Sunday, April 25, 2010

ලාංකීය සිතුවිලි - මැරතන් - පටන් ගැන්මේ බාදා

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසඳය ඇතිවු තත්වය යම් කිසි දුරකට පැහැදිලි කලත්, ඉන් ඔබ්ට ගිය වෙනත් කරුණු කිහිපයක් ඇති බව ලාංකීය සිතුවිලි අවධාරනය කරමු.

මුලීකත්වය දිය යුතුම කරුණ වන්නේ චතුරංග විසින් කිසිදු හානියක් ලාංකීය සිතුවිලි වලට කර නැති බවය. එම නිසා ඒගැන වැඩිදුර කතා කීරිම අවැසි නොවෙයි.


කරුණු පැහැදිලි කිරිම 01
සමගාමී විකාශයට කල ඉල්ලීම
මේ සඳහා අපි සිංහල බ්ලොග් කරුවන්ගේ සන්සදයේ නිල බ්ලොග් අඩවිය ඇතලත් කල වි ලිපිනය සොයා බැලුවෙමු. එහිදි දක්නට ලැබුනේ එය කාලංග සහෝදරයාගේ පුද්ගලික වි ලිපිනය බවයි. නිල අඩවියක් සඳහා පුද්ගලික ලිපියක් ඇති බැවින්, එය පුද්ගලිකවම කටයුතු කල යුතු කාරණවක් නිසා. එයට වැප් සහෝදරයා පුද්ගලික වි ලිපියක් යවන ලදී. හා එහිදි අප විමසා සිටියේ "මේ සඳහා ඔබ සන්සදයේ අවසරය කෙසේ වනු ඇතිද?" යන්නයි. එම ලිපියට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් කාලිංග ස‍හෝදරයා පවසා සිටියේ. එය කල හැකි බවයි.


කරුණු පැහැදිලි කිරිම 02

RSS ලබාදීම
මාර්තු 27 වන දින යැවු වි ලපියේ එකඟ වු කරුණු අනුව, ලාංකීය සිතුවිලි මැරතන් සඳහා විශේෂ ප්‍රචාරයක් ලබා දුනි. එහිම දිගුවක් ලෙස නැවතත් වි ලිපියක් අප්‍රේල් මස 23 දා යවනු ලැබුවේ, RSS එදින හෝ මැරතන් ඉසව්ව යෙදී තිබු දින උදැසන දෙන මෙන් සඳහන් කරමිනි. ඔය අතර තුර චතුරංග සහෝදරයා විසින්, කාලිංග වෙත කෙටි පණිවුඩයක් ද යවා උක්ත කාරනය මතක් කර දී ඇත. සියලුම දැනුම් දීම් වලට පිළිතුරු ලැබ්නේනේ මැරතන් පටන් ගැනීමට ආසන්නයේ, හෙවත් අප්‍රේල් මස 24 දින රාත්‍රි 7.55 පසු විමෙනි. වගකිව යුතු පුද්ගලයන් ලෙස සලකා ශාකුන්තල හා ඉන්ද්‍රනාමට යන සොයුරුන් දෙදෙනාට තරිදු සොයුරා විසින් යැවු ටුවිටර් පණිවිඩයටද කිසිඳු පිළිතුරක් නොලැබිණි.


කරුණු පැහැදිලි කිරිම 03
ලාංකීය සිතුවිල ලක් වු අපහසු තාවය
විකාශන කටයුත සඳහා වෙනම පිටුවක් සකසා, හවස 7.30 වන තුරු බලා සිටි ලාංකීය සිතුවිලි කණ්ඩායම, මැරතන් අඩවි නැති, හෙවත් මැරතන් දුවන්නන් නැති විකාශයක් පවත්වාගෙන යා නොහැකි නිසාවෙන්ම. හා ඊට මුලින් අප දුන් ප්‍රතිචාරය ලාංකීය සිතුවිලි වෙත පැමිණෙන්නන් රැවටීමක්මක් නිසාත්,මැරතන් දුවන අඩවි එකිනෙක සොයා බලමින්, ලාංකිය සිතුවිලි විශේෂ මැරතන් විකාශයට එක් කීරීමට පටන් ගත්තෙමු.

කරුණු පැහැදිලි කිරිම 04
පැමිණෙන පිරිස වැඩ කරගැනීම
ලාංකීය සිතුවිලි සංසදයක් නොවන බව ඉතා පැහැදිලිම කිවයුතුමය. තවද ලාංකීය සිතුවිලි සඳහා පැමිණෙන පිරිස මත එහි ඉදිරි ගම තීරණ වන බව හොඳාකාරව දන්නෙමු. එයට ලැබෙන ප්‍රතිචාර නැතිව ගිය දිනක කිසිඳු අයාසයකින් තොරව එය වැසී යනු ඇත.

කරුණු පැහැදිලි කිරිම 05
මැරතන් යෝජනාව
SBU ඇඩ්මින්වරු විසින් හිතාමතාම අමතක කරන කාරණාවක් නම් මාර්තු 18 වන දින සංගමයේ ගූගල් සමූහයට විද්‍යුත් ලිපියක් එවමින් චතුරංග රූපසිංහ මෙම මැරතන් තරඟය පිලිබඳ යෝජනාව ඉදිරිපත් කල බවයි. අපට අවශ්‍ය වන්නේ ඔවුන් කියනා ආකාරයට "SBU එකට කෙලවීමට" නම් එය අපට අපි විසින් සංවිධානය කල හැකිව තිබිණි. යම් හෙයකින් එය එසේ වූවානම් ලාංකීය සිතුවිලි අද මේ ඉසව්ව සඳහා දුන් දායකත්වය SBU ඇඩ්මින්වරුන්ගෙන් ලැබේදැයි සලකා බැලීම වටී. කිසිම වෙලාවකදී ලාංකීය සිතුවිලි ගැන සඳහනක් නොකිරීම ඔවුන්ගේ "මනුස්සකම" පෙන්වන ඉතා අගනා සාධකයකි.

