Saturday, September 11, 2010

එන්න ප්‍රසිද්ධියට

සයමසක් ඉක්මගොස් ඇති ලාංකීය සිතුවිලි, bestweb.lk මගින් සංවිධානය කරනු ලබන තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත. එහි සිංහල අංශයෙන් තරඟ වදින අප මෙම තරඟයට ඉල්ලුම් කිරීමට හේතූ වූ ප්‍රධානම හේතුව නම්, බ්ලොග්කරණය ලාංකිකයන් අතර ප්‍රචලිත කිරීමයි.

ලාංකීය බ්ලොග්කරණය, තවමත් ප්‍රබල ජනමාධ්‍යයක් තරමට වැඩි දියුණු වි නොමැත. එහෙයින් මෙම තරඟයට සහභාගිවිමේ මූලික අරමුණ ප්‍රසිද්ධියයි. අපගේ නියෝජනය මගින් මෙම තරඟට සහභාගි වන ලංකාවේ නම් දරා ඇති ආයතන හා සංවිධාන , සිංහල බ්ලොග්කරණය යනු කුමක් දැයි හෝ දැන ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

එන්න ප්‍රසිද්ධියට යන තේමාව, ලාංකීය සිතුවිලි අප මෙම තරඟයට යොදාගෙන ඇත. ජය පැරදුම කෙසේ වෙතත් ලංකාවේ නම් දරා ඇති ආයතන වල ‍අන්තර්ජාල අඩවි සමග කරට කර යමින් ලාංකීය බ්ලොග්කරණයේ අපේ සලකුණ ඉස්මතු කීරිමට දරණ මේ වෑයමට ඔබගේ උපරිම සහාය බලාපොරොත්තු වෙමු. විවිධ බාධක හමුවේ අප අත්නොහැර සිටි ඔබ මෙම අවස්ථාවේදීද මෙම කර්තව්‍යයට හැකි පමණින් දිරියක් වනු ඇතැයි අපි කණ්ඩායමක් ලෙස උදක්ම බලාපොරොත්තු වෙමු.

තරඟය සංවිධානය කර ඇති අයුරු.........
සුදුසු කම් ලැබූ වෙබ් අඩවි තරඟ වට හතරක් යටතේ තරඟ කල යුතුව ඇත. එනම් වැඩිපුරම ඡන්ද ලබා ඇති අඩවි ඊලඟ වටයට සුදුසු කම් ලබයි. මෙහිදී සෑම වටයකදීම ඔබට ඡන්දයක් පාවිච්චි කළ හැක.

ඡන්දය පැවැත්වෙන දිනයන් බලාපොරොත්තු වන්න ............

28 comments:

  1. නියමයි...ඔබලගේ මෙම ගමනට මාගෙන් සුභ පැතුම්...
    සැම්

    ReplyDelete
  2. ජයෙන් ජය මචෝ අපි ඉන්නවා උබලත් එක්ක.....

    ReplyDelete
  3. අපේ ඡන්දෙ ගැන කවර කතාද,අනිවා ඡන්දෙ දෙනව

    ReplyDelete
  4. ඔන්න මමත් සුබ පතනවා... අපි සේරම ඔයාලගෙ පැත්තෙ...

    ReplyDelete
  5. අනිවා මමත් ඉන්නවා!

    ජය පතනවා!

    ReplyDelete
  6. අපිත් ඉන්නවා ඔයාල වෙනුවෙන්. කොහොමද චන්දේ දෙන්නේ කියන එකත් ප්‍රසිද්ද කරන්න.බැනර් එකකුත් දාන්නම්....

    ReplyDelete
  7. අනිවාරයෙන් මම එනවා .....
    තරඟයට මගෙන් සුභ පැතුමි !

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ජය වේවා....!! ඉදිරියට යන්න අපි පස්සෙන්ම එනවා..!

    ReplyDelete
  10. අපෙනෙත් සුභ පැතුම්

    ReplyDelete
  11. මමත් ඡන්දයක් දෙනව

    ReplyDelete
  12. අනිවා අපිත් ඉන්නවා.. all the best.....!

    ReplyDelete
  13. ඔන්න අපිත් ඉන්නවා උදව්වට... ජය වේවා

    ReplyDelete
  14. අපිත් ඉන්නවා උදව්වට..........ජය වේවා!!!!!!!!!

    ReplyDelete
  15. mamath full support . . .. jaya wewaa . ..

    ReplyDelete
  16. ඡන්දය තියෙන ද‍වස දන්වන්න..... වේලාව වෙන්කරගෙන ඡන්ද‍ය දෙන්නම්.
    මම ටිකක් කාර්ය්ය‍ බහුලයි.
    සුභ පැතුම්

    ReplyDelete
  17. මගේ ඡන්දෙත් අනිවා දෙනවා !

    ReplyDelete
  18. I will also vote.
    Give date and time.
    It is worth to vote to you.

    ReplyDelete
  19. තරගය ඔයාලා ඉහිලින්ම දින්න කියලා අපි සුභ පතනවා.

    ReplyDelete
  20. ලාංකීය සිතුවිලි වෙත ජය ම අත් වේවා !!!!!!!

    ReplyDelete
  21. ආයේ මොන කථාද ලාංකීය සිතිවිලි ශ්‍රී ලංකාවේ එක. ජය වේවා

    ReplyDelete
  22. මම හිතන්නෙ නෑ ඔයාලට තියන ප්‍රසිද්දිය වෙන කිසිම වෙබ් අඩවියකට ඇතියි කියල. අපේ උපරිම සහය ඔයාලට.
    ලාංකීය සිතුවිලි අඩවියට...........
    ජය වේවා!............
    ලාංකීය සිතුවිලි අඩවියට...........
    ජය වේවා!............

    ReplyDelete
  23. මා ද ඔබැ සමගයි..!!

    ReplyDelete
  24. එහෙනම් ඕං අපිත් චන්දෙ දාන්ට එනවා ඈ...

    ReplyDelete
  25. සුබ පැතුම්. පළවෙනි වටයට මනාපයක් දැම්මා.

    ReplyDelete