Sunday, May 9, 2010

ක‍ඩපලේ කතාවක්

සිරිපාල

මුදලාලි මටත් දෙන්න

අඩු සීනී ප්ලේන්ටියක්

ඇඹුල් කෙහෙල් ඉදිලා මදී‍

මාළු පාන් නැතිද ආවේ


කඩේ මුදලාලි

ඊයේ නොවැ කැන කැපුවේ

හෙට වෙනකොට ඉදෙයි ඕක

මාළු පාන් නැතිය තාම

කනවානම් කිඹුලා බනිස්


සිරිපාල

බං මහතුවො දන්නවාද

ඊයේ වෑන් එකක් ගියා

කවි මඩුවක් ගැන විස්තර

යකඩ කටින් කියා ගියා


මහතුන්

කවි මඩුවක් ගැන විස්තර

ඈ බං බොට සිහි විකල්ද

ඒවා තිබුනේ ඒ කාලේ

දැන් නැහැ බොල ඒ තාලේ


සිරිපාල

නැහැ මහතුවො සිරා වැඩක්

කවි වාදලු එතන ඇත්තේ

කවි කිවිදියෝ වලි පිට වලි

බලා ඉන්න අපිටලු ජොලි


ටිකිරා

අපේ ආතත් කියා තිබුනා

කවි මඩු ගැන ඒ කාලේ

ඒ උනාට අපිට කොයිද

ඒ වාදන මේ කාලේ


මහතුවා

ඈ බං ඒ හැබෑවක්ද

මොකද්ද බොල ඒ හරුපේ

මට නම් නැහැ වැටහෙන්නේ

අනේ සිරියෝ කියාදියං


සිරිපාල

ලාංකීය සිතුවිල බං

මෙහෙය වන්නේ මේ විගඩං

සයිබර් අවකාශය තුල

on line ලු වැඩේ වෙන්නේ


කඩේ මුදලාලි

අතන මෙතන කසු කුසු ගෑ

කවි කිවිදියෝ එකතු කරන්

අමුතුම තාලේ වැඩක් ලු

මේ කොල්ලන් කරන්නේ දැන්


ටිකිරා

අම්මපා බං හැබෑමනන්

අපි කෝමද ගොඩවෙන්නේ

අපිටත් කවියක් කියන්න

බැරි වද චාන්ස් එකක් ගන්න


සිරිපාල

මොකෑ බොලන් බැරිය අපට

ඒකනේ උන් කියා ගියේ

කවි කියන්න කවි අහන්න

ඕන එකෙක් වරෙව් කියා


මහතුවා

මට නම් බෑ කවි කියන්න

ඒත් බැරිය නිකල් ඉන්න

හූ කියලා චියර් කරලා

බැරිද අපිට සහාය වෙන්න


සිරිපාල

ඕන දෙයක් ඔට්ටුලු බං

13 වෙනිදලු පටන් ගන්නේ

16 වෙනිදා වෙනකන්

ඕන තරම් කවි කියන්න


කඩේ මුදලාලි

අළුත් වැඩක් නිසා වෙන්නේ

බලමු අපිත් ඔළුව දාලා

මොනා උනත් අපේ කමට

අපේ දේවල් රැකගන්නට


ටිකිරා

කථාව පිට හොර ගෙඩියා

කැපුවා නේද මගේ ඉත්තා

අනේ අම්මපා මෙහෙමත් හොරු

බලහන් සිරි මේ උලමා


සිරිපාල

අනේ මන්ද උබලගේ වැඩ

මං හාමිනේ යනවා ඔන්න

එහෙනම් හැමෝම එනවා හොදයි

කවි මඩුවෙදි හමුවන්නට


මහතුවා

අපි නෑවිත් කෝමෙයි බං

අපි සේරමත් එනවා ඔන්න

දන්න කියන හැමෝටමත්

මේ විසතරේ කියනවා මං



මෙම මස 13 වන දින සිට 16 වන දින දක්වා ලාංකීය සිතුවිලි මෙහෙයවන කවි මඩුව මෙම් ස්තානයේදි පැවැත්වෙනු ඇත

පද ගැලපුම ගිත්

92 comments:

  1. ෂා ෂා......... වැඩේ නැගලම යනවා නේද ?හැබැයි ඉතින් පුහුණුවීම දාල තියෙන දින තමා හරි නැත්තෙ. අපි ඉතින් වැඩ කරන ජනතාව නොවැ. ඔෆීසියෙ කවි ලියන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒත් ඉතින් මොනා කරන්නද....

    ReplyDelete
  2. මේ ලියපු 1 කවි පේලියක්ද??? පරණ කවි මඩුවක....කවි ටිකක් කියවල බැලුවොත් හොඳා ඔක්කොම කස්ටියම....