කරුණු පැහැදිලි කිරිම 06
කාර්ය බහුලත්වය
SBU ඇඩ්මින් වරුන්ගේ බොහොම ජනප්‍රිය වචනයක් වන කාර්ය බහුලත්වය මෙහිදීද එලියට ඇදී ඇති ආකාරය පෙනී යයි. සමහර විට ඔවුන් නොදන්නා කාරණයක් විය හැක්කේ ඔවුන් හැරෙන්නට අනෙක් මනුශ්‍යයෝද කාර්ය බහුල විය හැකි බවයි. වෙනස නම් හැම දෙනාම එය නිදහසට කාරණයක් බවට පත් කර නොගැනීමයි. අනෙක ගූගල් ලිපිගොනුවක් ලබා දීම ඔතරම් වෙහෙසකර වන්නේ කෙසේද යන්න අපට ගැටලුවකි. අනෙක් කාරණාව නම් කාලිංග සොයුරු හැර අනික් සියල්ලන් මේ බව නොදැන සිටියාද? නො එසේ නම් ඔහු මෙය වසන් කලාද?


කරුණු පැහැදිලි කිරිම 07
පෞද්ගලිකත්වය
ලාංකීය සිතුවිලි තම නිල දැන්වීම තමන්ගේ නිල බ්ලොග් අඩවිය මගින් හෝ නිල විද්‍යුත් ලිපිනයෙන් පමණක් දනුම් දෙයි. ලාංකීය සිතුවිලි ඇඩ්මින් වරු, අනේකා කියන ඔනැම දේයකට එහෙයි කියන අපෘශ්ඨවංශියෝ නොවන නිසා තමන්ගේ පෞද්ගලික අදහස් තමාට කැමති පරිදි ඉදිරිපත් කිරීමට සම්පූර්ණ නිදහස ඇත. ලාංකීය සිතුවිලි කිහිප දෙනෙකුගේ සමූහ කාර්යයක් මිස සංසදයක් නොවේ. තනි පුද්ගලයකුගේ අදහසක් ලාංකීය සිතුවිලි පොදු අදහසක් ලෙස ගන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැත.

කරුණු පැහැදිලි කිරිම 08
හිමි තැන
ලාංකීය සිතුවිලි පටන් ගත් දා සිටම, සිංහල බ්ලොග් කරුවන්ගේ සන්සදයට හිමි විය යුතු තැන එලෙසිනම් ලබාදුණි. කිසිඳු විටක එය පහත් කොට එයට හිමි තැන උදුරාගැනීමට කටයුතු නොකලෙමු. නමුත් මෙවන් වටිනා කාර්යයක් කරන විටත් එම කාර්යය පැහැර හරිමින් තවත් එවැනිම සේවාවක් සපයන, ලාංකීය සිතුවිලි හට මෙම අතපසු විම හෙවත් මැරතන් දා රාත්‍රි 7.55 ට උක්ත RSS ‍ගොනුව දීම කොතරම් දුරට සාධාරණ වන්නේද? යම් හෙයකින් එය එම අවස්තාවේදි අප ස‍හෝදර පිරිසට එම මැරතන් අඩවි අතුලත් කර විකාශණය කර ගත නොහැකි වුවා නම්, එහි දි ඇතිවන තත්වයට මත අපට වන අපහසුතාවයයේ වගකීම ගන්නේ කවුරුන්ද?


31 comments:

  1. දැන් මේක නිකං දේශපාලන තත්ත්වයක් වගේ නේ. මම යෝජනා කරනවා මේ ගැන සඳහන් සියළු අඩවි sbu එකේ මුල් පිටුවෙන් ඉවත් කරන ලෙසට.

    ReplyDelete
  2. කරුණු පැහැදිලි කිරිම 08 ත් සමග 100% එකගවෙමි.

    ReplyDelete
  3. @Anonymous
    වයර් මාරුවෙලාද? ඕක මෙතන කියල වැඩක් තියෙනවද? SBU එකට කියන්න.

    ReplyDelete
  4. මමනම් ඔය සින්ඩිකේටර් දෙකටම ගරු කරනවා. ඒ වගේම ස්තූති වන්ත වෙනවා. මොකද මා දන්න විදියට මොවුන් කිසිම කෙනෙක් මෙයින් පටු වාසි හෝ ආර්ථික වාසි මත මෙය පවත්වාගෙන නොයයි. ඊයී වූ සිද්දිය ගැන මට හැඟෙන්නෙ මේකයි. බ්ලොග් මැරත්න් එක සංවිධානය කෙරුවේ SBU එක විසින් නිසා ඔවුන්ට කැමති තීරනයක් ගෙන යම් කෙනෙකුට RSS feed දෙනවද නැද්ද කියන එක තීරනය කරන්න පුලුවන්, නමුත් ලාංකීය සිතුවිලි මේ සඳහා ඉතා වටිනා අනුග්‍රාහකත්වයක් ලබා දී තිබුනි. සමහරවිට එය SBU එකේ ඇඩ්මින් වරුන් ලබාදී තිබුනු අනුග්‍රාකත්වයටත් වඩා වැඩියි කියායි මටනම් හැඟෙන්නෙ.

