Saturday, October 1, 2011

බ්ලොග් ඉවත් කරයි - අවධානයෙන් සිටින්න

ලාංකීය තුල තිබෙන සියලුම [ 2000 කට අධික ] බ්ලොග් නැවත පරික්ෂාවකින් පසු

1. දැනට වැඩ නොකරන [url එක වැඩ කරන්නේ නැති]
2. හුදෙක් සල්ලි සෙවිමට පමණක් යොදාගන්නා අඩවි

http://syndi.lankeeya.lk/adminlog

සියල්ල ඉවත් කෙරේ


මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඉහත සඳහන් කල ආකාරයේ බ්ලොග් අඩවියක් ඔබටත් ඇත්නම් සැලකිලිමත්වන්න




ලංකීයේ ඉන්න කට්ටියට අමතරව ලාංකීය ගැන උනන්දු වෙන ... ඒක හොදට තියනවා දකින්න කැමති ස්වකැමැත්තෙන්ම මේ වැඩේට උදව් කරන පිරිසක් සමග මේ වැඩසටහන සිදුවෙයි.



තවත් යෝජනා චෝදනා තිබේ නම් ඉදිරිපත් කරන්න

23 comments:

  1. එල එල හොඳ වැඩක්....

    ඇඩ්මින් තුමාල මගේ " බ්ලොග් ප්‍රමෝ" ව අනුමත කලේ නැත්තේ ඇයි කියල හැකියාවක් තියනවා නම් මාව දැනුවත් කරනවද

    ReplyDelete
  2. එහි ලියැවෙන්නේ වෙනත් අඩවියකින් උපුටා ගත් ලිපි නිසා හා ...
    එය හුදෙක් සින්ඩියක් වැනි දෙයක් නිසා ... එය අතුලත් කරගත නොහැකි බව පවසමු.

    ඔබට හැකි නම් ඒ නව බ්ලොග් කරුවන් දැනුවත් කරන්න... ලාංකීයෙට බ්ලොග් එක අතුලත් කරන්න කියලා

    ReplyDelete
  3. කැමැත්තක් , ඔබගේ වාහනය ඔබගේ පෙට්‍රොල් :D

    හැබැයි මේ කථාව වැරදියි

    //එහි ලියැවෙන්නේ වෙනත් අඩවියකින් උපුටා ගත් ලිපි//

    කිසිම "ලිපියක්" උපුටා ගත්ත ඒවා නෙවෙයි ..

    ලාංකීය ගැන දැනුවත් කරන්න දෙයක් තියේද , හැමෝම දන්නවනේ , මගේ බ්ලොග් එකෙන් (බුවාගේ සිතුවිලි ) දක්වන්න පුලුවන් සහයෝගය දක්වලා තියෙන්නෙ කොහොමටත්

    ReplyDelete
  4. සමාවෙන්න...

    ඔබ නිවැරදියි ...නුදුරේදි එම අඩවිය ලාංකීයෙට එකතු වනු ඇත.

    ReplyDelete
  5. What about gossip sites? which are doing just copy & paste posts from other sites?

    ReplyDelete
  6. But don't categorize blogs like Sinhala Blog Kiyawanaya did. Just remove unnecessary blogs. Thanks!

    ReplyDelete
  7. ඔව් කිසිම වර්ග කිරිමක් කරනු ලබන්නේ නැත. අනවශ්‍ය /පිටපත් කර ඉදිරිපත් කරන අඩවි ඉවත් කරනු ඇත

    ReplyDelete
  8. ස්වක්‍රීයව බ්ලොග් අඩවි ඇතුල් කරන්න පුලවන් ලාංකීය සිතුවිලි වලට. මේ කාරනාව සමග අන් අයගේ අඩවි ඉවත් කරත් ඒ අය නැවත ඉල්ලීම් කිරිමක් සිදු උවොත් බ්ලොග් ඉවත් කිරමේ තේරුමක් නෑ නේද. මේ ගැනත් අවධානය යොමු කරොත් හොදයි.

    ReplyDelete
  9. ඉතාමත් හොඳ වැඩ පිළීවෙලක්... මෙම කටයුත්ත සෑම සින්ඩියක් විසින්ම පාහේ වසරකට වරක්වත් අවම වශයෙන් කල යුත්තක් ලෙසයි මා දකින්නේ...