    ReplyDelete
  3. ගීත් මල්ලි උඹෙ ඇඩ් එක
    බැළුවම මට චූන් වෙනව
    මොනව උනත් මේ කාලේ
    උඹලගෙ වැඩ අළුත් මලේ

    ReplyDelete
  4. නෑවද නොනෑවද කියලා තමුන්ටම
    බලාගන්න හැකිවෙයි කවිමඩු ගියාම
    කොල්ලො ටිකක් එක්කලා කවි ලිව්වාම
    කාලිදාස වත් හොල්මන් වෙයි ඔහොම

    ReplyDelete
  5. දුකෙන් හිටියේ නැතිවෙයි කෙල්ලෝ
    සොවින් හිටියේ නැතිවෙයි කෙල්ලෝ
    මෙන්න බොලව් ඇතිවෙන්නට කෙල්ලෝ
    වරෙව් දෙන්න ෆුල් ගේමම කොල්ලෝ

    ReplyDelete
  6. කවුද බොලේ කවි කියනා මේ නංගී
    අක්කා උනොත් කණියා අද ඇත ඇන්දී
    කවිමඩුවේදී උඔලගෙ ඉල ඇ‍ට සන්ධී
    ගැලවී යන්න දෙනවා කවි මම හැංගී.. :P

    ReplyDelete
  7. කවි මඩුවේ කවි කියනා කෙල්ලන්ට..
    වැපා තෑගි පටවනවලු බෙදන්නට..
    ශ්‍රමය ධනය වැය කර හරි කාලයට..
    කරපන් බුවා සේවය මේ කෙල්ලන්ට..

    ReplyDelete
  8. කවි මඩුවට දැම්මම සෙට් වෙලා වගෙයි
    කොල්ලෝ මොක්කුද අක්කේ ගනන් නොගන්
    කට විතරයි වැඩ නැත කියනා තරමින්
    වැඩ නාගයි පස්සෙන් කෙල්ලෙක් නැත්නම් :D :D :D :D

    දිල් අක්කේ..... දීල අදින්න කට්ටියට තරු පේන්න...... :P

    ReplyDelete
  9. පැන පැන අවායි අපේ හා පැටික්කි
    දිල් කෙල්ලට අඩගැහැවුයි ඒ පැටික්කි
    මක්කක් කව්වාත් ඔය කෙලි පැටික්කි
    කණියාව දාලයි කවි කියන්නේ අපි කට්ටි

    ReplyDelete
  10. අදහස් නැගෙන කල...
    නිදහස් මනස් වල්
    උදහස් නොවී එල..
    "මදහස් නැගෙන කවි" කොටමු පිටුවල....

    තේරුම:නිදහස් හිත් පොජ්ජවල් වල අදහස් මන්දු කොරනකොට අන් අයගෙ හිත් ඔලට කොටාබාන්නෙ නැතුව හිනායන කවි ලිවීම වැදගත් වෙයි....

    ReplyDelete
  11. චැප් ට/

    මුළු රෑ පුරා නිදි නැතුවම ලියත හැකී
    බොරුවට බේගල් දෙසා නෑ ඉන්නේ හැංගී
    කෙල්ලො එක්ක කවි කීමත් ලේසි නැතී
    ඒ ගැන ටිකක් හිතුවෝතින් හොදයි සකී

    ReplyDelete
  12. Kanishka | කණියා ට/

    ඇයි අය්යො කියන්නේ ඔය වගෙ කතා
    මට බය හිතෙයි හැංගෙන්න‍ත් තැනක් නැතා
    දැන්ම ගොහින් ගොළු බෙලි කටුවක් ඇහිදා
    ඇතුලට ඒකෙ රිංගමි ඔබ එන්න පෙරා ;p

    ReplyDelete
  13. හප්පට සිරි දිල් නංගියේ දිල්
    හනිකට දැනගන් වේ මා වැප්
    ආවොත් ගේමට කියන්නේ චිප් :P
    ‍නාවොත් ගේමට කියන්න් මිස්

    ReplyDelete
  14. මොකද මොකද මේ කට්ටිය වලි බරව
    කවියක් දෙකක් කියලා ඉමු සොමිබරව
    කෙල්ලො කොල්ලො කුරුට්ටො හෙම ආතල්ව
    රිහසල් කොරමු එකොලොස් වැනිදා එක්ව

    ReplyDelete
  15. වැප් ට/

    කිව්වට ඔය කතා අපි නෑ බය වෙන්නේ
    දැම්මම ඇදන් නාන්නදෝ හදන්නේ :)
    තව දින තිබේ ගේමට බව සිතන්නේ
    මම කවි කාරි චැප් ඒ බව නොදන්නේ :)