    ඒ හේතුව සහ කලින් ඔවුන් විසින් මෙම RSS Feed ලබා දෙනවායි කියු පොරොන්දුව මත සදාචාර සම්පන්නව මෙයට ඔවුන් ප්‍රතිචාර දැක්විය යුතුය තිබුනා.

    මට කිව යුතුම කාරනයක් තියනවා. ඊයෙ මෙම තරඟයට සහබාගී වුන කෙනෙක් විදියට මෙම සින්ඩි කේටර් දෙක ඔවුන් මැරතන් බ්ලොග් සින්ඩිකේටරය හැසුරූ අයුරු වලින් ලංකීය සිතුවිලි ඉතා ඉදිරියෙන් සිටිනවා කියා කියන්න පුලුවන්. නිකම්ම බ්ලොග් හෙඩර්ස් ටික පෙන්නනවට වැඩිය යමක් ඔවුන් එතනදි කරන්න හදලා තිබුනා. නමුත් වැඩි සහබාගීත්වයක් නොතිබූ නිසාද මන්දා එය ඒ තරම්ම සාර්ථක උනේ නෑ.

    අනෙත් කාරනාව ඊයෙ ටෙක් කතා ලයිව් රේඩියේ එකෙන් තිලිණ සින්ඩි සඳහා හින්ට් ගැහිල්ලත් මමනම් අනුමත කරන්නෙ නෑ. දෙයක් වුනානම් හෝ ගැටලුවක් තියෙනවනම් විවුර්තව කතා කල යුතුයි.
    කියන්න තියෙන්නෙ, ලාංකීය සිතුවිලි සාර්ථකයි. දුර ගමනක් යන්න පුලුවන්.

    ReplyDelete
  5. SBU එක කාලයක පටන් ඒකාධීපති තත්වයක් පෙන්නුම් කිරීමට උත්සහ ගන්නා බව සිංහල බ්ලොග් කරුවන් බොහෝ දෙනෙකුට වැටහෙන ප්‍රසිද්ධ රහසක්. සිංහල බ්ලොග් කරුවන් වෙනුවෙන් සංසදයක් ඇරඹීම හොද දෙයක් වුණත් ඒක පවත්වාගෙන යන්නෙ එහි Admin ලාට හිතෙන හිතෙන විදියට නම් ඒකෙන් බ්ලොග් කරුවන් හැටියට අපි බලාපොරොත්තු වන දේ ඉෂ්ඨ වෙන එකක් නෑ. ඉෂ්ඨ වෙන්නෙ Admin ලාට හිතවත් කණ්ඩායමක උවමනා එපාකම් විතරයි. මම දන්නා කිහිපදෙනෙකුගේම බ්ලොග් අඩවි දැනට මාස කිහිපයක් තිස්සේම හේතුවක් වත් නොදන්වා කියවනයට ඇතුළත් කර නොගැනීමම ඊට හොදම උදාහරණයක්.

    ReplyDelete
  6. අරැන්ට බයින එපා කියලා අපිව අයින් කරලා උන දේ දැක්කද ?

    ReplyDelete
  7. අපි අස් කලට හොද වැඩේ

    ReplyDelete
  8. හොඳ වැඩේ.. සාදු :D

    ReplyDelete
  9. මේ කොමෙන්ට් එක SBU එකේ බ්ලෝගට දාපු එකක් උන් ඇප්රූව් කරන පාටක් නෑ. :D

    පෞද්ගලික ඉල්ලීමක් මත වුවද අප විසින් ඒ සඳහා අනුමැතිය පල කලේ “මනුස්සකම” නිසා මිස වෙනත් යමක් නිසා නොවේ.
    ඒ කියන්නෙ ලාංකීය සිතුවිලිවලට අනුකම්පා කරලාද ‍ඔය මොකකද්ද ඉල්ලපු එක දෙන්න තීරනය කලේ.

    දිනය සම්මතයකට පැමිණ ස්වල්ප දිනකට පසුව “ලාංකීය සිතුවිලි” බ්ලොග් කියවනයේ ඇඩ්මින් කෙනෙකු වන වැප් නිශාන්ත මහතා විසින් කාලිංගගේ පෞද්ගලික ඊමේල් ලිපිනයට ලිපියක් එවමින් විමසා සිටියේ මැරතන් අවස්ථාව තම බ්ලොග් කියවනයේද සින්ඩිකේට් කිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.

    කාලිංගෙ මේල් බොක්ස් එකත් චෙක් කරන්නෙ ඉන්ද්‍රරේද?.
    මට ඇහුන විදියට ඉන්දරෙත් වැඩේ මගඇරලා තියෙනව. 50ක බ්ලොග් ලිස්ට් එකක් ‍කොපි පේස්ට් කරලා දෙන්න facebook status දාන්න, tweet දාන්න, පින්තූර දාන්න තරං වත් වෙලාවක් යනවද?

    අපට පෙනී යන ආකාරයට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් පුන පුනා කියන ආකාරයට “SBU සමග සහයෝගීත්වයෙන් වැඩකිරීම” නොව “SBU වලට කෙළවීම” බවය

    වලක් ගැන කියල තියෙනව. ඇත්ත තමයි. SBU එක කියන්නෙ කාලිංග සෙට් එකේ ලැට් වල.

