදහාය. තවද ඔබ ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කර ඇති බ්ලොග් එකක අයිති කරුවෙකුගේ නමකින් ලියාපදිංචි වන්නේ නම් ඉහත බැදියේ, එම බ්ලොගය ඇතුලත් කල මේල් ලිපිනයම සදහන් කරන්න. ලියාපදිංචි වන සැමට තහවුරුකරගැනීමේ පනිවිඩයක් එවනවා ඇත.

2. ලියා පදිංච්යේදී වඩා අකාර්ෂණය දිනා ගත හැකි මාතෘකාවක් හෝ දෙකක් දැම්මට අමතක නොකරන්න.

3. කවි මඩුවේ වෙදිකාව පුරුදු වීම සඳහා එය පැවැත්වීමට දින කිහිපයකට පෙර ඔබට වේදිකා ගත වී එහි පුර්ව පුහුණුවීම් කිරිමට ඉඩ දෙනු ‍ලැබේ.

4.ඔනැම අයකුට වතුර ගැසීම මඩ ගැසීම හෝ දිරිමත් කීරිමට වෙනම ප්‍රේක්ෂාකාගාරයක් ඉදිකර ඇත. මේ සඳහා ලියාපදිංච්යක් අනවශයයි.

සිදුවන ආකාරය

2011.05.18 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි කර ගැනේ
ඉන් පසු ලියා පදිංචි වන සැමට රහස් පද හා නාමයන් ලබා දේ.

මැයි මස 20,21,22 දින තුන  පුරාවටම කවි මඩුව පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත..පුරා දින 3 ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.


මෙය ඔබේ බ්ලොග් අඩවියේ ඇතුලත් කර අපට සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලමු.


 

‍බැනර් කෝඩ්

<a href='http://kavimaduwa.lankeeya.lk/' title='කවි මඩුව'><img height="253" width="175" alt="" src="http://kavimaduwa.lankeeya.lk/Kavi_Maduwa.png">

14 comments:

  1. දැම්මා අයියේ දැම්මා බැනරය මගේ බ්ලොගියේ.
    කලකට පස්සෙ මඩ ගහන්න කියපු වැඩෙ
    කවි දන්නැ ලියන්නට, උපතින් ඇත්තෙ මඩ ආ භාශේ
    ඇට්ටි හැලෙන්නට දෙන්නම් මඩ රිස්සෙ.. :D :D

    ReplyDelete
  2. මෙන්න බොලේ ආයෙත් කවි මඩුවේ මඩය
    ඒත් අලේ බැරිවෙයි මට වැඩ වැඩිය
    මක්කැයි කොරන්නේ හිතමින් දුක වැඩිය
    ඉන්නේ ඩොටේටත් එපිටින් මට නෙට් නැතිය

    ReplyDelete
  3. ගිය වර උන්නේ වෙන බ්ලොගයක
    හිමිකරුවකු වීලා
    කවි පද කිවිමට බැරි මුත්
    රසට ගොතාලා
    අනිවා එනවා මේ බ්ලොගයේ ඉදලා
    මඩ පැක‍ටුත් ‍රැගෙනා

    *** දේවා ***

    ReplyDelete
  4. මෙදා සැරෙත් කවි මඩුවක් ඇරඹෙන්නේ
    පට්ටයි තමයි වෙන මොනවද කියන්නේ
    20 නැතත් 21 වත් මම එන්නේ
    කන පැලෙන්නේ කවි පිට කවි ලියන්නේ

    මතකයි එදත් කවි ලිව්වා එකතු වෙලා
    මඩ පිට මඩ දුන්නා අපි මදි නොකියා
    මෙදත් එනවා මඩ බවුසර් පුරවාලා
    ඇස් ගෙඩි දොඹ ගෙඩි කරගෙන හිටපල්ලා....

    ReplyDelete
  5. අපි නොදන්න කවි.......... ඔන්න මාත් බැනර් එක නම් දැම්මා............

    ReplyDelete
  6. කවි මඬුවක් දාන්නට යන බව ඇසුනා
    මතකයි පෙර වසරේ කවි හරඹේ යෙදුනා
    ඒ විලසටම ආයෙත් කවි හා මඩ දෙන්ටා
    මෙදා පොටෙත් මම ඒකට සෙට් වෙන්නා..


    ජය වේවා....!!

    ReplyDelete
  7. සොරෝ මලයා කවි පදයක් කරට ගෙන...
    උඩ පැන නටයි මහ ගේමක් දුන්නු ලෙස..
    ඇවිදින් මලේ උඹ දැම්මත් ඔහොම කැට..
    දෙන්නෙමි කවි මඩුව දා නුඹහට යන්න රිඹ..

    ReplyDelete
  8. මාරය දැම්ම කවි හරඹේ අරඹන්නේ
    සොරෝ මලයා ඒකට දැන් පැටලෙන්නේ
    අශ්වය නැතිව කොහොමද උඹ ජය ගන්නේ
    මං ළඟ නොවැ නැතිවද ඌ අර ගන්නේ?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. කවි ගලපලා ලියන්ට හැකි ඇති කියලා
    කොලුට කවි මඩුව වෙත යන්නට හිතිලා
    ගිහින් කවි මඩුව පැත්තේ කරකැවිලා
    මිනිහා ලියනු ඇත කවි උරිනුර ගැටිලා

    ReplyDelete
  11. ඔන්න අපිත් සෙට් වුනා..............

    ReplyDelete
  12. දෙවෙනි වරටත් පැවැත්වෙන ඔන් ලයින් කවි මඩුවට මගේ උණුසුම් සුබපැතුම්. ඒත් මට මේ පාර සහභාගි වෙන්න අවස්ථාවක් නැහැ. :( . අළුත් රැකියා ස්ථානයක්, වනගත ජීවිතයක්, ඉන්ටර්නෙට් වලින් තොර හුදකලා නවාතැනක්.

    ReplyDelete
  13. ඉදලා ඉදලා කවි මඩුවට ගියායා
    දැන් කියනවා අක්‍රියයිය කියායා
    සර්වරයට මේ මොකදැයි උනේයා
    වග උත්තර අනේ එකෙක් දියායා

    ReplyDelete