    ReplyDelete
  16. h ට/

    වලි නෑ සිනා පමනයි මෙහි තියෙන්නේ
    බොරුවට ඉතින් වාදෙන්මයි හිදින්නේ
    රිහසල් මොටද පද හතරක් ගොතන්නේ
    ඉන්න තැනින් ඉක්මනටම වරෙන්නේ

    ReplyDelete
  17. @දිල්
    දින තියෙන්නේ ගේමට
    කවි ලි‍යන්නේ වාදේට
    මෙහම ගියොත් දෙන්නට
    වෙයි ඇදගෙනම නාන්නට

    @h
    එච් [h] එන්නේ වලියට
    අපි කරන්නේ ජොලියට
    කවි ලියන්නේ බලියට
    දැන් වත් එමු h එලියට

    ReplyDelete
  18. @ වැප් අයියණ්ඩි.....

    කණියා අයියණ්ඩි මුට්ටිය වී ඇති හැඩකි
    මුට්ටිය දමා වැප් අයියා පසුපසිනී
    පෙනේද අයියණ්ඩි තනිවම අක්කණ්ඩි
    කොලු ඔබ සැමට පිළිතුරු පද බදින හැටී........

    ReplyDelete
  19. @හා පැටික්කි

    දැනුනු නිසා එන බව උබේ අක්කණ්ඩි
    දම්මේ කණි මට්ටිය ඉස්සරහට අයියණ්ඩි
    ඒ බව කෙසේ දැනගත්තෙද උබ නැනණ්ඩි
    නොලියා ඉමුද කවි දැන් නෙවී නොන්ඩි

    ReplyDelete
  20. @
    වැප් ඇන්ඩ් දිල් වෙන්ට් අප් ද හිල් :)
    අපි දන්නව මේ සේරම සිල්
    කවි කර කියවමු ගොතා ලිහිල්
    අපෙ හදවත ඇති සිතුම් සිහිල්

    ReplyDelete
  21. දැනටත් ඇරඹිල කවි මඩුව
    රිහසල් කිසිවක් නෑ අඩුව
    පෙනේද ලියවෙන අපූරුව
    පද හතරේ ඇති උජාරුව

    ReplyDelete
  22. අයියණ්ඩියේ ඉස්පිලි ඇලපිලි කොහෙද
    කියවා ගන්න මට අපහසුවක් දැනින
    ලියුවත් ඔබට පිළිතුරු කවි මම මෙලෙස
    වැඩ ඇත අහස උසටම මට මේසෙ උඩ :( :(

    කොහොම උනත් අයිය හොඳ මොලකරුවා
    තැන බලලා මුට්ටිය එලියට දැමුවා
    දිල් අක්කගේ වැඩ ගැන දන්නා හින්දා
    කණියා අයියණ්ඩි පෙරටම ඇද දැමුවා...... :P :P

    හපොයි වැප් අයියේ දැන් ඇති.....
    කවියක් ලිව්වේ මං හිතන්නේ මං 5 වසරෙදි ලිව්වට පස්සේ......... කොහොමටත් මට කවි ලියවිලි බැහැ....... :) :) :) :)

    ReplyDelete
  23. @h
    ආ එච් දැන්ද අවේ .......................

    @හා පැටික්කි
    එලඑල දැන් වඩේ නවතලා දාමු ..... ඔය ඉස්පිලි පාපිලි කේස් එක මට ඉස්සර ඉදලා තියන එකක් ........ ඒක ගනන් ගන්න එපෝ ...

    ReplyDelete
  24. වැප් ට

    කියනා කතා වාගෙයි හංදියෙ සුමනා
    මට බය හිතෙයි මොනවා කරනද මන්දා
    හැදුවත් දාන්නට මගෙ නාසෙට ලණුවා
    හීනෙන් තමා හැබැහින් ඕවා බැරුවා

    ReplyDelete
  25. h ට

    නවතනු බැරිව ගලනා සිතිවිලි පේලී
    අකුරින් අකුර ගෙන අමුනා කවි කරමි
    නො එනා බැවින් හෙට පතනා බාලගිරි
    අද කල යුතුව තිබු දේ මම අද කරමී

    ReplyDelete
  26. මටත් හම්බුණා දිල් කියනා දිල්ලියේ සුමනා
    කිව්වා කතාවක් උබ ගැන ඔය උස සුමනා
    ඇත්තද නංගියේ කියනකතා හංදියේ සුමනා
    තාමත් කනවලු උබ තණ කොල හොඳට උලා

    ReplyDelete
  27. වැප්ට/

    සුමන උනත් කම් නැත මෙහි එකතු වෙලා
    අපි කවි තනමු බෑ බෑ කම්මැලි වීලා
    කවිමඩුවට ඇලපාතලා ලංවීල
    මොනවද ඔට්ටු අපි පරදනවා ඔහෙලා

