1. බ්ලොග් අඩවියක් ඇතුලත් කිරිම
නව ක්‍රමය අනුව ඔබ බ්ලොග් අඩවියක් ඇතුලත් කරන්නේ නම්
http://lankeeya.lk/ ගොස් ලියාපදිංචි වි, අඩවිය තුලට පිවිසි ඉල්ලීම කල යුතුයි. ඉන්පසු ඔබගේ තොරතුරු වෙනස් කිරිම මෙන්ම නව බ්ලොග් අඩවි ඇතුලත් කිරිමද සිදු කල හැක
2. පුවත් අඩවි හා දිනකට ලිපි වැඩිපුර ලියන අඩවි
මෙම වර්ගයට අදාල වන බ්ලොග් අඩවි වම්පස වෙනම විදහා දක්වයි. යම් හෙයකින් ඔබ බ්ලොග් අඩවිය දිනකට ලිපි දෙකකට වඩා දිගින් දිගටම එක් කරන්නේ නම්. එවා ස්වයංක්‍රීයවම වම් පස තීරුවට ඇතුලත් වෙයි. දැනට එහි ඇතුලත් වන්නේ පුවත් අඩවි පමණි. පුවත් වල තරඟකාරිත්වය මත එසැනින් පුවත් එම තීරුව තුල දිස්වනු ඇත. එහෙත් තව දුරටත් එම අඩවි හිමියන්ට පටස් පහසුකම සලාසා දී ඇත. යම් හෙයකින් එම පහසුවද අනවශ්‍ය ලෙස යොදා ගන්නේ නම් පටස් පහසුකමද ඉවත් කීරිමට සිදු වනු ඇත
3. සිතුවිලි නිම්නය
ලාංකීය සිතුවිලි පාඨක ඔබට, මීට පෙරද ඉදිරිපත් කල සිතුවිලි නිම්නය නම් වූ අන්තර්ජාල බ්ලොග් මැගසින් නව කලාප 2012 වර්ෂයේ සිට නැවත ඔබ වෙත රැගෙන එයි.
http://magazine.lankeeya.lk/ ඔස්සේ වඩා රසවත් සහ නිර්මාණශීලි ලිපි ඇතුලත් කර ඇත. එහි පළ කිරිමට ඔබටත් ලිපි ඇත්නම් එහි ඉහළ දී ඇති අයිතමයන්ගෙන් "නිර්මණ එවන්න" යන සැබැඳිය හරහා අපව අමතන්න.
4. සිතුවිලි කතාබහ
පරීක්ෂණ මට්ටමේ ඇති කතාබහ කල හැකි නව පිටුවක්
http://syndi.lankeeya.lk/chat.php හරහා හඳුන්වා දී ඇත. මේ සඳහා ඔබ ලියාපදිංචි විය යුතුය. තවද මෙම කතාබහේ කොටසක් සැම විටම සින්ඩියෙහි වම් පස දක්වා ඇත. එම නිසා ඔබට කීමට ඇති පණිවිඩ හා නිවේදනද මේ හරහා යාවත්කාලීන කල හැක
තව දුරටත් සින්ඩියෙහි මුල්පිටුව අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කරන බ්ලොග් අඩවි තිබේනම් කෙමන්ටුවක් ලෙස පහතින් දක්වන්න. අවශ්‍ය පියවර ගනු ඇත.
නිර්නාමික කමෙන්ට්ද විවෘත බැවින් හා කමෙන්ට් මොඩරේට් යොදා ඇති නිසා ඔබගේ අදහස් නිදහසේ දක්වන්න. ලාංකීය තුල තව වෙනස්කම් අවශ්‍ය නම් හෝ වෙන යෝජනා චෝදනා ඇත්නම් එවාද දක්වන්න