    ReplyDelete
  10. නියම වැඩක්....

    ReplyDelete
  11. පොඩි අයිඩියාවක් කියන්නද?..නිවුස් සයිට් ඔක්කොම සාමන්‍ය රීඩර් ලිස්ට් එකේ පෙන්නන්නෙ නැති වෙනම කාන්ඩයකට ඇඩ් කරන්න.. lankeeya.lk/newsblogs වගේ..මොකද සමහර වෙලාවට ඒවා මලම වාතයක්..නිවුස් බලන්න ඕනි කට්ටියට කෙලින්ම ගිහින් බලන්න පුලුවන්නෙ ඒවා..

    ReplyDelete
  12. එල එල ..........
    පොඩි අදහසක් තියනවා, ඊමේල් සබ්ක්‍රයිබර් එකක් දැම්මොත් මොකද?
    මොකද දවස් දෙක තුනක් කියවන්න බැරි උනොත් අපිට පරණ ලිපි කියවන්න ලැබෙන්නෙ නැහැ, ඔයාලා කියවන්න දීලා තියෙන්නෙ පේජස් තුනක් විතරනෙ ........

    එතකොට අපිට දවස් ගානක් ගියත් පරණ ලිපි කියවන්න පුලුවන් ...
    මම මේක කියන්නම කියලා හිටියෙ .......

    ReplyDelete
  13. ලාංකීය සිතුවිලි වලට මම හදවතින්ම සුබ පතනවා ......

    ReplyDelete
  14. පෞද්ගලික බ්ලොග් වෙනම වැටෙන ලෙස වෙන් කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි....මොකද එක එක අයගේ හෑලි කියවනවට වඩා වැදගත් අර්ථවත් යමක් ගන්න එන කියවන්නන්න් අප රැක ගත යුතුයි...හෑලි ලිවීමට වඩා අර්ථවත් යමක් කිවීමට මහන්සි වන බ්ලොග් ලියන්න්නන්ට අප සාධාරණයක් ඉටු කල යුතුයි,මොකද දීර්ගකාලීන බ්ලොග් අවකාශයේ සාර්ථකභාවයට ඔවුන් සාධනීය මෙහෙවරක් ඉටු කරන බැවිනි...

    ReplyDelete
  15. මධුශාන් මලයා, කල්හාර සහෝ හා ඇනෝ කී අදහස් තුනම ක්‍රියාත්මක කල හැකි නම් අගනේය. විශේෂයෙන්ම ඊ-මේල් ලියාපදිංචි ලිපියක් ලබා ගත හැකි නම් ඉතා වටනේය...

    ලාකීය සිතුවිලි දිනේවා...!!!

    ReplyDelete
  16. හොද වැඩක්. විවාදයක් නෑ. සින්ඩි වලින් දැනට 1 ලාංකීය.

    ReplyDelete
  17. @ රාජ් හත්මාලුවේ කිසිම බ්ලොග් අඩවියක් ඉවත් කරන්නේ නෑ. අනික ලාංකීයට වැඩිය හත්මාලුවේ ලිපි යනවා.

    හත්මාලුව 1
    ලාංකීය 2
    කොත්තු 3
    සංසදය 4 :P

    ReplyDelete
  18. අපෝ හත්මාලුව චාටර් News විතරමයි ර්‍රයා

    ReplyDelete
  19. ලංකීය සිතුවිලි සින්ඩිකේටරයට ස්තූතිකරන අතරම ඔබලා විසින් පවත්වාගෙන යන පටස් හෙවත් අපි බ්ලොග් ලිපිය ලියූ සැනකින් එය සින්ඩිකේටරයේ දැක්වීමට ලබා දී ඇති පහසුකම බෙහෙවින් අගය කරන අතර ඇතැම් සින්ඩිකේටර වල සමහර විටක අප ලියු නව ලිපි යාවත්කාලීන නොවීම හා ලිපිය ලියා පැය ගණනාවකට පසු එය සින්ඩිකේටරයේ දැක්වීම වැනි හේතු හමුවේ මෙම පහසුකම ඉතාමත් හොද බවද දැන්වීමට කැමැත්තෙමි...

    ReplyDelete