    ReplyDelete
  28. ඉන්නව නම් හරකුත් තණ උලා කන
    දක්කමු හනික කවි මඩුවේ ලගින්න
    පිදුරු ටිකක් ගෙනවිත් එහි දමන්න
    මං එනකං ගොම නම් මෙහි නොදමන්න

    ReplyDelete
  29. කවි කියන්න ඔබ හපනෙක් බව ඇත්තයි
    තාම කවිය මටනම් නුපුරුදු ගානයි
    ට්‍රයි එක දෙන්නේ මේ කොල්ලන් පරදන්නයි
    හාවා ඉබ්බා තරගය අමතක පාටයි

    ReplyDelete
  30. වැප් අයියා කවියෙක් නොවැ කට කාර
    කවි හදනවා නොවැ මූ හිටගෙන මාර
    අපිටත් ඒවි නොවැ දෙන්නට කොහු පාර
    කවි මඩුවෙදි දෙන්නම් කම්බුල් පාර....

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. කන්ද උඩරටින් පෑයු හිරු වාගේ
    දිල් නංගියා දිලිසේ හිරු මල වාගේ
    සියුමැල් බොලඳ අදහස් ඔබෙ පිනි වාගේ
    කවිමඩුවේ දී වෙලෙමු ආලෙන් පන වාගේ..

    ReplyDelete
  33. එල එල එල මේක යනව වැලක් වගේ
    කවි පද වලින් ගෙතෙනා රස මියුරු ර‍ඟේ
    ගොතමු ගොතමු කොළු කෙල්ලන් රැලක් වගේ
    ගෑණු පිරිමි ආදර වලි ගොඩක් වගේ

    ReplyDelete
  34. තිසර ප්‍රියංකර ට/

    යන්න වෙනවා මටත්
    ආයේ එන්නම් හෙටත්
    හැලුවේ නෑ අද මඩත්
    ඉතුරුයි ඒ ටික හෙටත්

    ReplyDelete
  35. හිතල බලමුද ටිකක්
    හම්බ වේවිද හිතක්
    හෙටක් එන තුරු මටත්
    නින්ද යන්නැති දිනක්

    ReplyDelete
  36. තිසර තිසර හෝවූ හෝවූ මේ මාකද
    මේ පිනි ඇර වෙන පිනි කැට දැක නැතිවාද
    අපිත් උඩහා තමයි ඇයි බඩගිනිද
    මඩුවේදී අහුවෙයන්කෝ දෙන්නම් පෙම් බේරෙන්ට :D

    ReplyDelete
  37. තිසර තිසර හෝවූ හෝවූ මේ මොකද
    මේ පිනි ඇර වෙන පිනි කැට දෙක නැතිද
    අපිත් උඩහ තමයි ඇයි බඩගිනිද
    අහුවෙයන්කෝ මඩුවේදී දෙන්නම් පෙම් බේරෙන්ට :D

    ReplyDelete
  38. තිසර ප්‍රියංකර ට/

    කන්නට මඩ ගොඩක්
    ඇයි ඔය හැටි හිතක්
    නා ගන්නා හැඩක්
    පෙනෙන දිනකි හෙටත්


    සුබ රාත්‍රියක් ඔක්කොටම :)

    ReplyDelete
  39. @දිල්

    පරදින්නට බයක් නැහැනේ නංගියේ
    කප්ගහන්න!! ගේමකක් යෑ නංගියේ
    මං ආවොත් දිනුම උබට දිල්ලියේ
    මං නාවොත් දිනුම උබට නංගියේ

    @තිසර ප්‍රියංකර

    බොලං තිසර බලපං උබේ කවි පාර
    හැදුවා වගේ මර්වින් කුණු ඇල පාර
    කන්න ඔනේ නම් වැප්ගෙන් කොහු පාර
    හොයං වරෙන් කොහු මිට නැති දාර

    ReplyDelete
  40. කවි පද බදින්නට ඒ පද කියවන්ට..
    කවියක් කියන්නට කවි මඩුවට එන්ට..
    ආසයි මටත් ඇහැකිද මෙහි ගොඩ වෙන්ට..
    කොල්ලනි කෙල්ලෙනේ පලයව් දැන් යන්ට..

    වැපා මල්ලි උඩ පැනගෙන ආවාට..
    නුඹටත් බැරි වෙවී මා නම් පරදන්ට..
    මගේ පැණි බූන්දිය මෙ ටික අහගන්ට..
    අනෙ දිල් නගෝ නුඹ දැන් පලයන් යන්ට..