    කුමන්ත්‍රණ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ලාංකීය සිතුවිලි විසින් මැරතන් බ්ලොග් අඩවි සින්ඩිකේට් කිරීමට අප නොකැමති නම් අපට කලයුතුව තිබුනේ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂෙප කිරීම බවත් කිව යුතුය.
    එතකොට උඹලගෙ කුමන්ත්‍රනේ අතේ මාට්ටුනෙ බං. බ්ලොග් ලියන එවුනුත් උඹළට බනියි. ‍එහෙනං උඹලට ඇඳිවතත් නැතිවෙනවා

    ReplyDelete
  10. මේ විකාට කියනවා ඔව ඇප්රූව් කරන්න කොහෙද ඇඩ්මින් වරුන්ට වෙලාවක් කොච්චර වැඩ තියනවද කරන්න එයාලට උඹ මේ මනස් ගාත කියවනවා.

    අනික මචන් ලාංකීය සිතුවිලි එන්න කලින් බ්ලොග් එකක් සින්ඩියට දාගන්න හෙන ගේමක් දෙන්න ඔන. බ්ලොග් පෝලිමේ ඉන්නේ නිකන් හිගන්නෝ වගේ. ලාංකීය සිතුවිලි බ්ලොග් හැරෙන තැපෑලෙන් ඇප්රූව් කරන්න ගත්තට පස්සේ තමයි ඉද්‍රනාමගේ ගනන් බැස්සේ

    අනේ උන්ට ගිය රටනේ ඉස්සර

    ReplyDelete
  11. Aprl 24, 12:30pm ට එවා ටිබූ SMS පනිවිඩය (071300X24X)

    "Mail balanna eye api mail ekaka demma.lankeeya situwili walin."

    මම යැවූ පිලිතුර.

    Aprl 24, 12:31pm

    "Ela mama podak eliya yanakota tikak wela yai"

    http://twitpic.com/1idxrz

    පරක්කු වන බව මම දැනිවුවා. දැන්වුයේ නෑ කියන්න බෑ.

    මෙන්න ලංකිය සිටුවිලි එවා තියනවා කියන ලිපිය.

    1. GMail වල

    http://twitpic.com/1idwza

    http://twitpic.com/1idx7i

    2. දුරකතනයෙ දිස්වෙන අයුරු.

    http://twitpic.com/1idxeu

    සිංහලෙන් හරියට ලිපියක් වත් එන්න බැරි කම ගැන මම නොකියා හිටියා නමුත් එය කියන්න උනා මේ අය දැන් අපිට මතක් කොට ලිපියක් එවුවා කියන නිසා. මෙය තිබුනේ SPAM folder එකේ.

    සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට HITS මේනියාවක් නැත. සිංහල බ්ලොග් මැරතන් කරන්නේ අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කිරීමටයි. මෙය කවුද කරන්නේ කියන එකද අපිට ගැටලුවක් නැත. නමුත් සමහර අයට හිට්ස් මේනියවක් ඇති බව පෙනෙයි. මෙය අපිට පුද්ගලිකව හෝ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය හැටියට ගැටලුවක් නැත. මොකද කවුරු කරත් වෙන්න ඕනේ සිංහල ප්‍රචලිත වීම හා සිංහල අන්තර්ගතය අනතර්ජාලයේ වැඩිවීම. අපි අපේ බ්ලොග් කියනවන වල link හැම බ්ලොග් එකකම comment ලෙස SPAM කරනේද නැත. එම නිසා HITS දුක ගැට අපිට කල හැකි දෙයක් නැත. කාට HITS ආවද අපිට ගැටලුවක් නෑ මක් නිසාද අපේ එකට HITS වැඩි උණා කියල අපිට ලැබෙන ලාබදක් ද නැත. අනුගේ එක HITS වැඩි උනා කියලා අපිට වෙන පාඩුවක් ද නැත.

    මේ හැම දේකින්ම අපි හදන්න බ්ලොග් ලියන්නා හා කියවන්නාට පහසුවක් අත්කරදීමක් පමණයි.

    අපිට කාගෙවත් සිංඩිකේටර් කඩාකප්පල් කිරීමට උවමනවක් ද නැත. මින් අපි පුද්ගලිකව ලබන ලාබයක් ද නැත. අන් අයට මෙන් ඉරිසියාවක් ද අපිට නැත. රෑ නිදි මරාගන මේවා කරන්නේ රටට සේවයක් කිරීමට මිස අනිත් අයට මෙන් HITS මේනියාවකින් නොව.

    කඩාකප්පල් කාරී ක්‍රි‍යාවල අපි නිරත වෙනවා කියන එක ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද හරියට දේවල් නොදන් නැට්ට ගිනිගෙන කෑ ගැසීම ගැන.

    ReplyDelete
  12. @kalinga
    ඇයි ලිපිය කියවගන්න බැරි නං ඒක කිව්වෙ නැත්තෙ? මෙච්චර වෙලාවක් ඉඳපු එක මට ලොකු ගැටලුවක්.
    අනික ඔය ඊමේල් එක බැලුවෙ කීයටද? දැන්ද?

