Thursday, May 19, 2011

සහෘදයකුගේ නික්ම යාම

බ්ලොග් අවකාශයේ අප කවුරුත් දන්නා හඳුනන ඉලන්දාරියා නොහොත් දිලුම් දිසානායක සොයුරා අපෙන් සමුගත් බව මේ වනවිට සැවොම දන්නා දෙයක්.උපන්නොත් කෙනෙක් යම්දිනක මරණයට පත්වන බව කලකට පෙර ඔහු තැබු සටහනකි මේ..

හිරු නැග එනකම්
සොදුරු බව ‍රැකපන්....
මරනයේ නියත බව ....
නුබ ලොවට කියපන්....

ඇතිවුනොත් යම්දෙයක්....
සදා කල් ලොවෙනැත
කිසි දෙයක්....
අනියත බවින් මගහල දෙයක්....

ඉපදුනොත් යම් කෙනෙක්....
නියත වේ මරණයත්....
උපන් මොහොතෙම දින නියමවේ
මරණයේ දිනයමත්....

ඔබ අපෙන් සමුගත්තද, ඔබෙ මතකය අප හදවත් තුල සදා අමරණීය වනු ඇත...
දිලුම් සොයුර ඔබට නිවන් සුව පතමු.. මතු උපදින භවයක නිදුක් නිරෝගී සම්පත්තිය අත් වේවා!!!


දිලුම්ගේ නිවසට යන පාර,

වාහනයක යන අයට, නුවර සිට මාතලේ යනවිට අලවතුගොඩගොඩ පසුවී බලකඩුව පල්ලම පසු කරන විට වම් පැත්තට කූඹියන්ගොඩ පාර ඔබට හමු වෙනු ඇත.. එතනින් කූඹියන්ගොඩ නගරයෙන් කොටුවේගෙදර පාරට හරවා නිවාස සංකීර්ණයේ ජයන්ති කඩේ අසලට ගියවිට දිළුම්ගේ නිවස දිස්වෙනු ඇත.

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අයට, මාතලෙ තැ
පැල් කාර්යාලය අසලින් උඩුපිහිල්ල හෝ ඊරියගහමඩ බස් රථයක නැගී කූඹියන්ගොඩ තැපැල් කන්තෝරුව අසලින් බැස ගත යුතුය. ඉන්පසු කොටුවෙගෙදර පාරේ නිවාස සංකීර්නය අසලට ගිය පසු දිළුම් ගේ නිවස දිස් වේ...

සෙනසුරාදා (මැයි  21) උදෑසන 06.30ට කොටුව දුම්රියපොල අසලින් බස් රථයක් දිළුම්ගේ නිවස බලා යෑමට කටයුතු සලසා ඇත.
වැඩි දුර විස්තර සඳහා අභිත සොයුරා අමතන්න.


හදිසියේ අප අතරින් සමුගත් දිලුම් සොහොයුරා වෙනුවෙන් ලාංකීය සිතුවිලි කණ්ඩායමේ සාතිශය සංවේගය!!!

13 comments:

  1. මෙන්න දිලුම් තමන්ගේ දෑතින්ම ලිවූ ඒ ලිපිය
    http://ilandhariaya.blogspot.com/2010/07/blog-post.html

    ReplyDelete
  2. දිලුම් සොයුර ඔබට නිවන් සුව

    ReplyDelete
  3. ඔබට නිවන් සුව..

    ReplyDelete
  4. දිලුම්ට නිවන් සුව ලැබේවා.නැවත සසර උපදින මනුෂ්‍ය ජාතිවල අකල් මරණ අත් නොලැබේවා.

    ReplyDelete
  5. දිලුම් ඔබට නිවන් සුව..

    ReplyDelete
  6. සහෘදය,
    උපදිනා ජාති ජාතිත් මෙවන් අකල් වියෝවක් නොවේවා!!!!

    ReplyDelete
  7. දිලුම් මල්ලියේ නුඹට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  8. සහෘදය,
    උපදිනා ජාති ජාතිත් මෙවන් අකල් වියෝවක් නොවේවා!!!!

    ReplyDelete
  9. දිලුම් අයියේ. ඔබට නිවන් සුව පතමි !

    ReplyDelete
  10. දිලුම් සොයුර ඔබට නිවන් සුව...

    ReplyDelete
  11. උඩ සහෘදයන්ගෙ අදහස් එලෙසම ඉටු වේවා!!!!
    උපදිනා ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් අත් නොවේවා!!!!!
    උඔ දැමු කමෙන්ටු,උඔ අප අතර ජිවත් කරවයි සදාකල්ම...

    ReplyDelete
  12. ඔබට නිවන් සුව!!!!!!! !

    ReplyDelete
  13. කිසිදා නොදුටු මිතුර, ඔබට නිවන් සුව !

    ReplyDelete