    රට වට සතර අත කොයි තැන ගියත් එදා..
    කවියට තියෙන කෑදරකම නිසා මෙදා..
    කවි මඩුවට ගොඩ වෙන්නට සිතී සොඳා..
    මාරයා ඇවිල්ලා කවියට සුපර් වෙදා..

    එහෙනම් ඉතින් කවුරුත් හරි බරි ගැහිලා..
    පාවඩ දමා කොඩි සේසත් නගපල්ලා..
    ගේමට බහින්නට හැකි උන් ඉදපල්ලා..
    වැඩබැරි දාසලා යන්නට පලයල්ලා..

    ReplyDelete
  41. කිව්වත් මාරයියා මුකරි කමට ලොකුම කතා
    බැහැ වගේ ලියන්නට කවියක් එකට ගොතා
    මක්කෙයි මැකුවේ උඩ කවියට මක්කා උනා
    එන්න එපා මඩු පැත්තේ බඩගාගෙන සුර් වෙලා

    ReplyDelete
  42. මාරයාගේ හෝරාව ට/

    ඉදලා හිටලා ඔය වගේ දැගලුවාවට
    අපි බය වෙයිද මාරයියේ ඔයා හට
    දිල් කවිකාරි නොදැනයි ඔය දැම්මෙ කට
    ඉල්ලන් කන්න රෙඩි වීලා ඉන්න හෙට


    :D

    ReplyDelete
  43. හිඟන්නාMay 10, 2010 at 11:01 AM

    පිංවත පිවතිය අද දින වෙන්න සමා
    කියනව මගේ දුක ඔහෙලට සිරස නමා
    උරුමය වෙන්න තිබුනේ මේ දුකම තමා
    පිහිටක් වෙලා යනවද පිං පතමි මෙමා!

    ReplyDelete
  44. හප්පා දන්නේ නැද්ද හිඟන්නනට බ්ලොග් තහනම් කරලා

    :D

    ReplyDelete
  45. @දිල් -
    කන්නේ මඩ කවුදැයි කියා
    දැනගන්නට හැක ළඟදිම හැමටා
    දිල් නංගියේ මේ අහපන් හනිකා
    උඩ ගියොතිං බිම වැටෙනෙක නියතා..

    ReplyDelete
  46. හිටියත් ළඳුන් කවි ලියනා කටකාර
    බෙහෙතට ගන්න එකියක් නැහැ හැඩකාර
    මොකටද රැඳෙනු ඇති තැන්වල අවතාර
    කොල්ලනි යමුද? වෙන තැනකට සරුසාර!

    ReplyDelete
  47. වියත පතල දැනමුදු එක සොද නිතින
    දසත පතල එනමුදු රොද බැද නිතින
    පතිත මෙකල සුවමදු සිතුවිලි හද බැතින
    සුභසිත මෙකල හදරැදු ලාංකීය සොද සිතින

    ReplyDelete
  48. This comment has been removed by the author.

    ReplyDelete
  49. සුමින්ද ට/

    කවියට කටයි ඕනෙ රුව නොවන නිසා
    මම කවි ලියමි ඔහෙලට බය නැති හින්දා
    බල්ලම් බැස්සෙ වැඩ බැරි බව දන්න නිසා
    ඔය මඩ වලට නෑ බය දැන ගනිව් සොදා

    ReplyDelete
  50. @දිල්,

    තොප්පිය හරි කෙනා දාගෙනු තිබෙනු පෙනේ
    රිදිලා හද මඩල නුඹ ඉකි ගසනු දැනේ
    පිසලමි, උණු කඳුලු නුඹගේ දෑස කොනේ
    නුඹටයි පුදන්නේ කුළුඳුල් මගේ සෙනේ!

    ReplyDelete
  51. බොරුවට හිතාගෙන මම වැඩ කරුයි කියා
    දගලා පනින ඔබ දැක මට හිනා ගියා
    කවියට කවිය ලියනෙමි මම නොකර පමා
    ඔය බොරු බයිලා යන්නට හෙට දොගොඩ තලා

    ReplyDelete
  52. දුෂ්ඨයෝ වටකර දිල් තනි වෙලාවේ
    වීරයා ආවයි නිපුන සටන් කලාවේ
    බිය නොමවෙන් සොදුරිය මා නිසාවේ
    හන්තානට පැග ගී ගයමු හුද කලාවේ

    ReplyDelete
  53. @දිල්,

    කවුරුත් දනී කොල්ලෙකි මම වැඩකාර
    දඟලා පනින්නේ නිසානෙ දඟකාර
    දුටුවොත් ඔයා මට හැකි වැඩ එකපාර
    දිවියම හිඳියි, මගෙ හදවත අතනෑර!