    ReplyDelete
  13. අනික මචන් ලාංකීය සිතුවිලි එන්න කලින් බ්ලොග් එකක් සින්ඩියට දාගන්න හෙන ගේමක් දෙන්න ඔන. බ්ලොග් පෝලිමේ ඉන්නේ නිකන් හිගන්නෝ වගේ. ලාංකීය සිතුවිලි බ්ලොග් හැරෙන තැපෑලෙන් ඇප්රූව් කරන්න ගත්තට පස්සේ තමයි ඉද්‍රනාමගේ ගනන් බැස්සේ


    මේගොල්ලන්‍ට හරියට කරගන්නත් බෑ කරන අයට කරන්න දෙන්නෙත් නෑ

    ReplyDelete
  14. @Kanishka | කණියා

    "ඇයි ලිපිය කියවගන්න බැරි නං ඒක කිව්වෙ නැත්තෙ? මෙච්චර වෙලාවක් ඉඳපු එක මට ලොකු ගැටලුවක්.
    අනික ඔය ඊමේල් එක බැලුවෙ කීයටද? දැන්ද?"

    උපුටා ගැනීම මගේ ඉස්සලා පොස්ට් එකෙන්

    " මෙය තිබුනේ SPAM folder එකේ."

    --------------

    ප්‍රමාද වෙන බව SMS එකට ප්‍රතිචාර දක්වා ඇත එම මොහොතේම.

    ReplyDelete
  15. මෝඩ හරක් වගේ රණ්ඩු වෙන්න එපා කොල්ලනේ ( මම සින්ඩිකේටර් දෙකේම ඇඩ්මින්වරැන්ටයි කියන්නේ ). ඔය දේවල් වලින් වෙන්නේ වටිනා අංගයක වටිනාකම නැතිවෙලා යන එකයි.

    ReplyDelete
  16. හිතවත් කාලිංග සොයුර
    අතිශයවැදගත් වැඩ රාජකාරී අතරතුර ඔබගේ අදහස් එකතුකිරීම පිලිබද මුලින්ම මම ස්තූතිවන්ත වෙමි
    1 මම යැවූ SMS පණිවිඩය ඔබට ලැබී තිබුනේ Aprl 24, 12:30pm ටය එවෙලෙහිම ඔබ පෝඩ්ඩක් එලියේ බවත් ආපහු යනවිට ටිකවේලාවක් යනබවත් කීයා ඇත.
    නමුත් ඔබ අපහට තොරතුරු අඩංගු doc එක එවන්නේ මැරතන් එක පටන් ගැනීමට විනාඩි 5කට කලිනි.
    ඔබ ආපසු ගියේ ඒවෙලාවට විය නොහැක. මන්ද යත් අතර තුර කාලය පැය 7.30 ක් වැනි කාලයක් බැවිනි. මෙපමන කාලයකට ටිකවේලාවක් යන්න යොදාගන්නවාදැයි මෙය කියවන ඔබ තීරනය කරන්න.
    ඔබ ඊටකලින් ආපසු ගියේනම් ඔබට අපට එම doc එක එවීමට ඇතිවෙන්න වෙලාව තිබුනි. නමුත් සිතාමතාම
    ඔබ එය පැහැරහැරඇති බව මෙම ක්රි යාවෙන් හොදින් පැහැදිලිවේ.
    අපගේ දෙවන මේල් එක (ඔබ සදහන් කරන පැහැදිලිව නෙපෙනෙන බව කියන) ඔබට නොපෙනුනත් අප ඔබලාගෙන් තොරතුරු ලැබෙනතෙක් සිටිනබව ඔබලා හොදින්ම දන්නා කරුනකි. තවද මේ ආකාරයට ලාංකීය සිතුවිලි වලින් සෑහෙන මේල් ප්රටමානයක් පිටතට යවා ඇති අතර මේ ආකාරයට ගැටලුවක් මීට කලින් පැන නෙනැගිනි. මේ ආකාරයට යුනිකොඩ් වැඩ නොකරන capture එකකින් capture කලහොත්ද ඉමේජ් ලබාගත හැකි බව සැවොම දන්නා කරුනකි. ඔබ බොරුවක් කරනවා යැයි මෙමගින් මම නොකියමි. නමුදු මෙම මේල් එක නොපේනේ නම් ඔබට අපට එය දුටු වේලාවේ දැන්වීමට තිබුනි. පැහැදිලිව මෙය ඔබ හා අනෙකුත් ඇඩ්මින්වරුන් සිතාමතාම පැහැරහැරඇතිබවත් එයට හේතුව වන්නේ අපගේ මැරතන් නාලිකාව අඩපන කිරීම බවත් මේ කමෙන්ට එක කියවන ඔබ සැමගේම තීරනයවනවා ඇතැයි මම සිතමි

    අපි අපේ බ්ලොග් කියනවන වල link හැම බ්ලොග් එකකම comment ලෙස SPAM කරනේද නැත. එම නිසා HITS දුක ගැට අපිට කල හැකි දෙයක් නැත. කාට HITS ආවද අපිට ගැටලුවක් නෑ මක් නිසාද අපේ එකට HITS වැඩි උණා කියල අපිට ලැබෙන ලාබදක් ද නැත

    මේ ආකාරයට ලාංකීය සිතුවිලි වලට ලින්ක් තිබෙනු ඔබ මෙන්ම අපද දුටුවෙමු. නමුත් ඒ ගැන යමක් පැවසිය නොහැක්කේ අන්තරජාලය භාවිතාකරන පුද්ගලයින් අතරින් මොහු හෝ ඔව්න් කව්දැයි දැනගැනීමේ හැකියාවක් අපටද නැති බැවිනි. එමෙන්ම අපි හිට්ස් මේනියාව කෙසේ වෙතත් ලාංකීය සිතුවිලිවල හිට්ස් වැඩකරගැනීමට විවිද ක්රිැයාමාර්ග ගනිමු. නමුත් ඒ ඔබලා මෙත් තව එකකට වල කපා නොව බ්ලොග් කියවන්නන්ට හා බ්ලොග්රචකයන්ට ගුනාත්මක සේවාවක් ලබා දීමෙනි.

