Saturday, January 21, 2012

ජනවාරි 22 කලාපය - සිතුවිලි නිම්නය

ඔබගේ බ්ලොග් අඩවිය තුල එදාමෙදා තුර ලියවුණු රසවත්ම හා හරවත්ම ලිපිය හෝ වෙනත් බ්ලොග් අඩවියක ඔබ දුටු වටිනා ලිපි සිතුවිලි නිම්නය තුලට එකතු කිරිමේ අවස්ථාව නැවතත් ඔබ වෙත ලැබි ඇත. වර්ෂ 2012 දි නැවත ආරම්භ කරන ලද සිතුවිලි නිම්නය වූ ලාංකීය සිතුවිලි මැගසින් කලාපය දැන් නැවතත් සතියකට වරක් බැගින් ඔබ වෙත රැඟෙන එයි. නව කලාපය ජනවාරි 22 කලාපය හිදි දැක ගත හැක.

ඔබ විසින් එවන ලද හෝ අප විසින් තෝරා ගන්නා ලද ලිපි හා කව්‍ය නිර්මාණ දැනට එකතු කරගැනේ. තවද අප විසින් එකතු කරගන්නා නිර්මාණ එහි පෙන්විම ඔබගේ හිමකම උල්ලංගනය කරයි නම් වහාම අපට  දන්වන්න

පෙර කලාප හා නිර්මාණ එවිම සඳහා http://magazine.lankeeya.lk/ හි  ඉහළින් ඇති අයිතම තීරුව තොරාගන්න

Thursday, January 12, 2012

Android - ලාංකීය ඇප්ලිකේෂනය

ප්‍රථම වරට ලාංකීය සිතුවිලි සඳහා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් නිකුත් කරන ලදී. අකුරු ලෙස සිංහල යුනිකෝඩ් භාවිත කරන බැවින් සිංහල යුනිකේත නිවැරදිව ක්‍රියාත්මක, ඇන්ඩ්‍රොයිඩ් පාදක ඕනෑම ජංගම දුරකතනයක් සඳහා නිවැරදිව ක්‍රියාත්මකයි.



දැනට -
සැම්සුන් ගැලැක්සි සඳහා නියමාකාරයෙන් භාවිත වෙයි

ගැලැක්සි Ace හි දර්ශණය වන අයුරු
ස්තුතිය - කණියා

ගැලැක්සි Mini හි දර්ශණය වන අයුරු
ස්තුතිය - කෝච්චියා

ගැලැක්සි Y හි දර්ශණය වන අයුරු
ස්තුතිය - සෝරෝ


මෙම බැඳියෙන් භාගත කර ගත හැක. හෝ පහත පින්තූර මත ක්ලික් කිරිමෙන් භාගත කරගත හැක. ඔබගේ ජංගම දුරකතනයේ Application settings හි  Unknown sources භාවිතයට ඉඩදී නැත්නම් එයද නිවැරදිව සකසා ගන්න



ඔබගේ ජංගම දුරකතනයට ඇතුලත් කරගත්තා නම් අප වෙත ස්ක්‍රීන් ෂොට් එකක් එවිමට කාරුණීක වන්න

Tuesday, January 10, 2012

නව වෙනස්කම්

1.  බ්ලොග් අඩවියක් ඇතුලත් කිරිම
නව ක්‍රමය අනුව ඔබ බ්ලොග් අඩවියක් ඇතුලත් කරන්නේ නම් http://lankeeya.lk/ ගොස් ලියාපදිංචි වි, අඩවිය තුලට පිවිසි ඉල්ලීම කල යුතුයි. ඉන්පසු ඔබගේ තොරතුරු වෙනස් කිරිම මෙන්ම නව බ්ලොග් අඩවි ඇතුලත් කිරිමද සිදු කල හැක

2. පුවත් අඩවි හා  දිනකට ලිපි වැඩිපුර ලියන අඩවි
මෙම වර්ගයට අදාල වන බ්ලොග් අඩවි වම්පස වෙනම විදහා දක්වයි. යම් හෙයකින් ඔබ බ්ලොග් අඩවිය දිනකට ලිපි දෙකකට වඩා දිගින් දිගටම එක් කරන්නේ නම්. එවා ස්වයංක්‍රීයවම වම් පස තීරුවට ඇතුලත් වෙයි. දැනට එහි ඇතුලත් වන්නේ පුවත් අඩවි පමණි. පුවත් වල තරඟකාරිත්වය මත එසැනින් පුවත් එම තීරුව තුල දිස්වනු ඇත. එහෙත් තව දුරටත් එම අඩවි හිමියන්ට පටස් පහසුකම සලාසා දී ඇත. යම් හෙයකින් එම පහසුවද අනවශ්‍ය ලෙස යොදා ගන්නේ නම් පටස් පහසුකමද ඉවත් කීරිමට සිදු වනු ඇත

3. සිතුවිලි නිම්නය
ලාංකීය සිතුවිලි පාඨක ඔබට, මීට පෙරද ඉදිරිපත් කල සිතුවිලි නිම්නය නම් වූ අන්තර්ජාල බ්ලොග් මැගසින් නව කලාප 2012 වර්ෂයේ සිට නැවත ඔබ වෙත රැගෙන එයි. http://magazine.lankeeya.lk/ ඔස්සේ වඩා රසවත් සහ නිර්මාණශීලි ලිපි ඇතුලත් කර ඇත. එහි පළ කිරිමට ඔබටත් ලිපි ඇත්නම් එහි ඉහළ දී ඇති අයිතමයන්ගෙන් "නිර්මණ එවන්න" යන සැබැඳිය හරහා අපව අමතන්න.

4. සිතුවිලි කතාබහ
පරීක්ෂණ මට්ටමේ ඇති කතාබහ කල හැකි නව පිටුවක් http://syndi.lankeeya.lk/chat.php හරහා හඳුන්වා දී ඇත. මේ සඳහා ඔබ ලියාපදිංචි විය යුතුය. තවද මෙම කතාබහේ කොටසක් සැම විටම සින්ඩියෙහි වම් පස දක්වා ඇත. එම නිසා ඔබට කීමට ඇති පණිවිඩ හා නිවේදනද මේ හරහා යාවත්කාලීන කල හැක


තව දුරටත් සින්ඩියෙහි මුල්පිටුව අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කරන බ්ලොග් අඩවි තිබේනම් කෙමන්ටුවක් ලෙස පහතින් දක්වන්න. අවශ්‍ය පියවර ගනු ඇත.


නිර්නාමික කමෙන්ට්ද විවෘත බැවින් හා කමෙන්ට් මොඩරේට් යොදා ඇති නිසා ඔබගේ අදහස් නිදහසේ දක්වන්න. ලාංකීය තුල තව වෙනස්කම් අවශ්‍ය නම් හෝ වෙන යෝජනා චෝදනා ඇත්නම් එවාද දක්වන්න