Thursday, April 1, 2010

දක්ෂතා ඇති ඔබට, ලාංකීය සිතුවිලි ආරධනයයි

සිංහල බ්ලොග් කලාවේ නව පෙරලියක් ඇති කරමින් ඔබ ‍වෙත පැමිණි "ලාංකීය සිතුවිලි" තවදුරටත් ඔබ වෙනුවෙන් කරන මෙහෙව‍ර ඉදිරියට ගෙන යාමේ පියවරක් පසුගියදා කල එලි දක්වනු ලැබුණි. එනම් වසරේ විවිධ වැදගත් දින වල තතු ඔබට පවසමින් අලංකාරවත් බැනරයක් හා හරවත් ලිපියක් එකතු කිරිමයි. කරනු ලබන මේ කාර්යභාරය සඳහා අප හා සැමදා බැඳී සිටන ඔබද දායක කරගැනීමට අප තීරණය කල බව දන්වන්නේ හද පිරි සතුටිනි.

මේ අනුව විවිධ වැදගත් දින පිලිබඳ ලිපි දැන් ඔබටද ලියා ඔබේ නමින් ඔබ අඩවියේම පල කල හැකියි. එම ලිපියට සක්‍රිය බැඳියක් දවස පුරා ලාංකිය සිතුවිලි තුලින් දෙනු ලබන අතර, ඒ සඳාහා ඉදිරිපත් කරන බැනර් නිර්මාණය සඳහාද "ලාංකීය සිතුවිලි" වල මුල් පිටුවේ ඉහළම කොටස වෙන් කර ඇති බව සතුටින් දන්වන්න කැමතියි. එලෙසම කල කර්යය අන් අයට දැන ගැනීම පිණිස බැනරය සිතුවම් කල හා ලිපිය ලියු අයගේ නම් ද මුල් පිටුව තුල එම දිනය මුලුල්ලේම දක්වනු ලැබේ.

ඔබටත් ලාංකික අපට වැදගත් දින ගැන හරවත් වුත් අලංකාර වුත් ලිපි මෙන්ම, සිතුවම්ද නිර්මාණය කල හැකි නම් එක්වන්න අප සමඟ. දක්ෂතා දෙකම එකවිට ඔබට අවැසි නොවෙයි. හැකියාව සිතුවම් නිර්මාණයට පමණක් නම් එයද ප්‍රමාණවත් වනු ඇත. එලෙස දක්ෂතාවය මොනවට විදහා දක්වනුයේ හරවත් ලිපි ලිවීමට නම්, මේම කර්තවයය සාර්තකත්වයට එයද මනා පිටු බලයකි

වැඩි විස්තර සඳහා lankeeyasithuwili@gmail.com අමතන්න

3 comments: