Saturday, March 13, 2010

ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි මානව ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ලාංකීක අප දැන් මේ ගෙවා දමන්නේ පරිගණක තාක්ෂණ යුගයයි. අපේ ඉතිහාසය තුල, ආදිතමයන් විවධ වු අත්හදා බැලීම් හා විවිද ක්‍රම මගින් ලොවට අලුත් දෑ නිර්මාණය කර දුන්නද, ඉතිහාසයේ යම් යම් පරිච්ජේදයක් තුල අප ලබා ගත් දියුණවක් හෝ ඉදිරිපිම්මක් පැනීමට අවැසි දැනුමක් ගෙන හැර පාන්නට අසමත් විය. එය වු කලී අප ලද පරාජයකි. අපේ දියුණුවට, හෙට දවසට යොදා ගැනෙන නව දැනුම් හා සංකල්ප ඉදිරිපත් කීරිම අප සතු යුතුකම්ක් හා වගකීමක්ද වන්නේය. එනමදු උක්තයෙන් කී එම පරාජයම දිගට ඇදගෙන පැමිණි අප මේ වන විට පරිගණක ක්ෂේත්‍රය තුල යම් කිසි දියුණුවක් ලැබ ඇති බව කවුත් දන්නා පැහැදිලි කාරුණකි. එහෙත් එමගින්, අපේ භාෂාවෙන් අපට උවමනා පරිදි භාවිතයට ගැනීමට නොහැකිව බොහෝ කල් සිටීමට සිදුවිය.

සිංහල භාෂාව මගින් පරිගණකයේ වැඩ කිරීමට ඇති හැකියාව, සිංහල යුනිකේත පැමිණිමත් සමඟ වඩ වඩාත් වැඩි දියුණු හා ජනප්‍රිය විය. මෙය වු කලි අපි ලද විශාල ජයග්‍රහණයකි. එම නිසා සිංහල යුනිකේත නිර්මණයේ හා එම වැඩ පිළිවෙලට අත හිත දෙමින් උදව් උපකාර කල සැමට අපි අපේ ආචාරය මෙසේ මහත් වු අභිමානයනේ පුද කරන්නෙමු. සිංහලයෙන් ලියන්නට කියවන්නට බොහෝ දෙනෙකු සිටියත් පරිගණක ක්ෂේත්‍රය තුල ඒ කර්තව්යය කර ගැනීමට නොහැකි වු හෙයින් බොහෝ දෙනෙක් පසු තැවිලි වන්නට ඇත. "මට හිතෙන අදහස් මගේ විදිහට මට පල කල නොහැකි වු යුගය විද්‍යුත් හා මුදෘති මධ්‍ය මගින් ඒකාධිකාරයකට යටත් කර තිබුණු බව එදා ඔබට සිතෙන්නට ඇති. එහෙත් වර්තමානය තුල එය තව දුරටත් යථාර්තයක් වී නොමැත.

සිංහල යුනිකේත පැමිණිමත් සමග අප තුල සැඟව තිබු අපේ නිදහස් අදහස් කෙමෙන් කෙමෙන් පරිගණක ගත කර අන්තර්ජාලය හරහා ලොව වටා සිටින අපේම නෑයින් හට බෙදා හැරිම ඉතා සිඝ්‍රයෙන් සිදු වුණි. තනි තනිව ගිය ගමන එක්තැන් කරමින් සිංහල බ්ලොග් කියවනය, බ්ලොග් පාඨකයන් මෙන්ම බ්ලොග් ලියන්නන්ටද පහසුවක් ඇති කර දුනි. එමෙන්ම කොත්තු කියවනයද ඒ සඳහා රුකුලක් වු බව නිහතමානීව අප සඳහන් කල යුතුම වෙයි. එම සාමුහික බෙදා හැරීමේ කර්තවය සඳහා ඉතා මෑතකදි එක්වු ලාංකීය සිතුවිලි, කලින් සඳහන් කල කියවනයන් තුල තිබු විශේෂතා ද එක් කරගමින් නවමු මගක් ඔස්සේ මෙසේ කෙමෙන් කෙමෙන් පියමං කරමින් සිටියි. මේ ඉතා කෙටි කල තුල විශාල බාධක මහත් වු පරිශ්‍රමක් දරා විසඳා ගනිමින් ඉදිරයට ගලා යන ලාංකීය සිතුවිලි, ඔබ වෙත නවමු සංකල්ප හදුන්වා දී ඇත.

