Tuesday, July 27, 2010

මිනිසත් කමක් නොහඳුනනා කුරිරු ලොවේ..මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ..

පුරුදු කල හිතකට මරණය තවත් එක් ගමනක් පමණයි කියල පූජ්‍ය අජාන් චා හාමුදුරුවෝ එක්තරා වෙලාවකදී දේශනා කලා. මරණය ගමනක් නම්, කුමුදු සර් තරම් ඒ ගමනට සූදානම් වෙලා හිටපු කෙනෙක් නැතුව ඇති. අප අතරින් වෙන් වෙන්න දවස් කීපයකට කලින් ලියපු අන්තිම ලිපියේ සර් තමන්ගේ මරණය ගැන ඉඟි කරනවා. කුමුදු සර්ගෙන් ඉගන ගත්ත අය කොච්චරනම් වාසනාවන්තද ? අපේ අවාසනාවට සර්ට අපි වෙනුවෙන් දැනුම බෙදාගන්න පුලුවන් උනේ මාස හතරකට ආසන්න කාලයකට විතරයි. නිවෙන්න කලින් පහනක දීප්තිය වැඩි වෙන්නා වගේ මේ අවසාන කාලයේ සර් සිංහල බ්ලොග් අවකාශයට එකතු කල අලෝකයෙන් අලෝකමත් වුනු අපට සර්ගේ අඩුව තදින් දැනේවි. සර්ට නිවන් සුව ලැබේවා කියල කියන්න තරම් අපි පරාර්ථකාමී නෑ. සර් ආයෙත් මේ පොළවෙම ඉපදී මෙ කල මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට පුලුවන් වෙන්න කියල ආත්මාර්ථකාමී ප්‍රාර්ථනයක් කරන්නම් අපි.

5 comments:

  1. මා ඇතුළු සහසක් සිසු දරුවන්ගේ නැණස එළි කල මේ උත්තම පුරුෂයාට මෙලෙස ගෞරවය දැක්වීම ගැන මාගේ හෘදයාංගම ප්‍රණාමය පිලිගන්න !

    ReplyDelete
  2. මම ඊයේ දැක්කෙ එතුමාගේ මරණය ගැන.
    මම එතුමා පෞද්ගලිකව හඳුනන්නේ නැති උනත් මම එතුමාගේ බ්ලොග් ලිපි කියවලා තියනවා. එතුමා බොහොම බුද්ධිමත් ඒවගේම වටිනා පුද්ගලයෙක්.
    එතුමාට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  3. ඔහු වෙනුවෙන් මේ කල ගරු කිරීමට ලාන්කීය සිතුවිලි මන්ඩලයට තුති පුද කරනවා. ඔහුගේ සිහිනයන් සැබෑ කිරීම අපේ වගකීමක්. ඔහුගේ සියළුම ලිපි සංරක්ෂණය කොට පොතක් වෂයෙන් එලි දක්වා ලැබෙන ආදයම ඔහුගේ නමින් ඇරඹෙන ශිෂ්‍යත්වයට බැර කල හැකි බවත් යෝජනාවක් විදියට ඉදිරිපත් කරනවා.

    ReplyDelete
  4. ගුරු තුමනි අමා නිවනින් සදා සැනසිල්ල වෙවා!..

    ඔබට නිවන් සුව..

    කල හැකිදේ උපරිමයෙන් කල ....සුජාත මිනිසෙකුගේ නික්මයැම.....

    ජිවිතයට බොහෝ පාඩම් කියාදුන් මිනිසෙක්

    ReplyDelete
  5. මෙතුමාට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ටැබූගේ බ්ලොග් එක හරහා ක්‍රියාත්මකයි. කරුණාකර ඊට ඔබේ විරෝධය ප්‍රකාශ කරන්න.

    http://taboosubjects.wordpress.com/2010/07/27/169

    ReplyDelete