Saturday, May 1, 2010

කවි කමට කවි මඩුවක්

තාක්ෂණය අතින් නොදියුණු යුගයේ, අදහස් ප්‍රකාශ කිරිමේ විවධ වු ක්‍රමවේදයන් අතර කවියට තිබුනේ ප්‍රමුඛස්ථානයකි. පරිගනකය ජංගම දුරකතනයට සීමා වු අද කාලයේ බොහෝ දෙනකුට එයින් තොර වු දෙයක් සීතීමට නොහැක. මෙවන් යුගයක, අපේ කම පරිගනක ගත කිරිමේ වෑයටම දිරියක් දෙමින් ලාංකීය සිතුවිලි යන ගමන තුල කවියට ඉඩක් වෙන්කරදීමේ අරමුණින් කවි මඩුවක් සංවිධානය කර ඇත.

මෙහි මුල්ම අදහස ඉදිරිපත් කරන ලද්දේ ගීත් සහෝදරයා විසිනි. ඔහුගේ අදහසට ඉඩක් දෙමින් ලාංකීය සිතුවිලි මෙම කවි මඩුව අන්තර්ජාල අවකාශය තුල මෙසේ ඉදිකිරිමට සැරසෙයි. කවි ලිවිමට අති හැකි මෙන්ම කවි රසවිදිය හැකි ඔබට මේ සඳහා ඉදිරිපත් විය හැක. හුදෙක් සංවාදශිලීව ගොඩ නැගී ඉදිරියට ඇදෙමන් යන මෙහි, බොහෝ රසමුසු, හාස්‍ය , අපහාස , උපහාස හෝ බහුශ්‍රැත තැන් දැකීමට හැකි වනු ඇත. තවද ඔබට මේ සඳහා දිරි ගැන්විම් මඩ ගැසීම් හෝ වතුර ගැසීම් යන කාර්යයන්ගෙන්ද එක්විය හැක.


ඔබ කුමක් කල යුතුද?


1 ඔබ කවිමඩුවට සහභාගිවීමට කැමැත්තක් දක්වන්නේ නම්. මෙම බැදියට ගොඩවී ලියාපදිංචිවන්න.මෙපරිදි ලියාපදිංචිය අනිවාර්යය කර ඇත්තේ ඔබේ අනන්‍යතාවය‍ වෙනත් පුද්ගලයින් විසින් ලබාගැනීම වැලැක් වීම සදහාය. තවද ඔබ ලාංකීය සිතුවිලි තුලට ඇතුලත් කර ඇති බ්ලොග් එකක අයිති කරුවෙකුගේ නමකින් ලියාපදිංචි වන්නේ නම් ඉහත බැදියේ, එම බ්ලොගය ඇතුලත් කල මේල් ලිපිනයම සදහන් කරන්න. ලියාපදිංචි වන සැමට තහවුරුකරගැනීමේ පනිවිඩයක් එවනවා ඇත.

2 ලියා පදිංච්යේදී වඩා අකාර්ෂණය දිනා ගත හැකි මාතෘකාවක් හෝ දෙකක් දැම්මට අමතක නොකරන්න.

3. කවි මඩුවේ වෙදිකාව පුරුදු වීම සඳහා එය පැවැත්වීමට දින කිහිපයකට පෙර ඔබට වේදිකා ගත වී එහි පුර්ව පුහුණුවීම් කිරිමට ඉඩ දෙනු ‍ලැබේ.

4.ඔනැම අයකුට වතුර ගැසීම මඩ ගැසීම හෝ දිරිමත් කීරිමට වෙනම ප්‍රේක්ෂාකාගාරයක් ඉදිකර ඇත. මේ සඳහා ලියාපදිංච්යක් අනවශයයි.


කවිමඩුවට සහායක් වශයෙන් හැකිනම් පහත බැනරය ඔබ අඩවියට එක් කරගන්න.

<a href='http://blog.inetlanka.com/kavi_maduwa.php' title='කවි මඩුව'><img height="253" width="175" alt="" src="http://blog.inetlanka.com/banner/Kavi_Maduwa_02.png"></a>




සිදුවන ආකාරය

2010. 05.11 දින උදේ 8.30 දක්වා ලියාපදිංචි කර ගැනේ
ඉන් පසු ලියා පදිංචි වන සැමට රහස් පද හා නාමයන් ලබා දේ.
2010.05.11 වන දා සිට 2010.05.13 වන දින දක්වා, ලියාපදිංචිවන සැමට කවි මඩුව අත්හදා බැලීමට ලබාදේ
පුරා දින 3ක් විවධ මාතෘකා ඔස්සේ පැවැත්වෙන මෙහි කවි ලිවිම ඔබට පහසු වෙලාවක සිදු කල හැක.

පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ





36 comments:

  1. kattiyama enno....................

    ReplyDelete
  2. හොද වැඩක්.. අපිත් එන්නම්..

    ReplyDelete
  3. මා දැනට තාවකාලිකව බ්ලොග්කරණයේ නොයෙදුනත් මේ වැඩේ කරන්න කැමතියි. පේන විධියට පොදු අඩවියක හැමෝටම පෝස්ට් කරන්න පුළුවන් වෙන විධියට වගේ කවි මඩුව යන්නෙ නේද? ඒ කියන්නෙ මට බ්ලොගක් නොතිබුණා කියල මේකට සම්බන්ධ වෙන්න බැරි වෙන්න බෑනේ. පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
  4. ගැටලුවක් නෑ.. ලියාපදිංචි‍ වෙන්න

    ReplyDelete
  5. කවිමඩුවට සහභාගී වීමට බ්ලොගයක් පැවතීම අනිවාර්ය නැත. කැමති ඔනෑම කෙනෙකුටසහභාගී වය හැකියි.

    ReplyDelete
  6. ඔන්න මට කවි බෑනේ ඒ නිසා මම මඩ සහ වතුර සැපයුම් අන්සෙටවත් රෙජිස්තර වෙන්නං..................

    ReplyDelete
  7. නියමයි කොලුවො නියමයි මේ වැඩේ අගේ
    කල් බල බල හිටියෙ කවියෙන් දෙන්න ර‍ගේ
    හැමටම වැටහේවි කොල්ලගෙ නියම අගේ
    සයිබර් යාය දෙවනත් කර කරමි රගේ

    ReplyDelete
  8. මටනම් එච්චරම කවි ලියන්න බෑ. කමක් නෑ. ඔන්න ඔහේ ඇතුලු වෙන්නම්කො.

    ReplyDelete
  9. @අනුරාධ -

    කවි ලියන්න බැරිනම් නුඹ මොකටද මෙහි එන්නේ
    බිම ඇනගෙන හොට හොම්බෙන් යන්නටදෝ එන්නේ

    ReplyDelete
  10. කවි ලියන්න ගොඩක් බැරි උනත් වැඩේ කියෙවුවම ආසා හිතුනා.. මාත් එනවා...

    ReplyDelete
  11. මමත් එනවා..

    ReplyDelete
  12. රුහුණු සිරිත් එනවා කවි කියන්නට
    රුහුණෞ කවි කාරකම් ගැන කියන්නට
    ගජමන් නෝන නැවතත් සිහි කරන්නට
    නැවතත් කවිය ගෙනයම් මම රුහුණු රට

    ReplyDelete
  13. @ Naya,
    මේ...... ආවට කමක් නෑ. හැබැයි අපේ කවියන්ට දස්ඨ කරනවා හෙම නෙවෙයි ඕං....!!!

    ReplyDelete
  14. ලියන්නට පද බන්දා
    අපිට බැරි හින්දා‍
    මිතුරු කැළ කැන්දා
    කියම් මේ ගැන අගේ රන්දා...!

    ReplyDelete
  15. කවියෙන් කියන්නට සිතුවිලි ඇත්තේ
    දහසක් දෙනා ඉන්නා විට මේ පැත්තේ
    දිරියක් වන්නට ඒ හැම දෙන මත්තේ
    ලාංකීය අද දින සිතුවිල්ලක් වී ඇත්තේ

    ReplyDelete
  16. නුවණින් විමසලා බැලුවෙමි මම මිතුරේ
    කවියත් උපන්දා සිට ඇත මගෙ ඇසුරේ
    නොකියන කවිය කුමටද මගෙ මේ සභයේ
    එන්නෙමි පසුවදා හරි මම හනි හනිකේ... :D හැබැයි වෙලාවට මම එනව හො‍ඳේ..

    ReplyDelete
  17. සොයුරනි ඉතින් මේ නව කවි මඩුව පුරා
    ඇති රස බොහොම ආසයි බොන්නටත් උරා
    මගෙ නම මමත් මේකට දැන් එකතු කරා
    පෙරමඟ බලමි ඒ දින එළඹෙනා තුරා

    ReplyDelete
  18. අනේ මන්දා....
    කවිද....
    මට නම තාම මහන්සියි, සීතලයි....
    මේ පාර සප් එකට එන්නම්....