බ්ලොග් කියවනයක අවශ්‍යතාවය ඇති වන්නේ බ්ලොග් රචකයන් සිටිනම් පමණක් මෙන්ම ආධුනියන් කරලියට කැන්දා එමට බිලොග් කියවනයක් මනා පිටු බලයක් දෙන බවත් විශ්වාස කරන්නෙමු. දෙපැත්තම සමබර එකිනෙකා මත යැපෙමන් යන මේ ගමනට ලාංකීය සිතුවිලිද හැකි උපරිමයෙන් සහාය වන්නට අපේක්ෂා කරන්නෙමු

අන්තර්ජාලය තුල සෙමින් ගමනකට සැරසී සිටින ලාංකීය සිතුවිලි කියවනය සඳහා විශාල අඩුවක්ව පැවති නිල බ්ලොග් අඩවිය මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. ලාංකීය සිතුවිලි කියවනයේ විශේෂ නිවේදන, දැනුම් දිම් හා වෙනත් නිල නිවේදන සියල්ලම මෙය හරහා සිදුවන බව ඔබ සැමට ඉතා සතුටින් ප්‍රකාශ කරන්නෙමු. "වැඩි පහසුකම් යටතේ ' ලාංකීය සිතුවිලි ' එකම අඩවියකට" යන තේමාව ඔස්සේ ඔබ කරා පැමිණෙන අප, ඔබගේ යෝජනා හා චෝදනා ඉතා සතුටු සිතින් පිළිගන්නෙමු.


ලියන්න අපිට info@inetlanka.com විද්‍යුත් තැපෑල හරහා.

17 comments:

  1. ලාංකීය සිතුවිලි .... ඉතා දිගු ගමනක් යාමට සුබ පතනවා....කැමතිනම් ඩොමේන් එකක් හා වෙබ් ඉඩකඩක් ලබාදිය හැක..... :D

    ReplyDelete
  2. මගෙන් සුබපැතුම් :)

    ReplyDelete
  3. ඉදිරි ගමන සර්ව්ප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියලා සුභ පතනවා

    ReplyDelete
  4. මගෙනුත් සුබ පැතුම්!!!

    ReplyDelete
  5. ලාංකීය සිතුවිලි අපි සැමදා ඔබ සමගයි

    ReplyDelete
  6. සුභ පතනව. කරන වැඩ සාර්ථක වේවා!!!

    ReplyDelete
  7. අපිත් සැමදා ඔබ සමගයි, සුබ පතනවා....

    ReplyDelete
  8. ලේඛක-පාඨක සැමගේ නැවුම් සිතුවිලි වලින් 'ලාංකීය සිතුවිලි' තව තවත් හැඩ වැඩ වේවා!!

    ReplyDelete
  9. දිගු ගමනකට මගෙනුත් සුභපැතුම්

    ReplyDelete
  10. මගේ සුභ පැතුමත් එකතු කරගන්න! දිගුතමනක් අපිත් අරගෙනම යන්න!...

    ReplyDelete
  11. සුභ පැතුම් මේ සිංහල බ්ලොග් සඳහා මෙවන් ඉඩක් නිර්මාණය කරන්නට වෙහෙසුන ‍දැනටත් වෙහෙසෙන ඔබ සැමට

    ReplyDelete
  12. හදවතින්ම සුභ පතනවා මේ යහපත් ක්‍රියාවට.

    ReplyDelete
  13. දිග ගමනකට සුබපැතුම්!

    ReplyDelete
  14. ඔබේ වෙහෙස වෙනුවෙන් අපේ ආදරය දෙන්නම්. ඉදිරියටම යන්න. අපි ඔබත් එක්කම ඉන්නම්.
    සුභ දවසක්.

    ReplyDelete