    ReplyDelete
  54. මෙන්න බොලේ වීරයා ඇවිල්ලෝ
    කවුරුත් මේ විදියටමයි සිතන්නේ
    එනමුත් සද්දේ පමණයි තියෙන්නේ
    මූගෙත් ඒ වාගේදෝ මට සිතෙන්නේ

    හි හි හී.....

    ReplyDelete
  55. කවුද මෙතන චන්ඩි ඉන්නේ කියමු බලන්ට
    මොකා උනත් එකා එකා එමුකො බලන්ට
    සුමින්ද මේ දිල්ට එහෙම පාට් දාන්ට
    හදන්නෙපා යකා ඒවි බොටුව කඩන්ට

    ReplyDelete
  56. සොරෝ ඔබමි බේරේ වැවේ පරිස්සම්ව ඉන්ට
    අනේ උබේ කඩුව ගනින් පොලොස් කොටන්ට
    පන නැති අස්පායා දියන් නානට එල්ලන්ට
    කථා එපා වීරය මම කවුරුත් දැන ගන්ට

    ReplyDelete
  57. @දිල්/

    මයුරාසන මත හඳිනා දෙවි සාධූ
    ගැන දිවිරලා කියනෙමි ඔබ පංකාදූ
    ඔබ ලැබුනොතින් දෙන්නම් ඔබහට හාදූ
    කවුරුත් නැති පළාතක කඩයක් දාමූ

    ReplyDelete
  58. තිසර තිසර හෝවූ හෝවූ මේ මාකද
    මේ පිනි ඇර වෙන පිනි කැට දැක නැතිවාද
    අපිත් උඩහා තමයි ඇයි බඩගිනිද
    මඩුවේදී අහුවෙයන්කෝ දෙන්නම් පෙම් වැහෙන්ට

    :D

    ReplyDelete
  59. සුමින්ද ට/

    මේ මහ දවාලෙත් අමු කාලද මන්දා
    කියවා මොනාදෝ දගලයි මේ පෙන්දා
    අන්දරේ වෙලට හරකුන් කැදවූ හින්දා
    එපා තපුල්ලන්නට මේ තැන වරදා

    ( විහිළුවට පම්ණක් බව කරුනාවෙන් සලකන්න සුමින්ද සහෝ )

    ReplyDelete
  60. තිසර ප්‍රියංකර ට/

    මුල්ලට වෙලා ඉදලා යස අගේට
    දැන් ඇවිදින් කියනවා එක එක භූත
    හා හා ඉතින් ඇවිදින් කවි මඩුව වෙත
    වාඩි වෙන්න මඩ තලි නාගෙන යන්න
    :D

    ReplyDelete
  61. වලි කොතැනද මම එතැනය එහෙම තමයි වීරයා
    අර බොලිවුඩ් වල කොයි ඛානුත් මගෙන් තමයි ගන්නේ අයිඩියා
    පහර පිටට පහර දෙන්නේ වගේ කොලොම්බියා
    මෙහෙ නැතිවට ඔහේ තාමත් මමයි හැන්ඩියා

    ReplyDelete
  62. @ගීත්/

    බොලිවුඩ් එකේ අයිඩිය දුන් හිඟාකාන්
    ගුටි කෑවා ‍අරගෙන උඹ හොරෙන් පාන්
    වටපිට බල බලා දිවිවෙ වෙලා වයින්
    ගුටි දෙමි ඔබට ලෙස දමනා වැවේ වාන්

    ReplyDelete
  63. @ දිල්,

    නගනා අවලාද වාගෙයි තිත්ත ගුලී
    ඉවසනු කෙලෙස මගෙ හදවත යාවි පැළී
    සිටියත් හිතේ ඇති ආලය නොකර එළි
    නුඹෙ අත මටයි!දන්නෙමි මම මොකට වලී!!

    (එම)

    ReplyDelete
  64. @ගීත්-
    අම්මප හොඳේ බය හිතෙනව උඹේ කතාවටා
    දුවන්න හිතෙනව ගම රට පෙරලාගෙනමා
    කෙල්ලක හින්දා බොරුවට පුම්බනා
    උඹ හංගනවා දැනගනින් මටත් පෙරා

    හු හූ.......

    ReplyDelete
  65. අනේ අනේ තිසර තිසර දුක හිතෙනවාය
    දෙක දෙක කිවු මැඩි පැටියන් ඔය විදිහමය
    නුබෙ මුහුනයි මැඩි මූනයි එක විදිහමය
    හිගා නොකා හිගා කන්න වෙන්නේ නුඩටය

    ReplyDelete
  66. චීත්ත රෙදි නැති වලියක් දැකලා තියේද
    වලි ඇති තැන මල් විසිවෙයි කදුළු හල හල
    එක මලකට එක ඹබරයි දැන ගන් ඒක
    ඒක් පූල් දෝ මාලි බොරුවක් ඒක

    ReplyDelete
  67. ගීත් මලෝ මේ අහපං
    සද්ද නොදා වැඩ පෙන්නපං
    උඹගෙ ඉතිං සද්දෙ විතරයිනෙ බං
    මං වගේ වෙන්නට හිතාගනිං


    හි හි හු හූ...........