    /බිඟුවා...!

    ReplyDelete
  19. මාත් එනෝ.........

    ReplyDelete
  20. නියමයි මචෝ නියමයි ඒ වැඩේ නම්
    අපිත් එනව තරගෙට ගන්නව නම්
    හැබැයි ඔන්න නොගහනු මට මඩ නම්
    දිනුවොත් දමනු ඔබ මා හට මල් දම්

    ඔන්න මමත් මගෙ ගෙදර, කවි මඩුවෙ බැනර් එකක් ඉස්සුව.

    ReplyDelete
  21. ඔන්න මමත් බැනර් එකක් දැම්මා.............

    ReplyDelete
  22. කවි පද ගෙතුවෙ ලගදියි මම හාහපුරා
    හිතුවෙමි ලියන්නට කවි මේ වෙබ් පිටුව පුරා
    එනිසා මගෙ නමත් මේක‍‍ට එකතු කරා
    ලියනෙමි මමත් කවි පද නිදි කිරා කිරා

    ReplyDelete
  23. ආමි කවි කියන්නට
    පදන් කොට නිසි ලෙසට
    දොසක් නෑ කිසි කලෙක
    වරෙව් දැන් කවි පොලට

    ReplyDelete
  24. බුදු අම්මෝ. පාතාලෙනුත් ඇවිල්ලා කෂ්ටිය. අනිත් අය, දැං හිටන්ම හිටිවන කවිත් කියනවා. අපි ආවොත් ඇපත් නැතිවෙයි.

    ගුරුන්නාන්සේ..... ඉක්මනට පටාටාං.... ගමු නේද?

    ReplyDelete
  25. මම විසීල් ගහන්න එනවා...

    ReplyDelete
  26. දුටිමි
    විමසුවෙමි
    අයැදුවෙමි
    ලියමි

    ReplyDelete
  27. මගේ සීයා ලොකු රාවණ
    මමයි යකො පොඩි රාවණ
    කවි කියනව ගැනෙන්න උණ
    මොකටද තව උණපූරණ

    සින්හල අපි යක්කු යකො......

    ReplyDelete
  28. රාවණ වුනත් රාමා හට දෙවනි තැන
    කට මැද දෙඩෙව්වට අපි බය වෙන්නෙ නැත
    කවි මඩුවෙදි යක්කුන් සැම මරමි ඇන
    රාවණ යකෝ මනුස්සකම හටයි තැන

    ReplyDelete
  29. කවි පද බදින්නට ඒ පද කියවන්ට..
    කවියක් කියන්නට කවි මඩුවට එන්ට..
    ආසයි මටත් ඇහැකිද මෙහි ගොඩ වෙන්ට..
    කොල්ලනි කෙල්ලෙනේ පලයව් දැන් යන්ට..

    රට වට සතර අත කොයි තැන ගියත් එදා..
    කවියට තියෙන කෑදරකම නිසා මෙදා..
    කවි මඩුවට ගොඩ වෙන්නට සිතී සොඳා..
    මාරයා ඇවිල්ලා කවියට සුපර් වෙදා..

    එහෙනම් ඉතින් කවුරුත් හරි බරි ගැහිලා..
    පාවඩ දමා කොඩි සේසත් නගපල්ලා..
    ගේමට බහින්නට හැකි උන් ඉදපල්ලා..
    වැඩබැරි දාසලා යන්නට පලයල්ලා..

    ReplyDelete
  30. එම්බල මාරයෝ තා මෙය දැනගනුව...
    ලූලා නැති වලේ සක්මන් කර යනුව...
    ඇඹුලුත් ලුණුත් පදමට ගෙන කර මුසුව...
    දෙන්නම් දුවනු ගෙන දෑතට වීදුරුව...

    ReplyDelete
  31. liyanata sithuni mahata kavi rottak
    liyana vita sithuni me gana asawak
    liyanek wei do mahata danuni kandaweemak
    liyanemi mese padawala amunala.
    lovith naha lovi gaheth naha.

    ReplyDelete
  32. කවියට බැඳුනි පෙම බොහොකල් සිටම හිතේ
    ගැවසෙන තැනදි කවිකම කර අරිනු නැතේ
    කවියන් කිවිඳියන් අද හෙට පිරෙනු ඇතේ
    යලි එමි එකල මුවහත් කවි රැගෙන අතේ

    ReplyDelete