    පිට කාගෙවත් සිංඩිකේටර් කඩාකප්පල් කිරීමට උවමනවක් ද නැත. මින් අපි පුද්ගලිකව ලබන ලාබයක් ද නැත. අන් අයට මෙන් ඉරිසියාවක් ද අපිට නැත. රෑ නිදි මරාගන මේවා කරන්නේ රටට සේවයක් කිරීමට මිස අනිත් අයට මෙන් HITS මේනියාවකින් නොව.

    කඩාකප්පල් කාරී ක්‍ි යාවල අපි නිරත වෙනවා කියන එක ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද හරියට දේවල් නොදන් නැට්ට ගිනිගෙන කෑ ගැසීම ගැන

    ඔබ රටට සෙවයක් නොකරන බවක් අප කොතැනකවත් කියා නැත. ඔබ පුද්ගලික ලාබයක් ලබාගන්නවාද නැද්ද යන්නත් අපට වැඩක් නැත. එසේ ලබාගත්තත් අපට කම් නැත. නමුත් හිට්ස්මෙනියාව යන්නෙහි තේරුම හිට්ස් නිවැරදි නෙවන ආකාරයට ගැනීම නම් එය වැලදීමෙන් අපගේ මැරතන් විකාශය කඩාකප්පල් කිරීමට තැත්කලේ කව්දැයි මේවනවිට මුලු බ්ලොග් අවකාශයම දන්නා කරුනකි.
    එක බොරුවක් වැසීමට බොරු සීයක් කියන්නට ගොස් පඔගාලක පැටලීමට හැකි බව අපි කනගාටුවෙන් වුවද ඔබට මතක්කරන්නෙමු

    ReplyDelete
  17. මේ කතා අමතක කරලා ආපහු මුලට යමු.
    Anonymous ලියන අය නමක් වත් දැම්මනම් නේද හොඳ ...

    ReplyDelete
  18. හිතවත් ලාංකීය සිතුවිලි මහත්වරුණි,
    ඔය ඊ-මේල් කතන්දර ගැන කියනවිට මට මෙහෙම දෙයක් සිතේ. ඔබලා, මේ කාරණාවට අවසර ඉල්ලා මුලින්ම කාලිංග මහතාට යැවූ ලිපිය යුනිකෝඩ් හැලී, Spam Folder එකට ‍ගියේ නම් මේ කිසිම ගැටළුවක් ඇති නොවනු ඇත. අවාසනාවට 'අවසර ඉල්ලීම' හරි පාරේ ගොස්, 'සිහිකැඳවීම' වැරදි පාරේ ගොස් ඇත.

    ReplyDelete
  19. @චතුරංග රූපසිංහ

    ගෙදර ගිය වෙලාව සුදාරක, මලින්ත, ගෙන අසා දැනගන්න. පරිගනකයක් on කරනවත් වෙලා තිබුනාද කියා. අනික මේල් එක දුටුවේ ඊයේ ඔබගේ ලිපියෙන් පසුව සොයා බල විට.

    අපිද මැරතන් එකට බ්ලොග් දැමුවේ 7.30 පසු බව කියන්න කැමතියි, මොකද මැරතන් කරන තැනට ගියේ එ වෙලාවේ නිසා. තවද අපි බ්ලොග් බාර ගැනීම එදින සවස 6 වන තුරුද සිදුකල බව කියන කැමතියි.

    තවද ඔබ සියලු දෙනම මගේ දුරකත අංක පවා දන්නවා, ඕනේනම් කතා කරන්න උවද තිබුනා. අනික වැප්ට කතාකොට බ්ලොග් දුන්නේද මම මයි.

    අනික මට මේක මෙචර විස්තර කිරීමට උවමනාවක් නෑ. උබලාට ඕනේ තරම් මාව සම්බන්ද කරගන්න හැකියාවක් තිබුනා දුරකතනයක් හරහා. මැරදන් එකේ ඔකොම දුනට පසුව නිකන් ලොකු කමට බ්ලොග් පොස්ට් ලියා අපිට නිකන් සද්ද දාන්න ඕනේ නෑනේ.

    මොකක් හරි කොනක් අල්ලගෙන වලි දාගන්න ඇත්තටම උවමනාවක් නෑ, නමුත් මිනිස්සුට වැරදි අදහස් SBU ගැන දෙන්න ගොඩක් කටීය මහන්සි වෙනවා කියන එකනම් පේනවා.


    @පාඨකයා

    අවසර ඉල්ලීම වැප් ගේ පවුද්ගලික ලිපිනයෙන් එවා තිබුනේ. දෙවන ලිපිය SPAM වෙත ගොස් ඇත්තේ ඔවුන් බාවිතාකරන සවරයේ ගැටලුවක්. සිංහල හරියාකාරව නොපෙනෙනේ ඔවුන් ලිපියේ encoding එක හරියාකාරව සකසා නැති නිසා. නමුත් ලිපිය නොදුටුවේ SPAM එකට ගොස් ඇති නිසා.