    මම කාල එන්නම්...

    ReplyDelete
  68. බලපං මගෙ මූන නිකන් පූර්න චන්දයා
    ඒකට බොගේ මූන නිකන් වගේ මුගටියා
    වෙස් මූනත් දාගෙන ඇයි වගේ හැන්ගිලා
    එනු සටනට මලකඩ කෑ කඩුව පසෙක ලා


    හු.....හු....කැවා මදිදෝ....හු...

    ReplyDelete
  69. සුමින්ද ට/

    අනේ දෙයියනේ මේ සුමින්ද යැයි කියනා
    මම නැති වෙලාවෙදි චරිතය මගෙ කන්නා
    ලොකු ලොකු කතා කියනා ඔය මී ගොන්නා
    බැඳලා දමන්නට අවෙමි මම මෙන්නා

    :p

    ReplyDelete
  70. කියන්න දිල් කියන්න දිල් අන්න හරි
    උදවුවක් ඕනෙ නම් මම වීරයත් රෙඩී
    තප්පුලන මී නාම්බන් මෙල්ල කරන හැටි
    හොද හැටි හදාරා තියේ ඉන්නා විට ට්රියනිටි

    ReplyDelete
  71. @ all,

    අහස උසට වැඩ වැඩිවී ඇති හින්දා
    ඉනු බැහැ තවත් ඔබ හා, කවි පද බන්දා
    කවි ලිව්වාට පඩි දෙන්නේ නැති හින්දා
    වැඩ කළ යුතුයි! රැක ගන්නට පණ කෙන්දා

    ලිව්වා ආල වැකි, දාලා වැඩ කෑලී
    හරහක් නෑ හිතේ එව්වට පොලු කෑලී
    දිගටම ලියමු කවි,ඇති රස පද පේලී
    හමුවෙමු යළිත් දවසක නංගී, මල්ලී !!

    ReplyDelete
  72. This comment has been removed by the author.

    ReplyDelete
  73. @ගීත් -

    වෙස් මුහුණක් දාගෙන සිටියත් මා
    උඹෙ වගෙ 2.50 වැඩ නැ ළඟ මා
    මළකඩ කාලා තිබුනත් කඩුව මා
    උඹෙ පිහිය වගෙ නොව වර පෙන්වන්ටා

    හු හූ මේන්න ආ...... :D

    ReplyDelete
  74. @ගීත්/

    නුඹ කිසි දිනක කණ්ණාටියකින් මූණ...
    බැලුවේ නැද්ද උඹගේ ඔය බක මූණ...
    හිතුවට ලස්සනයි කියලා වී මාන..
    දන්නෝ දනිති මුහුණේ හැටි ත්‍රී මාණ...

    ReplyDelete
  75. හැංගි හැංගි වෙස් බැන්දත් හැමට හොරා..
    නටන්න වෙයි හැමටම එළිපිටට වෙලා...

    ReplyDelete
  76. නියමයි දිල් නියමයි නුඹ කට කාර
    පොඩි යුවතියක් වාගේ නොවැ දඟකාර
    මට හිතෙනව ගන්නට ඔබ සහකාර
    ඔබ ලැබුමට පිංනැති මා පව් කාර..

    ReplyDelete
  77. @සෝරෝ/

    දෙනවද මටත් ඔබගේ ඔය වෙස් මූණ
    ආසයි මටත් ඉන්නට සෝරෝ සේම
    වැඩබැරි වුණත් කඩුවෙන් කරනට වීර
    පොල් අඩි වලින් දෙමි හැමට මරුපාර

    ReplyDelete
  78. කියනා විලස ගීත්, අපෙ තිසර මිතුරා
    කණ්ණඩියක් සොයපන් ඉක්මන් කරලා
    බලලා කියපන් රහසින් මට කොඳුරා
    ලස්සනයි කියා සිතුවත් එය හීනයක් නේදා..

    හුහ් හූ..........
    කෝ මේ ගීත්...

    ReplyDelete
  79. @තිසර -

    ඉන්නට ආසම නම් සෝරෝ සේමා
    අල්ල ගනින් මෙන්නා වෙස් මූණා
    කඩුවෙන් පාර දෙන්නට ලෙස සූරා
    හවසට වරෙන් මම දෙන්නම් කියලා

    ReplyDelete
  80. @All/

    කවි මඩුවට මම ගානේ පුන්නක්කු
    දෙන්නම් නටන්නට කාලා ඔලුබක්කු
    ගීත් වගේ කොල්ලන් කරමිය මට්ටූ
    හැම එළි බහී මත මඩුවේ ලී තට්ටූ

    ReplyDelete
  81. ගත්තා අල්ල ඔබේ ඔය වෙස් මුණ
    නහයට ලංකරන්නට බෑ ගඳ බෝම
    ඒ හින්දා පලදන්නට බැරි වේය
    තිබෙනා මූණ හොඳහැයි හිත පවසාය

    ReplyDelete
  82. දිල් බබාට අැර හැෙමාටම

    මඩ තලනවා ගද ගහනවා බැ ඉවසන්න
    චුටි කෙල්ලේ එපා හොදේ මඩ ගාගන්න
    තව ටිකකින් මම එනවා ඉවසලා ඉන්න
    මඩ කරියන් තිත්ත පැටවු නාවලා ගන්න

    උරුලෑවෝ ඌරො මුගටි එකම වලකය
    මම සුන්දර සමනලයෙක් නොදන්නෙ කවුද
    වැඩ ඇත නැත වෙලාව එන්නෙමි නැවත
    මා එන තුරු සබන් ගාලා නාලා එන්න

    ReplyDelete
  83. @ගීත්/
    සත්තුන්ගේ නම් කියලා බණිනා පොඩි කොළුගැටයා
    එහෙම බණින්නේ මොකටද හරි නරකයි සමනලයා

    ReplyDelete
  84. ගීත්/
    අතින් අනා ගොම අරගෙන ගා ගන්නා පුතේ
    අහිතක් නෑ මට නුම ගැන චුට්ටක් වත් හිතේ
    අපි ඉපදෙන විට නුඹලා හිටයේ මොන ලොවේ
    සංකේතය ඔබදෝ මෙහි මහා මෝඩ බවේ...

    ReplyDelete
  85. ඉර කොහේද හැංගිලා අන්න අහස කළුවෙලා
    කවියන් ටික බයෙන් වගේ අහු මුළුවල ගැන්නිලා
    වැපා/ගීත්/කණියා දිල් ඇත ගැහි ගැහි වේව්ලලා
    කවිමඩුවෙදි ඉන්නවෙන්නෙ පදුරු අස්සේ හැංගිලා

    ReplyDelete
  86. ඔන්න ඉතින් අද අපිත් දිගට හරහට කවි කිවුවා..
    බලමුකෝ කොහොමද කියලා...

    මම වෙමි කවි මඩුවෙ හිත හොඳ මරයියා..
    සාමෙන් එන කලෙට මම වෙමි පරෙයියා..
    ගේමට ගේම දෙන එළ කිරි හපුයියා..
    කෙල්ලන් ඉන්න තැන කවදත් කොඛෙයියා..
    මම වෙමි කවි මඩුවෙ හිත හොඳ මරයියා..

    ඉන්නා සැවොම දැන් මෙ ටික අහන්න..
    කොච්චර දැගළුවත් බැහැ නුඹලට දිනන්න..
    කවියේ අසිපතින් හරඹය කොරන්න..
    හැකි අය සිටී නම් සටනට වරෙන්න..

    සිවුපද නොවෙ දෙපදින් වුව වැඩ පෙන්නා..
    මාරය අයිය ඉස්සර ටොප් වැඩ දුන්නා..
    ඒ කෙළි හරඹ නැවතත් සිහියට ගන්නා..
    ඇටැඹිලි කොළුන් දැන් මා දැක දුව යන්නා

    ReplyDelete
  87. සුන්දර සිතිවිලි පැමිනෙද් දී
    දුටු වා ඔබ රැව මැවී පෙනී
    සුන්දර රැව ගැන කවි ලියන් මට
    වදනක් නැත ලොව හමු වූවේ

    විග්‍රහ කිරීමට නොහැකිය ආදරය - ආදර ඇතිවන්න හද තුලය
    හද සිතුවිලි කවි කරන් මට - නැත එය මට වැටහෙන්නේ.......

    ReplyDelete
  88. කවි මඩුවනම් දැන්මම ඇරඹුන ගානයි
    දිල් එක්කලා පැටළුනු මඩ කරි රෑනයි
    මළකඩ කාපු කඩු ගත් කවියන් බානයි
    සටනට එන්න අවසර ගන්නට ඕනෙයි????

    ReplyDelete
  89. This comment has been removed by the author.

    ReplyDelete
  90. කවි මඩුවෙදි කවි කියන්න ඉඩයක් නැති කොට
    ඒ හින්දයි ආවේ පෙර සටන බලන්නට
    පුළුවන්නම් එන්නම් 15 වෙනිදට මම
    පුල් සප් එක දෙනවා මං පරාදවන සැමට

    ReplyDelete