    තවද නැවත කියන්න කැමතියි. SMS එකෙට පිලිතුරු දීම හා ඔවුන්ට උවමනානම් දුරකතනයෙන් උවත ඔවුට මාව සම්බන්දකරගන්න තිබුනා. මොකද SMS කරන්න අංකය දන්නවානම් කතා කරනද තිබුනානේ.

    ReplyDelete
  20. කාලින්ග සහෝදරයගෙ පැහැදිලි කිරීම තුල හොඳටම තේරෙනවා මේක හිතා මතා කල දෙයක් නොවන බව. එම නිසා මේ පිලිබඳව තවදුරටත් වාද නොකරන මෙන් කාරුනිකව ඉල්ලනවා. මේක දෙමල කොටියෙක් හරි මොකෙක් දැක්කොත් එහෙම පස්ස පැත්තෙන් අපේ සිංහල ජාතියට හිනා වෙයි.

    ReplyDelete
  21. හිතවත් කාලිංග සොයුර
    මේ මෙය පිලිබද මා තබන අවසන් සටහනයි.
    ඔබ පවසන ආකාරයට ඔබලා අවසන් වි 30 අතුලතනම් මැරතන් පිලිබද තොරතුරු ඇතුලත් කලේ නම්
    ඒ වේලාවේම අපට ලබා නොදී සිටියේ මන්ද? ඔබගේ සින්ඩිකේටරයේ පුරවන දත්ත ‍අපට වෙනමගකින් ලැබේයයි ඔබ බලාපොරොත්තු නොවුන බව මම සිතමි. අපි එය බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ මෙන්ම සියලු ඇඩ්මින් වරුන් ද හොදින්ම දැනුවත්වී සිටින්නටද ඇත.
    අපි අනෙකුත් සෑම විටම යවන මේල් පනිවිඩ නියමිත මාර්ගයේ ගොස් ඔබට යැවූ එක පමණක් ස්පෑම්වී ‍විකෘති වූ අකාරයද මා දන්නේ නැත
    අප ඔබට SMS එකක් හා දවසකට කලින් මේල් එකකුත් දැමූ නිසා නැවත නැවත කොල් දීමට සිතුවේ නෑත. ඒ ඔබට කරදරයක් වේ යයි සිතූ බැවිනි.
    ඒ කෙසේ වෙතත් අපි මෙයින් පාඩමක් ඉගෙන ගතිමු. ඔබට හෝ SBU එකට අනවශ්යක දේවල් ඇද දමා අපි නිග්රේහ නොකලෙමු. අප කියා සිටියේ එක දෙයකි. ඒ නම් ඔබ දෙනවා යැයි කියා අවසන් මොහොත වනතුරු අපට තොරතුරු ලබා නොදුන් එක බලවත් වරදකි. නමුත් අවසන් මොහොතේ හෝ එය ලබාදුන් එකට ස්තූතිවන්ත වෙමි.
    පුද්ගලිකව මම ගූගල් මගින් බ්ලොග් 40 ක් පමන සොයමින් මාගේ අනෙක් සොයුරන් එවා ඇඩ් කරමින් මානසික අතතියකින් සිටි මොහොතේ ලියූ බ්ලොග් සටහනේන් ඔබට හෝ අනෙකුත් ඇඩ්මින් වරුන්ට කිසියම් හිත් රිදීමක් සිදුවූයේ නම් මම සමාව ඉල්වමි.
    ස්තූතියි

    ReplyDelete
  22. අනේ සාදු

    ReplyDelete
  23. කාලිංග මහත්මයා ඔබ බ්ලොග් සංසදය වෙනුවෙන් පෙනී ඉඳලා ලාංකීය සිතුවිලි වලට පොරොන්දුවක් වෙලා තිබෙනවා ඒ පොරොන්දුව ඔබ එය ඉෂ්ට කර නැහැ. පොරොන්දුවක් යලි යලිත් මතක් කරලාත් ඒක ඉෂ්ට නොකලා නම් ඒක ඊටත් ලොකු වැරැද්දක්.

    ඔබේ අතින් වරදක් උනානම් ඒක පිළිගන්න. ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ බිමින් තියන්න.

    ReplyDelete
  24. ලංකිය නෝන්ඩි උනා ඇතිද ? තව ඕනෙද ? හිට්ස් බැස්සද ? හු හු අනුන්ගේ මැරතන් එකකට පැනලා දෙන්න ගියා

    ලංකිය සිතුවිලි මකලා චතුරංග ගේ සිතුවිලි දාන්න

    ReplyDelete
  25. කාලිංග හැම තැනම පුල පුලා කියනවා s.b.u කියන්නේ පොදු දේපලක් කියලා ‍එත් එයා තමන්ගේ පෙෘද්ගලික ඉ-මේල් ලිපිනය දිමෙන් පෙන්නුවේ එක පොද්ගලික දේපලක් බවයි. ලංකිය සිතුවලි එකේ අයට තේරෙන්නේ නැ කාලිංග වගේ පටු අදහස් තියෙන මිනිසු අසය නොකරන්න. චතුරංග එලවන්න ඕනේ s.b.u එකට ඔවගේ පටු අදහස් තියෙන වෙ** පුතාලා අස්‍රය කරනවට. මම න

    ReplyDelete
  26. @සියල්ලට
    ඉහත ලිපිය හා කමෙන්ටු ඉතා සංයමයෙන් කියවන ඔනැම අයකුට තේරුම් ගත හැකි සත්‍යයක් ඇත. එනම්

    මා විසින් මුලුන් ඉල්ලා යැවු RSS දීමට කාලිංග මහතා එකඟ වුයේ, ඔවුන් කියන පරිදුම උතුරා යන මානුෂීකත්වය සලකමිනි.

    එලෙසම ඉන්පසු චතුරංග යැවු කෙටි පණිවුඩයට පිළිතුරු දුන්නේද, ලාංකීය සිතුවිලි වලට ඇති හා එක්ව වැඩ කීරිමේ ඇති බලවත් ආශාව නිසාමය.

    එනමුදු ඔවුන් කියන පරිදු අප යැවු දෙවන වි ලිපිය නිවැරදිව දිස් නොවණි[මෙය කාලිංග ගේ පුද්ගලික ලිපිනයට යැවුනේ ඔවුන් ඔවුන්‍ගේ නිල අඩවිය අතුලත් කර තිබුණේ මෙම ලිපිනයට නිසාවෙනි.]

    ඉහතින් යැවුණු කෙටි පණුවුඩය හා දෙවන වි ලිපිය මොහොතකට පැත්තකින් තබමු. මුල් වි ලිපියෙන් ‍දීමට පොරොන්දු වු, RSS සියල්ල දීමට 8.00 වන තුරුම නොහැකී වුයේ, ලාංකීය සිතුවිලි දක්වන "මනුස්සකම" ටද?

    කිරිමට තිබුනේ. RSS අඩංගු XL ගොනුව ගුගල් හරහා share කිරිම පමණි. එම අතපසුවීම හෝ වැරුද්ද ගැන වචනයකුඳු නොකියා.

    1.හුදෙක් SMS පණවුඩයක් හා ඔවුන් පවසන අන්දමට නිවැරදිව දිස් නොවු වි ලිපියක් ගැන පමණක් සඳහන් කරන්නේ ඇයි?

    2.දෙවන විලිපියේ යම් දෝෂයක් වුයේ නම් අපව දැනුවත් කීරිමට තිබුනේ මෙම ප්‍රශ්ණය කරලියට පැමිණි පසුද?

    3.වුනු වැරැද්ද හෝ අතපසුවීම හෝ දැන දැනත් කල ක්‍රියාව මෙසේ නිර්ලජ්ජී ලෙස සාදරණය කරමින් රැවටීමට උත්සහා කරනුයේ කිනම් පිරිසක්ද?

    4.පුල පුලා පොදු බවක් හඟවමන්, අන් අයට යහපත් හෙවත් සිංහල අන්තර්ගතය වැඩකීරිමට යන ගමන තුල මෙවන් බරපතල අතපසු වීම් සිදුවිය හැකිද?

    5.එකඟ වු කරුණක් ඉදරියට ගෙන යාමට තරම් හැකියවක් නොමැති වුයේ ඇයි?


    ඉහත ප්‍රශ්ණ සියල්ලට පිළිතුර මනුස්සකම නම්, ඒ මනුස්සකමේ තරම අන් අයට වඩා ලාංකියේ වැඩ කරන අපිට හොඳින් තේරුම් ගොස් ඇත.

    මෙවන් දෑ ඉදිරිය නොවී ලත් තැනම ලොප් කීරීමට චතුරංග විසින් ලියු මුල් ලිපියට මගේ අචාරය නිතැතින්ම හිමිවෙයි. එයට පිළීතුරු ලිපියක් SBU සංසඳයේ නිල අඩවියේ ලිවීමට තරම් ඔවුන් මෙම ප්‍රශ්ණය ඇදගෙන ගියේ, ඔවුන් අත වැරුද්දක් ඇති නිසාම බව දැන් කාහටත් පැහැදිලි වී ඇතැයි සිතමි.

    ReplyDelete
  27. @වැප්

    http://blog.sinhalabloggers.com/%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C-%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E2%80%8D%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA/#comment-330

    ReplyDelete
  28. කැන්ද කොල හැලපයාApril 26, 2010 at 9:46 AM

    පවතින ක්‍රමයෙන් ගැලවීමට ඇති නොහැකියාව ගැන දෙපාර්ශවයක් විවාද කරමින් සිටී. නමුත් මෙහිලා ලාංකීය සිතුවිලි වැදගත් කාර්යභාරයක් කරනුයේ ඔවුන් ප්‍රජාතාන්ත්‍රවාදී ලෙස සිය කාර්යය පවත්වා ගැනීම නිසාය. කතන්දරය මෙයයි. සංසදයට සිය පින්තූර පිකාසා එකට දැමීමට කාලය ඇතිනම් මේල් එවීමට කාලය නැතිවී ඇත. හැමදාම වගේ කාලිංග හත්පොලේ ගාගෙන ඇත.

    ReplyDelete
  29. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  30. By reading comments from both sides and from both sites there is one thing I’m clear and I can’t agree.
    Both parties agree that they send/received links 5-15 minutes before the start of marathon. And creating a syndicator is not like making instand noodles. In my point this is last minute it would be really nice to have them before hand or at least a little update to other people would have been nice.

    But both sites do syndication for the goodwill of sinhala bloggers. So for godsake cut the crap and behave like adults. This is disgusting.

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete